137 කොටස

8.1K 1.1K 1K
                                    

" අම්මපා බං මම ඕකව මරාගෙන කනවා හෙට කැම්පස් ආවහම..!!"

අයුක අයියා පේපර්ස් වගයක් බල බල ඉන්න ගමන් කණ්ණාඩි දෙක පහළට කල්ලා ඇස් යටින් මගේ දිහා බලලා පෑන කැම් එක පැත්තට දික් කළා.. මම ඌටත් රවලා ආයෙම නෝට් එක ලියන්න ගත්තා..

" මූලග්ගින්න.."

" මොකක්..??"

" ඔයාට මූලග්ගින්න සුදූ.."

මම පෑන කටේ ගහගෙන අයුක අයියට දෙකක් රැව්වා.. කැම්පස් පටන් අරගෙන තාම දවස් හතරයි.. මේ ටික නම් කූල් එකේ ගෙවිලා ගියා අපරාදෙ කියන්න බෑ.. අපේ ෆැකලටියෙ ඉන්නෙ සිරාවටම හොඳ අයියලා අක්කලා ටිකක්.. තව අපේ බැජ් එකෙත් වැඩි හරියක් ඉන්නෙ අයියලා අක්කලා තමා.. ඒත් වයස වුණා කියලා ඒගොල්ලොන්ට අයියේ අක්කේ කියලා කතාකරන්න බෑ.. ඒක නීති වලට පටහැනියිලු.. කොහොම හරි කැම්පස් ගමන මේ දවස් දෙක තුනට මට හිතට අල්ලලා තිබුණෙ.. එකක් එහේ මාර ලස්සනයි.. අනික නිදහස්.. මම කරන කියන දේවල් කිසිම දෙයක් උනන්දුවෙන් බලන් ඉන්න කවුරුත්ම නෑ.. මම බලාපොරොත්තු වෙච්ච නිදහස, ඉඩකඩ හැමදේම නුවර තිබුණා.. බෝඩිමත් හොඳයි.. යළුවොයි ගෙදර අයයි නැති පාලුව තිබුණත්, ටික ටික මට ඒ ගතිය හුරු වෙන ගමන් තිබුණෙ.. දැන් තමයි මට ඇත්තටම 'නිදහස' කියන්නෙ මොකක්ද කියලා දැනෙන්නෙ.. කොළඹ හිටියනම් හැමදාම ප්‍රශ්න දාහක් විතර ඔලුවෙ තියාගෙන උදේට ඇහැරෙන්නෙ.. ආයෙම නිදාගන්නෙ.. මෙහේ ඉන්න ගත්තු දවස් කීපෙට මට දැනෙනවා මම කාලෙක ඉඳන් හොයපු නිදහසක් මගේ මුළු ඇඟම හරිම ආසාවෙන් විඳිනවා කියලා.. 

කැම්පස් එකේ තාම හොඳම යාළුවෙක් කියලා එකෙක් මට හිටියෙ නෑ.. මට එහෙම හදාගන්න උවමනාවක් තිබුණෙත් නෑ.. පැත්තකට වෙලා පාඩුවෙ සයිඩ් ගහලා ඉන්න එක ඇඟට හොඳයි කියලා හිතාගෙන ලෙක්චර් ගියත් ඉස්සරහින්ම ඉඳගන්නවා.. අලි ඔලුවෙන් නෙමේ ඉන්නෙ ඒ වුණාට මම ඉගනගන්න එක විතරක් කරනවා කියලනෙ මහ පගයා වගේ මෙහේ ආවෙ.. 

හැබැයි එහෙම ඇවිල්ලත් ඉන්න දෙන්නැති මෝඩ මූසලයො ඉන්න ෆැකලටියක් අපේ කැම්පස් එකේ තිබුණා..

" මූලග්ගින්න නෙමේ මට බඩගිනියි සුදුඅයියෙ.. ඒත් අර දෙන්නා ගෙදර එනකල් ඉන්නෙපෑ කන්න.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now