8 කොටස

15.2K 1.6K 721
                                    

" සුභ උදෑසනක්..!! ඔබ මේ සවන් දෙන්නේ අප පාසලේ විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් මෙහෙයවන "පිණිබිඳු" උදෑසන වැඩසටහන සමඟයි.. අද දවසේ ඔබ හමුවට පැමිණෙන මම සෙනුක වත්සල් දිසානායක.."

" මම උවිඳු තෙනුවර රත්නායක.."

" ඉතින් හැමදාමත් වගේ විද්‍යාලීය මාධ්‍ය ඒකකය සූදානම් අපේම සොහොයුරන්ගේ වටිනා අදහස් නිර්මාණ ඔබ හමුවේ ගෙන ඒමට.."

මම මීඩියා රූම් එකේ එක කනකට හෙඩ්සෙට් එක වැටෙන විදියට ඒක හදාගෙන ඉඳගෙන මයික් එකට කිට්ටු වුණා.. 

" ම්ම්.. ඊටකලින් උවිඳු, අපි සිංදුවක් අහලම පටන් ගමු නේද.."

" අනිවාරෙන්ම.."

මට එහාපැත්තෙ ඉඳපු අයියා "පැන මඩ කඩිති" සිංදුව ප්ලේ වෙන්න දාලා ෆයිල් එකක් දිග ඇරගත්තම මම මයික් එක ඕෆ් කලා.. අපේ ඉස්කෝලෙ මීඩියා රූම් එකේ අමුතු අමුතු දේවල් වෙන්නෙ හිටිය ගමන්.. දවසක් බුදුන් වැඳලා ඉවරවෙලා මම මයික් එක ඕෆ් කරන්න අමතක කල්ලා 'නිල්පෑන කෝ අනේ' කියලා බෙරිහන් දීලා ඒක මුළු ඉස්කෝලෙටම ඇහිලා මීඩියා එක බාර මැඩම්ගෙන් හොඳ බැනුමකුත් අහගත්තා.. සුළු වැරදීම් වෙනවනෙ ළමයින්ගෙ අතින්.. අනික ඕක උනේ හෙන පොඩි කාලෙ.. වසවිලිලැජ්ජයි..

පිණිබිඳු කියන්නෙ අපේ ඉස්කෝලෙ උදේ හත-හත හමාර වෙලාව ඇතුළේ කරන පොඩි ප්‍රෝග්‍රෑම් එකක්.. සතියෙ දවස් වලට දෙන්නා දෙන්නා බෙදලා ඉන්නවා.. මීඩියා ස'කල් එකේ හොඳම වොයිසස් ටික එක්කහු කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක ඇදගෙන යන්නෙ.. මම ඒ කාලෙ ඉඳලම මීඩියා එකේ ඉන්න නිසා මගේ වයසෙ ප්‍රසන්ට් කරන්න හිටියෙ මම විතරයි.. අනිත් ඔක්කොම ලොකු අයියලා.. 

පොඩි මෙම්බර්ස්ලා උදේම මීඩියා රූම් එකට ඇවිත් ප්‍රැක්ටිස් කරනවා.. සමහර වෙලාවට අපේ කතාවෙ පිටපත එයාලට ලියන්න දීලා ඒවා ප්‍රසිඩන්ට් එකතුකරගෙන හැම එකෙන්ම හොඳ කොටස ගාණෙ දාලා එදාට තියන කතාව හදාගන්නවා.. එතකොට පොඩි ළමයින්ට ලියන්න උනන්දුවක් ඇතිවෙනවා.. මමත් අම්මගෙන් අහගෙන විස්තර හොයාගෙන ඉස්සර ලිපි ලියාගෙන එනවා.. 

උදේ වැඩසටහනේ මගේ කොටස් ඉවරවෙද්දි හතයි විස්ස විතර වෙලා තිබුණා.. උදේ වරුවෙ මම අයුක අයියව හොයාගන්නනෙ හිටියෙ අර මාලෙ දෙන්න.. මූ මේක නැතුව ඇඬුවද දන්නෙත් නෑ.. ශික්කෙ අඬන බබා.. මූ හැමදාම පොඩිකාලෙ අඬනවා.. තාමත් එහෙමද කොහෙද.. එදත් අඬ අඬනෙ හිටියෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYHikayelerin yaşadığı yer. Şimdi keşfedin