118 කොටස

8.9K 1K 891
                                    

" ආහ්..!! නුඹ වයස මටම ගැළපෙයි නම්.."

*buzz* *buzz*

" ඕහ්..!! මව්පියන් සිතට සතුටුයි නම්.."

*buzz* *buzz*

" මට සිතදී සනසලා විල කලඹලා රැයම සරසලා..!!"

" ආර්හ්!!! අනේ මේ මොන කරුමයක්ද මේ.."

මම මර නිදිමතේ එක ඇහැක් විතරක් ඇරලා ඒ ලතෝනි තියන තලගොයා මොකාද කියලා මොළේට ප්‍රොසෙස් කරගන්න ට්‍රයි කළා.. මම කොහේද මේ ඉන්නෙ.. මම මැරිලා අපායට ඇවිල්ලද.. ඒ එද්දි ෆෝන් එකත් ගෙනැල්ලද.. රනිදුත් අපායට ඇවිත් අහංකාර නගරේ කොන්සර්ට් එක දානවද..?? මම ආයෙ ඇරපු ඇහැ පියාගෙන ඇඳ හතර අතේ අතගාලා දෙදරන ෆෝන් එක අරන් කනේ තියාගත්තා.. අපේ ගෙදරට අටලොස් අක්ශෞහිනිය බැහැලා යුද්ධයක්වත් කරනවද.. පුදුම සද්දයක්නෙ යකෝ.. මේ ගෙදර මෙහෙම සද්ද බද්ද තිබ්බ සීමිත අවස්ථා වලින් එකක් මේක..

" ඔයා තාම නිදිද.."

ගෝත ලේනගෙ ගෝත කටහඬ ඇහුණහම මම ආයෙම කොට්ටෙත් බදාගෙන හොඳට හරිබරි ගැහිලා රෙද්දත් පොරවගත්තා.. මේ කොට්ටෙ අයුක අයියා වුණානම් කියලා හිතුණු දහස් වෙනි වතාව මේක.. 

" ම්ම්..??"

" දැන් අවදි වෙන්න.. නමයටත් කිට්ටුයිනෙ.. ඔයා බබාව බලන්න යන්නෙ නැද්ද අද.."

අපිට කවද්ද බබෙක් හිටියෙ.. මූ මට හොරා බබෙක් හදාගෙනද ඒ කියන්නෙ.. අපායෙ කොහෙද ළමයි..?? මේ මිනිහගෙන් මැරිලවත් නිදහස් නැතිහැටි අම්මපා.. 

" මොන බබාද.."
(ආ කැරකිලා)

" ඇයි අද ඔයා ගයනිකා මෑම්ගෙ ගෙදර යනවා කිව්-ඉස්සෙල්ලම අවදි වෙන්නකො..!! මොකක්ද ඔය ඇහෙන අමුතු සද්දෙ..??"
(ඔහොමනම් බෑ පූසො පද්දලා ගන්නෝන *meowwwww!!!!*)

මම හරි සිහිය එළඹ ගන්න කොට්ටෙත් බදාගෙන මුනින් අතට හැරිලා ඇස් ඇරගෙන ජනේලෙන් එළිය බලන් හිටියා.. මෙහෙම ඇඳේ ඉඳන් වෙලාව කියන්න මට සහජ හැකියාවක් තියේ.. අර පිච්ච වැලෙන් උඩට ඉර ඇවිත් කියන්නෙ මම හුඟක් වෙලා නිදාගෙන කියන එක.. නින්ද යන්නෙ නැද්ද අර නරියා ඊයෙ රෑ ෆිල්ම් එකක් බලන්න ඕන කියලා සනම් තේරි කසම් දාගෙන බලන්න ගත්තනෙ.. පොඩ්ඩක් නින්ද යාගෙන ආවොත් 'උඹට මාත් එක්ක තමා ෆිල්ම් එකක් බලන්න බැරි යැයි යැයි'  එපාවෙනකල් කියවනවා.. අම්මා හදලා දුන්නු තඩි කෑම එකත් කාලා පාන්දර එක විතර වෙනකල් අපි ෆිල්ම් බලලා නිදාගත්තා.. අම්මා උදේම ඉස්කෝලෙ යනවනෙ.. ඒකයි මූ සෙටප් එක දාගෙන මෙහෙම මර ළතෝනි තියන්නෙ.. නැත්තම් මාර රංගනේ අපේ අම්මා ඉස්සරහා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYKde žijí příběhy. Začni objevovat