ep 113

2K 328 8
                                    

Ep 113
අපි ඔඩිටෝරියම් එකට යද්දි ඒක කනපිට ගහලා වගේ
ප්‍රජාතාන්ට්න්‍රිකයො කලින්ම ජයග්‍රහනය සමරන්න සූදානම් වෙලා ඉදලා තියෙන්නෙ
උන් මුල ඉදලම දැනගන්න ඇති මේ සැරේ දිනුම උන්ට බව
මොකද අපිට සුනාමි දීපු කේස් එකනිසා දෙයියා ප්‍රමුක සමමාජවාදීන් අවුට් වෙලා ඉවරයිනෙ තරගෙ පටන් ගන්න කලිනම්
සමසමාජවාදීන්ගෙන් හැලෙන චන්ද ටික ප්‍රජාතාන්ත්‍රිකයො ගානට උන්ගෙ මල්ලට ඔබා ගන්න ඇති
ඇත්තටම අපිට ඒ තරම් චන්ද කරලා හුරු නෑ
අපි ප්‍රදර්ශනාත්මකව ලස්සන කැම්පේන් එකක් කරාට ප්‍රජාතන්ත්‍රිකයො මොලෙන් ගේම ගහන්න ඇති
එයාලා සමසමාජවාදින්ගෙන් හැලෙන චන්ද හරියටම අදුන ගෙන ඒවා තනි තනියෙම විසිට් කරලා කතා බහ කරලා උන්ගෙ පැත්තට ගානට නම්ම ගන්න ඇති
අපි සෙකන්ඩ් ඉයර් කොල්ලො ටිකක් හිතේ තියෙන හයියට පොලිටික්ස් කරාට ඒක ලොකු ඉන්ඩස්ට්‍රි එකක්
ඒකෙ මුල් ගිහිපු තැන් හරියට අදුන ගන්න කාලයක් ඒ දේශලාලනේ එක්කම වැලලිලා කුනුවෙන්න ඕන
මුලු ඔඩියම නිල් කොල මෙරූන් පාට වලින් සරසල
ප්‍රජාතාන්ත්‍රිකයන්ගෙ කොඩියෙ මේ පාට තුන තමයි තියෙන්නෙ
උන් හොදට හුරේ දාල ලැබූ ජයග්‍රහනය විජයග්‍රහානයක් වගේ සමරනවා
අපේ උන් සද්ද නැතුව අරුන්ගෙ ගොන් පාට් බලන් ඉන්නවා
සමසමාජ පාක්ශිකයොනම් එකෙක් වත් නෑ
උන්ට මේ ඔඩියෙ නිල් කොල දිලිසෙනව බ්ලන් ඉ න්න බැරි ඇති
හැමදාම ච්න්දෙට පස්සෙ ඔඩිටෝරියම් එක දිලිසුනේ රතෙන්
අපේ කැම්පස් එක ප්‍රසිද්ද රතු බ්ලකොටුවක් විදියට
ඒත් අද සමසමාජෙ අය ටික දෙනෙක් විතරයි ඇවිත් තියෙන්නෙ අනෙක් අය ඇවිත් නෑ පරාජය දරාගන්න බැරුව
ඩිමොක්‍රෙට්ස්ලා ලොකූ පපරයක් ගහනව ශාලාව දෙව්නත් වෙන්නම
ඔඩිය මැද පොඩි වේදිකාවක් වගේ හදලා
වෙනද නැතුවට අද දේශපාලන නායකයො වගේකුත් ඇවිත් උත්සවේට
ඒකෙන් පේනවා ප්‍රජාතන්ත්‍රවදීන්ගෙ දිනුමත් එක්ක කැම්පස් එක වෙනම පැත්තකට ගමන් කරයි වගේ
සමහරවිට අපේ කැම්පස් එක රජය කරන හැම මගුලකට එහෙයි කියන පන්දම් අල්ලන තැනක් වෙයි ඉස්සරහට
ඒක දැක්කමනම් දුක හිතුනා
අපේ අන්න්‍යතාව අපිම පාවලා දුන්න වගේ වැඩක්
විශවවිද්‍යල පරිපාලනේ මැතිවරනය මෙහෙයවන මූලික උන අයත් ඉස්සරහම පුටුවල වාඩිවෙලා හිටියා

තිත්ත පැණිWhere stories live. Discover now