13 කොටස

13.2K 1.5K 369
                                    

" සිරාවටමද කියන්නෙ..?? මේක බලලා නෑ..?? ඊය හලෝ.."

" ඇයි.."

" ඒක බලන්න ඕනම එකක් ඕයි.. අපෝ එහෙනම් අදවත් බලනවා.."

" යන්න පරක්කු වුනොත්..??"

" තවම තුන හමාරයිනෙ.. මම හතරයි හතළිස් පහට යන්නම්.."

" ම්ම්.."

මම අයුක අයියගෙ අතේ තිබ්බ රිමෝට් එක අරගෙන 'ඒ ලෙවෙල්' ප්ලේ වෙන්න දැම්මා.. මේක මෙයැයි බලලා නැහැයි කියන්නෙ.. වැඩක් නෑනෙ අයුක අයියගෙන්.. මමනම් මේක මේ බලන්නෙ දාස්වෙනි වතාවට විතර.. තාම මුල ඉඳන් අමතක කල්ලා අගේට බලන්න පුළුවන් කතාවක්.. මගෙ ක්‍රශ් එක අනුත්තර අයියා.. පොඩ්ඩක් අයුක අයියත් වගේ.. පෙනුම නෙමේ බලන විදිය.. පැණි බැල්ම.. මට දැන් මේක බලන්න ගත්තම මූව මතක් වුණොත් මම ඇවිල්ලා ඇමති මැදුර ගිනි තියලා දානවා.. 

මට බෙන්ටෙන්ගෙ වොච් එක තිබ්බනම් කොච්චර හොඳද.. ගිනිකසයා වෙන්න..

" මික්ස් ස්කූල් ජොලි ඇති නේද.. අපි කවදාවත්ම ඉඳලා නෑනෙ.."

මම අයුක අයියා ගාවට කිට්ටු වුණාම අයුක අයියා අත් දෙක කොට්ටෙත් එක්ක ගුලි කරගත්තා.. රධ්‍ය අයියට හවස ක්ලාස් එකක් කියලා අයුක අයියගෙ නෝට්ස් ටික ලියලා දීලා ඉවරවුණු ගමන් යන්න ගියා.. කියාන් අයියත් එහෙමම ගියා මට ඉන්න කියලා.. අන්තිමට මහ විසාල විශ්වාසවන්තයො දෙන්නත් එක්ක ඇවිත් මම තනි වුණානෙ.. ආයෙනම් ඕකුන් දෙන්නව විශ්වාස කරන්නෙ නෑ මම ආත්මෙකටවත්.. අනික රධ්‍ය අයියා කිව්වොත් කියන්නෙ පච විතරයි.. ඕකා ෂනෙරු එක්ක යාළුවුනාම මම හැමතිස්සෙම ඇවිත් බාල්දි දාලා යනවා මගේ විශ්වාසෙ කඩ කෙරුවට.. විශ්වාසෙ කඩ කරපු නුඹට හිත් දෙකක් ශුඩූ..~

" ම්ම්.. වෙන්න ඇති.."

" මට ෂනෙරු කියලා තියේ.. හැබැයි ලොකු වෙද්දි කොහොමද දන්නෙ නෑ.. ඌ ගියෙත් ප්‍රයිමරි වෙනකල් විතරනෙ.."

" බෝයි ස්කූල් යන එක කම්ෆටබල්.. මටනම්.."

" මටත්.. අපි ඉතින් මික්ස් ඒවට ගිහින් නෑනෙ.. හැබැයි මෙහෙම එකකුත් තියේ.. මගේ යාළුවො දෙන්නා ඉන්න නිසා ඉස්කෝලෙ නොගියත් එච්චර දැනෙන්නෙ නෑ.. ඔයාලා එහෙමවත් ගෑණුළමයි ආශ්‍රය කරන්නෙ නෑනෙ.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now