ඒ අස්සෙ ඩයිනාත් ආවා
වෙලාවට ඌ පොඩි පොඩි දේවල් ගැන ලොකුවට හිතන්නෙ නැති නිසා අවුලක් නොගෙන මගේ පිටට තට්ටු කරලා ගියා
වෙන එකෙක් නම් ඒකටත් තරහවෙනවා
ඌට පුටුවක් අල්ලගන්නම් කියලා ඌ එද්දි මම පරන බඩුව ලග තියන් හුරතල් වෙවී හිටපු එක වැරදීනෙ
සහස් කොහොල්ල ගුලිය වගේ ඇගේ ඇලි ඇලි එද්දි ඩයිනගෙ ඇගේ ගැහුව වගේ මේ පිස්සු හෝන්තුව ඉක්මනට හොද මෝඩ කරත්තයක් හොයලා බැදලා දැම්මොත් හොදයි
මම හිත උඩින් හිනා උනාට හිත යටින් හිතුවෙ එහෙමයි

"ඔයාලා කාලද...මම පාන් වගයක් ටෝස්ට් කරන් ආවා"" ලෙක්චර් එක ඉවර උන ගමන් ක්‍රිශ් කියුවා
"ඔවූ කැන්ටිමෙන් කාලා ආවෙ...අලී පාන් ගෙඩියක්ම ..දැන්නම් බඩ කොන්ක්‍රීට් දැම්ම වගේ" ක්‍රිශ්ගෙ කෑම කන්න මට පිරියක් නැති නිසා මම බොරු කියුවා...ඒත් පුලුස්සපු පාන් වල සුවද මට ආයෙම බඩගිනි ඇතිකරා
"මම නම් මාලුපාන් එකක් විතරයි කෑවෙ...ඒවත් මැටිවගේ හද්ද අමුයි පිච්චිලා නෑ..." චාරු හිනාවෙවී කියුවා
මට මල පැන්නා දැන් මේකිව මෙතැන හලලා යන්නෙ නැතුව පාන් කන්නත් හදනවා
"එන්න චාරු එහෙනම් අපි කමු...ස්වැග් ඔයාට ඉන්න පුලුවන්නෙ අපි කාල ඉවර වෙනකන් " දෙන්නා කද්දි මට හොදටම කටට කෙල ඉනුවා
මැහ්ද්දෙ හිල තියෙන වඩයක් එක්ක කට ඇලෙන ගානට සීනි දාපු ප්ලේන්ටියක් කැන්ටිමෙන් බොනවා කියලා හිත හදාගෙන මම අහක බලන් හිටියා
දැන් බඩ ගිනී නෑ කියලා අයෙ ඕක ඉ ල්ලගෙන කන්න බෑනෙ
"ඇහුවට තරහ වෙන්න එපා පිරිමි ලමයි දෙන්නෙක් එකට ඉන්නව කියුවම ඒක අමුතුයි නේද හැමදේම අමුතු විදියට නේ කරන්න වෙන්නෙ""
අපෝ ක්‍රිශ්ගෙ ජරා කටනම් වෙනසක් වෙලා නෑ
"ඔවූ පිටින් බලන අයට ඒක අමුතු ඇති
මටත් ඒක මුලදි වෙනස් කියලා හිතුනා
ඒත් ස්වැග් එක්ක ඉද්දි ඒකෙ ලොකු වෙනසක් නෑ කියලා දැනුනා
ගෑනියෙකුයි මිනිහෙකුයි කරන දේවල් කොල්ලො දෙන්නෙක් බෙදාගෙන කරනවා...ලමයි හදන්න බෑරි එක ඇරුනාම අනෙක් ඔක්කොම නෝමල් ""
චරුවා සම රිසි පප්පෙක් වගේ කියුවා
මෝඩයා පොර ටෝක්ස් දුන්නට හරියටම ගේ කියන්නෙ මොකද්ද කියන එක දන්නෙත් නෑ...ඔය ටිකත්න්මගෙන් අහුල ගත්ත ඒවා
"මේක සුලා දන්නවද?"

