79 කොටස

11.1K 1.3K 914
                                    

" සෙනුක.. මට පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද.."

ඉස්කෝලෙ අඹ ගහ ගාව බකුවට වෙලා ගණන් හද හද හිටපු මම බැලුවෙ කව්ද මගේ උරහිසෙන් හොල්ලන්නෙ කියලා.. රධ්‍ය අයියගෙන් මල වදේ අප්පා මියුසික් රූම් එකට වෙලා පොඩ්ඩක් ඇලට් එකක් දාන්න හිටියෙ.. මේ යකා ඇවිත් මෙතනින් ඉන්ඳලා ගාණක් හදපන් කිව්වනෙ.. ටික දවසකින් බ්ලූ නයිට් එකනිසා අයුක අයියලා ඉස්කෝලෙ නෑ එළීයට ගිහින් උවමනා දේවල් වගයක් බලන්න.. ඉස්කෝලෙ ඉතුරුවෙලා හිටියෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙන් තුන් හතර දෙනෙකුයි රධ්‍ය අයියයි සයෝන් අයියයි විතරයි.. ඉන්ට්‍රැක් එකේ බ්ලූ නයිට් එකට උදව් කරන්න ෆොටෝග්‍රැපියයි, ලියෝ එකයි සෙට් වුණා.. ඊටපස්සෙ ප්‍රින්සිපල් කිව්වා මේක පොදු වැඩක් කියලා හිතලා ප්‍රිෆෙක්ට් කවුන්සිල් එක, ස්ටුවර්ඩ් බැජස් තියන ඔක්කොම සම්බන්ධ වෙන්න කියලා.. අපිට දැන් ඉන්න ප්‍රින්සිපල් නම් වචනෙන් කියන්න බැරි තරම් අපිට සහයෝගය දෙනවා.. කාලයක් ඉස්කෝලෙ එක්කෙනෙක් හිටියා අපෝ භාණ්ඩාගාරෙ සල්ලි හොල්ලන්නවත් දෙන්නෙ නෑ.. අපෙන්ම එකතුකල්ලා පොඩියට යමක් කලා අත පිහාගන්නවා මිසක්.. දැන් මේ ඉස්කෝලෙ දුවන කික් එක නිසා විභාගෙට මාස ගාණක් තියා වුණත් අපිට ඉස්කෝලෙ එක්ක හොඳ බැඳීමක් තිබුණා.. අම්මනම් කියන්නෙ දැන් අමතර වැඩ වලින් නිදහස් වෙලා පාඩම් කරන එක ගැන අවදානෙ දෙන්න කියලා.. මේක විතරයි ආයෙ නෑ..!!

" අරවින්ද.. වාඩිවෙයන් මොකෝ අවුල.."

අරවින්ද ෂනෙරු දිහා බලලා බිම බලාගෙන මං ගාවින් ඉඳගත්තා.. ෂනෙරු හිටියෙ මට පිටුපාලා ඉඳගෙන.. රධ්‍ය අයියා නම් අරවින්දව දැක්කා..

" අවුලක් නෑ, මේ.. පේපර්ස් ටික දෙන්න ආවෙ.."

මම අරවින්දගෙ අතේ තිබ්බ කොළපාට ෆයිල් එක ඉල්ලගෙන පොඩ්ඩක් දිගෑරලා බලලා ඒක පැත්තකින් තිබ්බා.. අම්මට දෙන්න එපැයි මේ ටික ගිහින්.. අම්මා කිව්වෙ අරවින්ද හොඳ උනන්දුවක් තියන ළමයෙක් කියලා.. ලෝකෙ පෙරළුණත් හරියට වෙලාවට කියන වැඩ ඔක්කොම කරන් ඇවිත් දෙනවා.. පොරගෙ ළකුණු එහෙමත් හොඳයි ටර්ම් ටෙස්ට් එකේ.. ක්ලාසුත් උනන්දුවෙන් ගිහින් ගැන්සි වලට සෙට් නොවී බෝඩිමට ඇවිත් පාඩම් කරනවා.. ඇත්තටම අරවින්ද ගෙවන හුදෙකලා ලයිෆ් එකට මාරම ආස හිතෙනවා.. අනික ඌ වගේ හරිම සුළු විදියට යැපෙන්න පුරුදු වෙච්ච එකෙක්ට මේ ලැබෙන දේවල් මහ මෙරක් වගේ.. ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා දකිනකොට මගේ හිතට සතුටු හිතෙනවා.. මම ඌ වෙනුවෙන් උදව් කරන්න ගත්තු එක හොඳ තීරනයක් කියලා හදවතට දැනෙන්න ගන්නවා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now