තිත්ත පැණි ...එපිසොඩ් 01

16.6K 942 152
                                    

නොදකින් 

ස්පේස් ශටල් එකක් වගේ කොළබදි විදගෙන ආපු නිසයි මේ බරකරත්තෙට අත දැම්මේ....

මේ හුචක්කුවෙ ආවට වඩා හොදයි විල්බැරක්කයක් අරන් අපි නැගලා අපිම තල්ලු දාගෙන ආවනම්

බොරුවට බනින්න එපා ....උබ එමසී එක වටේ කැරකි කැරකි හිටපු නිසානෙ පරක්කු උනේ....ප්‍රැක්ටිකල් එක ඉවර උනගමන් ආවනම් මෙලහට බෝඩිමේ

මේවට වගකියන්න ඕනෙ අපේ හිගන කැම්පස් එක...ස්පෙක්ට්‍රොෆොටෝ මීටරයක් කැඩුම හදාගන්න සල්ලි නෑ...අපි බොරුවට කොලබ උන්ගෙ පඩ බල බල චාටර් වෙන්න ඕනෙ....මට ඇනලටිකල් ලැබ් එකේ ඉන්න නරි ගෑනි පේන්න බෑ...ප්‍රොෆාට වඩා ඒකිගෙනෙ සද්දෙ

නවත්තගනි උබේ අදෝනාව....බලහන්කො අදත් බස් එක ගිහින්....තෝවගේ ගල් මූසලයෙක් එක්ක එකට රිසර්ච් කරනවට මට හොද වැඩේ...ශිට් ...ඩබල් ශිට් ....අපරාදෙ නිකන් තුන්සීයක් කෙලවෙනවා වීල් එකකට දීලා යනකොට

ආආ....වීල් එකක යන්න වෙනවා....නිකම්ම සල්ලි වියදන් කරන එක හොදනෑ

වියදම් කරන ගානට් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනෙ

තුන්සීයට හරියන ෆන් එකක් අරගෙන යමන් 

පිස්සු කියවන්න එපා පකුන්...උදේ ඉදලා ඒඅයිඑස් එක ලග නැගිටලා සාම්පල් ලෝඩ් කරලා මගෙ කකුල් දෙකත් රිදෙනවා...යමන් බෝඩිමට ගිහින් නිදාගමු ...ඕයි

අඩේ...අඩේ...එහෙම කියන්න එපා සුද්දා යමන්කෝ...උබ බන්කුවක වාඩිවෙලා ඉදපන් ...මම ටාර්ගාලා සෙට් වෙලා එන්නම් 

බීච් ගියොත්  රෑවෙයි...දැනටත් දහයයි කාලයි

ඇයි රෑ උනොත් උබෙ ගෑනි බලන් ඉන්නවද ......බෝඩිමේ ඇන්ටිට උබ ආවත් එකයි නාවත් එකයි...දැන් නාහෙ ලගට් ගිලිලා ඉවරයි....ඒ නිසා හනේ පනේ ගාන්නෙ නැතුව බීචෙකට යමන් හැමදාම නෙමෙයි නේ

ඒත් සුලක්කනාට ....බෝඩිමට ආවාකියලා මැසේජ් එකක් දානව කියලා පොරොමිස් උනානෙ

හනේ...පකුන්...තෝ වෙනදත් යන එන තැන් හරියටම සුලාට කියනවද?...දැන් දාපන් ඒකිට ආවා කියලා මැසේජ් එක...ඕකි අනික් පැත්තට අරන් බලන්නෙ නෑනෙ උබ බෝඩිමේද නැද්ද කියලා...දැනටමත් ඔය ගෑනි නයිටියත් කකුල්දෙක අස්සෙ ගහන් නිදි ඇති

තිත්ත පැණිWhere stories live. Discover now