"ඔවූ එයා දන්නවා ...මම එයාට කියුවා"
ඒකනම් මාවත් ශොක් උන ආරන්චියක්
මට ඒ ගැන චාරුව කියුවෙ නෑනෙ මම ඕනෙ කමෙන් කන දික්කරන් අහගෙන හිටියා
"එයා ඒකද දැන් කැම්පස් එන්නෙ නැත්තෙ"
"නෑ ඒකම නෙමෙයි හේතුව....එයාට වෙන මොනව හරි ප්‍රශ්නවගයක් තියෙනවා"
"චාරු සුලාට මේක කිටුවම එයා ශොක් උනාද මම වගේම"
""ඔයා වගේ ශොක් උනාද කියන එක මම දන්නෙ නෑ ...ඒත් එයා ඒක කලින් ඉදලා දැනගෙන හිටියා වගේ තමයි කතා කරේ...මගෙන් ම ඒක දැනගන්නකන් එයා ඉවසගෙන හිටියලු ""
"මම නම් පොඩ්ඩක් වත් දැනගෙන හිටියෙ නෑ...ඒකයි ෆොටෝ දැක්කම මට පිස්සු හැදුනෙ"
"සුලා ට කාලයක් ඉදලාම තේරුනා මගෙන් එයාට ඕනෙ ආදරේ ලැබෙන්නෙ නෑ කියන එක ...ඒත් මොකද මන්දා එයා ආත් එක්ක දිගටම හිටියා...සමහරවිට මම ඒ දව්ස් වල ලොකු ප්‍රශ්න ගොඩක හිටියෙ...එයට හිතෙන්න ඇති ඒවගේ තත්වෙකදි මාව දාල යන එක පවු වැඩක් කියලා...ඒක නිසා එයා ප්‍රශ්න විසදෙනකන් ඉදලා...මාත් එක්ක සුහදව කතා කරලා වෙන් උනා....ඇත්තටම වෙන් උනා කියන්නත් බෑ
එයා මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇතිකරගත්තෙ නෑ
දැනට සති තුනකට කලි සුලක්කනා මට අන්තිමට කතා කරේ
එතකොටත් ෆෝන් එක තිබ්බෙ අයි ලවු යූ කියලයි"
"පවූ එයාට දුක ඇති..ඒකයි කතා නොකරනෙ"
"නෑ ඊට ගොඩක් කලින් අපි මේ ගැන කතා කලේ...."
"එයා ඇඩුවෙ නැද්ද?...එහෙම නැත්තන් ඔයාට කියුවෙ නැද්ද ස්වැග් අමතක කරන්න කියලා"
"නෑ එයා දැනගෙන හිටියා...මොනව කරත් මගේ ආදරේ වෙනස්වෙන්නෙනෑ
මම ස්වැග් හැර වෙන කෙනෙක් එක්ක ජීවත් උනත්
ස්වැග්ට ඇරෙන්න ඒ කෙනාට ආදරේ කරන්නෙ නෑ කියන එක
ඒ වගේම එයා දැන ගත්තා මේ අවුරුදු එකහ මාර වගේම කිසිම රහක් නැතුව ඔහේ ගෙවෙයි එයාගෙ මුලු ජීවිතේම
නිකන් හැගීම් දැනේම් නැති ලී බෝනික්කෙක් එක්ක ඉන්නව වගේ
එක්කෙනෙක්ට ආදරේ කරලා තව කෙනෙක් එක්ක බොරුවට ජීවත් වෙන එක ඒ තුන් දෙනාටම කරන අසාදාරනයක්
තුන් දෙනාගෙන් එක්කෙනෙක් වත් සතුටු වෙන්නෙ නෑනෙ අන්තිමේදි ""

තිත්ත පැණිWhere stories live. Discover now