97 කොටස

13.2K 1.2K 1.3K
                                    

" කෑම කන්නෙ නැතුව කවුරුත් උඩට යන්න එපා අනේ.. මගේ කොන්දත් කැක්කුමයි තව්සෙලගෙ කාමර වලට එන්න මේ පඩිපෙළ නැගලා.. කෝ අර මිනිහා ඉන්නවද මගේ කොන්ද ටිකක් අතගාවගන්න.. අනේ මහී ඔයාවත් එන්නකො ඒයි.."

" ඇත්ත කියපන් කොන්ද රිදෙන්නෙ උඩට නගින නිසා නෙමෙයි.. අර තේ පැළ අස්සෙන් පහළට ලිස්සපු නිසා නේහ්.."

ආශි අතේ තිබ්බ සිද්ධාලේප බාම් එක විසික් කල්ලා මට ගැහුවා.. ඒත් වැදුණෙ රධ්‍ය අයියට.. ඊටපස්සෙ ආශි දුවගෙන ඇවිත් බාම් එක ඉල්ලන් රධ්‍ය අයියට පේන්නෙ නැති දිහාවකට ගිහින් හැංඟුණා.. අද ප්‍රශ්ණ කෝටියයි.. හවස නයින් ආච්ස් බලන්න ගිය වෙලේ තමයි මේ ඔක්කොම පටන්ගත්තෙ.. මම එහා පුටුවට වෙලා ටීවී එකේ යන සූරපප්පට රවාගෙන ඉන්න අයුක අයියට ඇඟිල්ලෙන් ඇන්නා.. කියාන් අයියා අයුක අයියට කට ඇද කරගෙන මට මෙහා පැත්තෙන් ඉඳගත්තා.. මමයි කියාන් අයියයි තරම් මේ ලෝකෙ වැරදි කරන මිනිස්සු නැහැයි කියලා උගේ දෝණියි, මගේ දෝණියි දෙන්නම අපිට පලු යන්න බැනලා ඉන්නෙ.. අයුක අයියා මම ඇඟිල්ලෙන් ඇනපු එකට මලපැනලා කොට්ටෙකින් මට දමලා ගැහුවා..

" ආශු..!! කතාකරාද ඔයා..??!!"

" අනේ මේ තව්සෙට කතාකරන්න මට පිස්සු වගේ පේනවද.. පලයන් යන්න.. ආහ් වැඩිය තද කරන්නෙපා මහී බබා.. රිදෙනවනෙ අනේ.."

කියාන් අයියා පටාස් ගාලා ආශිලාගෙ කාමරේ පැත්ත හැරුණා..

" බබා ඔයා මොකද කරන්නෙ.."

" තව්සෙගෙ අයියට හෙන ඉල්ලනවා..!!"

" ඒකිගෙ කොන්ද රිදෙනවලු.."

" හම්මටසිරි.."

කියාන් අයියට බලු හිනාවක් යන්න ගිහින් තොලක් හපාගත්තා.. අද අපි නයින් ආචස් බලන්න ගිහින් ආශි මොකෙක්ද කුරුල්ලෙක් දැකලා අර තේ පැළ තියන අස්සක රිංගන්න ගිහින් එහෙමම ලිස්සලා ඇදගෙන වැටුණා.. හරියට අර ස්ලයිඩ් එකක ලිස්සලා යනවා වගේ.. ඕකට කියාන් අයියා බැන්නා තේ පැළ අස්සෙ රිංගන්න ගියේ මොන එකකටද එක තැනක හිටපන් කියලා.. මේකි ඒක අහන්නෙ නැතුව ආයෙ වැටෙන්න ගිහින් කියාන් අයියගෙන් ටොකු දෙකක් කාලා, එතන කියාන් අයියගෙ අතීතාවර්ජනයක් කල්ලා, ඒකිට වෙන අසාධාරණකම් ගැන කියලා හෙන රණ්ඩුවක් ගියා.. සොඳුරු වලි හරිත සිරා එව්වා නෙමේ.. ඕකි ඔහොම කරන්නෙ ලැජ්ජාව මකාගන්න අපි දන්නැද්ද එයාගෙ කැටයම්.. ඇම්බැක්කෙවත් නෑ එහෙම එව්වා.. ආයෙ එන ගමන් ආශි ලිස්සපු විදිය ගැන කියලා කියාන් අයියා විහිළු කල්ලා ආශි ඇඬුවා.. ඒක හරි කියමු මම නොකරපු වරදකටනෙ අයුක අයියා පරල වෙන්නෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now