ep 135

2.4K 297 16
                                    

Ep 135
මම හොටෙල් එකට ඇතුල් උන ගමන් හැමෝගෙම ඇස් මම දිහාවට යොමුවෙලා
ඩයිනා මගෙ අත මිරිකලා මට ඉස්සරහ පුටුවකට යන්න කියල ඌ පිටිපස්සෙ ශීට් එකක වාඩි උනා
හැමෝටම ඕනෙ උනා මට අතට අත දෙන්න මාත් එක්ක කතා කරන්න
මොන මොනව හරි කියන්න
මේ කවුරුත් දන්නෙ නෑ ඩයිනා ඇරුනාම මම් හිටපු දුක්කිත තත්වෙ
උඩින් ලොකුවට හිනාවෙලා හයි ෆයි දාලා හායි කියලා හිටියට
හිත යට තියෙන ගිනි ගොඩ මේ කාටවත් පෙනෙන්නෙ නෑනෙ
ඒත් ඒ වෙලාවෙනම් මම හිටියෙ සතුටෙන්
ඩයිනා මගේ හිත හදලා තිබුනෙ මට තියෙන්නෙ පොඩි ලෙඩක් ඒක හොදකරගන්න පුලුවන් කියලා

ෆේමස් වෙස්ටර්න් ඩාන්සින් අයිටම් කීපෙකට පස්සෙ අවෝඩ්ස් දෙන්න ගත්තා
අපිට කුසලාන දෙන්න ආවෙ ස්පෝට් මිනිස්ටර්
මගේ නම ගෝල්ඩන් ශූ එකට කියවුනා
ඒක තරගාවලියේ දක්ශම ක්‍රීඩකයගෙ සම්මානෙ
මම ඒක ගන්න යද්දි හැමෝම පුටුවලින් නැගිටලා අත්පුඩි ගැහුවා
ඇමති කියුවා මම හොදට සෙල්ලම් කරා
එයා බ්‍රොන්ස් මෙඩල් මැච් එක බැලුවා
"මිස්ට සන්ජුල අපේ නැශනල් ටීම් එකට ජොයින් වෙලා ඔයාගෙ ජාතික වගකීම ඉටුකරන්න
ඔයා වගේ දක්ශ ක්‍රීඩකයො ශේප් කරලා ගන්න අපි ඕනෙ වියදමක් දරන්න සූදානම්"
මම ඒවෙලාවෙ ඔහේ ඔලුව වැනුවා
මට ඕනෙ නෑ ඇමතියෙක් එක්ක වේදිකාව උඩ හුරතල් වෙන්න
පස්සෙ ඇමතියා වේදිකාවෙන් බැහැලා ගියා මට නිවේදකයො සබාවට කතා කරන්න කියුවා

"සුභ සන්ද්‍යවක් මිත්‍රවරුනි
තරගාවලිය පුරා මාත් ස්මග කරට කර තරග කරපු ඔබ සියලු දෙනාටම ස්තූතී
ඔයාල හැමෝම හොදට සෙල්ලම් කරපු නිසයි අපි හැමෝටම ප්‍රේක්ශකයන් සතුටට පත්කරලා මේතරම් හොද ජනතා ආකර්ශනයක් මෙමෙ ක්‍රීඩාවට ලබාදෙන්න පුලුවන් උනේ
ටූනමන්ට් කියපු ගමන් ක්‍රිකට් විතරයි කියලා හිතන ලන්කාවට ෆුට්බෝල් කියලත් දෙයක් තිහෙනව කියන එක අපි ලන්කාවටම පෙන්නුවා
මේ පාර ක්‍රිකට් වලට තියෙන තැනම අපි ෆුට් බෝල් වලටත් ගත්තා
එහෙම බැලුවොත් අපි ඔක්කොම ශූරයෝ

මම කැමතී මුලින්ම මේ ලීග් එක සන්විදානය කරපු සන්විදායක මන්ඩලයටත් සියලුම ටීම් වල මගේ සහෝදර ක්‍රීඩක ඔබටත්..ඒවගේම මේ තරගාවලිය පුරාම අපේ හැකියාවන් ජනතාව අතඩට අරගෙන ගිය මීඩියා මිතුරන්ටත්
වැඩි පුරම ස්තූති කරන්න ඕනෙ මගේ ටීම් එකේ සහෝදරයො ඔක්කොටම කෝච්ට වගේම කලමනාකාරීතවටත්
ඒවගේම මගේ අම්මා අයියලා දෙන්නා අක්කා අපෙ ගෙදර අම්මා ඒ පස් දෙනයි මාව මේ තරමට උස් මහත් කරේ හොද ක්‍රීඩකයෙක් වෙන්න
ඒවගේම මම මීට කලින් සෙල්ලම් කරපු හැම ක්ලබ් එකක්ම මගේ ගමේ ක්‍රීඩා සමාජය ඒකෙ යාලුවො එයාලා නිසයි මම ෆුට් බෝලෙ අදුනගත්තෙ
(මම වේදිකාවෙ ඉදන් සුදු ආලෝකයෙන් නෑවුන ප්‍රේක්ශජයො දිහා බැලුවා
මනෝජයා බඩ තඩි ගෙබ්බෙක් වගේ පුටුවෙන් උඩට ඉපිල්ලෙනවා
උගේ නම කියන්න ඌ මගේ කලමනාකරු කියන්න කියන එක අතින් පෙන්වනවා...මම් මිනිහා දිහා නොබලා මට කෙලින් අටවල තියෙන කැමරා පොකුර දිහා බලාගෙනම කතා කරා)
අවසන් වශයෙන් කියන්න ඕනෙ මගේ පෞද්ගලික කලමනාකරු රුක්මල් මුනසින්හ සහෝදරයත් මගේ හොදම යාලුවා චාරුකත් නිසයි මම මගේ එක තැන පල්වෙන ක්‍රීඩා හැකියාව මේ වගේ මුවාත් කරගත්තෙ
ඒවගේම වැදගත්ම දේ මේ මගේ අනතිම ටූනමන්ට් එක
මම මගේ අද්‍යපන වැඩ් කටයුතුවලට මුල් තැන දෙන්න ක්‍රීඩාවෙන් සමුගන්නවා
හැමදෙනාටම ස්තූතී"
අන්තිමට කියපු වාක්‍ය නිසා සභාවම දෙබරෙට ගල් ගැහුවා වගේ උනා
අපේ ටීම් එකේ උන් නැගිටලා මම කියපු දේට එලිපිටම විරෝධය ප්‍රකාශ කරා
මනෝජයා නම් හුස්මගන්න බැරුව ඇම ගිලලා මැරුන ඇස්ගෙඩි කෙලවල්ලෙක් වගේ පුටුවෙ පත බෑවිලා හිටියා

තිත්ත පැණිWhere stories live. Discover now