පරමානු ඇතිබව මුලින්ම පිලිගත හැකි ක්‍රමේකට ඔප්පු කරපු ජෝන් ඩෝල්ටන් වගේ ඇන්දේ .....වැලියා...විශාල කබායකුයි නාහෙන් එල්ලෙන කන්නාඩි දෙකකකුයි දාගෙන වැලියා හොහෝ හෝ ගගා ප්‍රශර්ශන කුටිය වටේ ඇවිදිනවා...කවුරු හරි මිනිහගෙ පිටට තට්ටුකරොත් ඉන්ග්‍රීසි ඇක්සන්ට් එකකින් සින්ගල කතාකර කර ... දාහත්වෙනි සියවසයේදි ද්‍රව්‍ය හැදිලා තියෙන්නෙ පරමානු වලින් කියාල පෙනවන්න ඩෝල්ටන් කරපු පරීක්ශ තමන් කරපු වැඩ වගේ කියවනව
මුලදිනම් මේක හොදට ගියත් පසෙ අපේ උන් ඩෝල්ටන්ට හිරිහැර කරන්න ගත්තනේ
ලොකු ලෝගුවෙ
මම ඩොලී මම නාන්නෙ නැති නිසා ගදයි කියලා පෝස්ටරයක් ගහලා
ලොකු කොස්සක් වගේ රැවුලක් දගෙන බෙල්බොටම් කලිසමට ඇගට ලොකු ශර්ට් එකක් ඇදපු රදර්ෆර්ඩ් ගොයියා වගේ ඉන්න ....බෙලෙක්කයා ...ගුඩේ...හායී..ගුඩේ...කියමින් බස්තම වන වන යනවා...අපේ රදර්ෆර්ඩ් ටනම් එයා කරපු පරීක්ශන නිතර අමතක වෙන නිසා ලියාගත්ට කොලේ සක්කුවෙන් අරන් සැරින් සැරේ බලන්න වෙලා
හවස් වෙනකොට අපේ අසමජ්ජති කොල්ලො ඇදලා ඇදලම ලොකු රැවුකයි බෝ එකයි ගැලවිලා ගියා

මූන පුරා අලී රැවුලක් වවාගෙන කලුපාට ෆුල් සූට් වෙස්කෝට් ඇතුවම ඇදපු ....කොකා...ඇල්ෆ්‍රඩ් නොබෙල්...ඩයින්මයිඩ් හොයාගත්තෙ එයා කියන එක පෙන්වන්න පොලොවෙ ගැහුවම චටාස් ගාලා පුපුරන චීන පටස් මල්ලක් අතේ තියන් උත්සව භූමියෙ ඇවිදිනවා...සෙනග ඉන්න තැන් වලට ගිහින් චීන පටස් එක පොලොවෙ ගහාලා ඒක ටෝන් ගාලා පිපිරෙද්දි එන හඩට බයෙන් වෙවුලන ලමයි දිහා බලල බලා මූ ආතල් ගන්නවා.
දව්ල් වෙද්දි මේ චීන පටස් නොබෙල් පඩේ කියලා ප්‍රසිද්ද උනා...දැන් උනත් කොකා ලගට එද්දි කෑගහනවා...හා පඩින නොබෙල් කිය කිය

මීට අමතරව කෙල්ලොත් ඇදලා හිටියා මාරු කියුරිට, ඇලිස් බෝල්, විටමින් බී හොයාගත්ත ඩොරති හොඩ්කින්, රොසලින්ඩා, මේරි...මේ විදියට කන්තා විද්‍යක්නවරියන් 15ක් විතරත් හිටියා
ලොකු පිම්බිච්ච ගවුම් බොස්තොරොක්ක තිප්පි දාගෙන රේනද කුඩ ඉගලගෙන විද්‍යක්න මහත්මීනුත් එහේ මෙහේ යනවා
ඒක නිකන් වික්ටෝරියානු යුගයේ එන්ගලන්ත වීදියක් වගේ

මොනදේ උනත් අපේ ස්ටෝල්ස් එකේ වැදගත්ම අන්ගය ඇලඩින්ගෙ පහන

තිත්ත පැණිWhere stories live. Discover now