ep 83

2.1K 346 4
                                    

Ep 83
"අඩේ බන් පරිස්සමට ඕක අල්ලපන්...ගොයන් පැල තැලුනොත්නම් වැඩක් නෑ බන්"
"මම කියුවම දෙපැත්තම උස්සපල්ලා එකපාර...පෝටර් උබ අයින් වෙයන් උබේ ක්‍යන්ද ගියානෙ ඊයෙ ඕක උස්සද්දි
මොකද්ද හස්ති ඔහොම පැත්ත ගහලා ඉන්නෙ උබේ ඇගටත් ලැජ්ජයි යකෝ ගනින් පොටර්ගෙන් ඔය පැත්ත"
"ස්වැග් උබට ඇගේ හයිය තිබ්බට මෙලෝ විචාරයක් නෑබන්...තේරෙන සින්හලෙන් කියුවනේ හුට්ට නොපිටට තියන්න කියලා...මේක ප්ලාස්ටික් නෙමෙයි බන් හියන් පැල තැලුනොත් ආයෙ පැල කරන්න දව්ස් හත අටක් යනවා""
ඔය ඇහෙන්නෙ ඩයිනගෙ බෙලෙක් කට
කොල්ලො ඔක්කමලගෙන් හරක්ගෙන් වගේ වැඩ ගන්නෙ බැන බැන
සෝශල් එකට තියෙන්නෙ පැය කීපයයි
ගියපාර ෆ්ලෑශ් බෑක් ගෙනාවට ඒක ටිකක ඔඩ් වගේ නිසා
අපේ කෙල්ලන්ට ඕනෙ උනා පන්කි බෑන්ඩ් එකක් ගේන්න
ඒ නිසා මේපාර ඩැඩී බෑන්ඩ් එක ප්ලේ කරන්නෙ
හතහමාරට මියුසිකල් එක පටන් ගන්නනම්
අපි හවස හතරවෙනකොට වත් ස්ටේජ් එක කම්ප්ලීට් කරලා බෑන්ඩ් එකට දෙන්න ඕනෙලු
උන්ගෙ ලට්ට ලොට්ට මහ ගොඩක් ගැජට් කෑලි ස්ටේජ් එක පුරාම අටවගන්න ඕනෙ නිසා
කොල්ලො අටදෙනෙක් ෆුට් බෝල් අරන් පිනුම් ගහන නිසා අපේ ඩන්ස් එකට තමයි වැඩිපුරම ඉඩ වෙන් කරන්න ඕනෙ
ඒ නිසා ස්ටේජ් එක ගහලා ඉවර උනාමා ඒක උඩ ඩ්‍රම්ස් කී බෝඩ් ඔක්ට පෑඩ්ස් ස්පීකර් තියන තැන් බෑන්ඩ් එකේ අය එක්ක කතා කරගෙන
ස්ටේජ් ලේ අවුට් එක හදන්න ඩයිනා බාර දීලා තිබුනේ
ඒක නිසා ඒ ගැන හිතන්න මම සාම්පුර්නයෙන් කැපවෙලා හිටියේ

අපි මේපාර වෙනස් විදියක ස්ටේජ් එකක් ගහන්නෙ දවස් ගානක ඉදලාම අපි ඒකට මහන්සි උනා
කොල්ල මාකට් එක පුරා ඇවිදලා අල ලූනු දාපු හන නූල් වලින් හදාපු ගෝනි තුන් හාරසීයක් ගෙනත් පැලුවා
පරන කොමන් රූම් එක මොනවටවත් ගන්නෙ නෑ
ඒක ලට්ට ලොට්ට බඩු අයින් කරලා පලාපු ගෝනි හෝල් එක පුරාම ඇතිරුවා
ඒ ගෝනි උඩ ඕගනික් ෆර්ටිලයිසර් ලික්විඩ් එකක පොගවපු වී ඇට දාලා පැල වෙන්න තිබ්බා
වී ගෝනි උඩ පැලවේගෙන එද්දි පැතලි ලීයක මිටක් හයි කරලා හොදට බර දාලා තලන්න ඕනෙ
එහෙම දාවස් ගානක් කරන කොට වී පැල කොලපාට වෙල්වට් රෙද්දක් වගේ වෙනවා...ඒක මාර ලස්ස්නයි සිනිදුයි...වුල් වලින් හදාපු රෙද්දක් වගේ
පස්සේ අපේ වටුවා හොදට කල්පනාල කරලා ලෝවාමහාපාය ගිනිගන්න කලින් තිබුන හැඩේ එන විදියට වේදිකාවෙ සැකැස්ම ඔටෝ කැඩ වලින් ඇන්දා
ඒකට ගැලපෙන විදියට ...හැලපයාගෙ ඉන්ස්ට්‍රක්ශන් අනුව අපි වේදිකාවෙ වට්ටුව හැදුවා
ඊයෙ රෑ එලිවෙනකන් ලී වට්ටු වලට වී දාපු ගෝනි ගැහුවා
පස්සෙ ඒ වීපැල උඩ පාට පාට ස්පේකරලා
"වෙල්කම් නිවුකමර්ස් " කියන වචන පේන විදියට පාටවල් ස්ප්‍රේ කරා
ස්ටේජ් හයර් කරන තැනකින් ගෙනාපු ලී වානේ කෑලු පුරුද්දලා ග්‍රවුන් එක මැද ස්ටේජ් එක ගැහුවේ උදේ ජුන්නො රැග් එකට අරන් ගියේ
සමප්‍රදායට අනුව අපිට ජුන්නන්ට පෙන්වන්න බෑ සෝශල් එකක් දෙන්න ලෑස්තිවෙන බව රෑවෙනකන්ම
වර්ග අඩි හැටක ලොකු විශාල වේදිකාවට
වී දාපු ගෝනි ගහපු වට්ටු ගෙනත් සෙට් කරලා...වේදිකාව උඩ
පිච්චෙන්න කලින් ලෝවාමහාපාය තිබුන විදියෙ අනුරුවක් හැදුවා

තිත්ත පැණිWhere stories live. Discover now