38 කොටස

14.4K 1.5K 1.3K
                                    

" හෙට එද්දි පන්තියේ මානව බහිද්ස්‍රාවී පද්ධතියෙ චාට් එක නැතිවුණොත් මම ඒක බලාගන්නම්කො.. කණ්ඩායම් ක්‍රියාකාරකමක් කරන්න දුන්නහම මේ පන්තියේ කිසිම සමගියක් නෑනෙ.. මේ දරුවෝ විතරයි උවමනාවෙන් පාඩම් වලට සම්බන්ධ වෙන්නෙ.."

පහුවදා පද්ධති පාඩම් අහගෙන පුපේ ඇටකටු එළියට එනකල් වේවැල් බංකුවල ඉඳගෙන පෝමලින් ගඳේ තැම්බිලා තැම්බිලා අපි මේ හිටියෙ කුණු කතා අහන ගමන්.. කාගෙන්ද..?? බයෝ මැඩම්ගෙන්..

හු#තක් තියනවා සමගිය.. හිටපන්කො මුන්ට කියලා ලබන සතියම පන්තිය අතුගාවගන්නවා.. සයෝන් අයියා එනවනෙ ඒ ලෙවෙල් ක්ලාසස් බලන්න.. සයෝන් අයියා මගේකා.. මොකකට හරි බනින්න කියන්න ඕන.. මේ පිස්සු ප#කො දන්නවද අපිට රහසිගත සම්බන්ධතා තියනවා කියලා.. හු#ලා ගන්නවා ප#යොන්ට..

මට බනින්න හරිම සාධාරණ හේතු තිබ්බා.. අපි පන්තියේ ලොකුවට නෑනෙ.. බාහිර වැඩ කියක් කරනවද.. ගිය වාරෙ බයෝ මැඩම් කියලා පන්තියට කණ්ඩායම් බෙදිලා පද්ධතිවලට අදාල චාට් එකක් හදලා පන්තියෙ පොඩි ප්‍රසන්ටේශන් එකක් කරන්න කියලා.. අපි ඔය මෙලෝ මලදානයක් දැනගෙන නෙමෙයි හිටියෙ.. දැනගත්තනම් නොකර ඉන්නෙ නෑ.. ඔව්වද අපි කල්ලා තියෙන්නෙ.. අද අර චීත්ත හැතිකරේ ලස්සනට චාට් හදාගෙන ඇවිත් බයෝ මැඩම්ට ඕක මතක් කල්ලා උසි ගැන්නුවා.. දැන් මැඩම් උඩ පැන පැන අපිට බනිනවා.. මගේ ඉස්සරහා තිබ්බෙ පෝමලින් වල ඔබපු මොළයක්.. මල අප්‍රසන්න හැඟීමක් ඇවිත් මම ෂනෙරුවගෙ අතක් බදාගත්තා.. ඉස්සර අපි විතරක් ඉන්නකොට මොකෙක් හරි පන්තියෙ වැඩක් කරගෙන ඇවිත් නැත්නම් මැඩම්ට කියලා ශේපක් දාගන්නවා.. නැත්නම් පන්තියම එකතුවෙලා සප් එකක් දීලා පීරියඩ් එකට කලින් වැඩ ඉවර කරගන්නවා.. එහෙමයි අපි සමඟියෙන් හිටියෙ.. මුන් ඇවිත් කනවා සේරම..

" බලපන්කො බං අරුන් හිනාවෙන හැටි.."

" උඹ පන්තියට ගිහින් පලක් බැඳගෙන මෙත් වඩපන් ඔයවුන්ට.. ඒකනෙ දන්නෙ.."

" රණ්ඩු වෙන්නැතුව ඉඳහන්.."

ෂනෙරුට ඔව්වා කියලා වැඩක් නෑ.. ඉතුරු බැනුම් ටිකත් අහගෙන අපි පන්තියට ආවෙ පොත් ටික තියලා චූදාන්න යන්න.. බහිස්‍රාවය ඉගනගත්තට මදි.. කරන්නත් ඕනනෙ.. ඒක තමයි වැදගත්ම.. ඊයෙ රධ්‍ය අයියගෙ ටයි එක මෙලෝ සිහියක් නැතුව ගෙදර දාගෙන ගිහිල්ලා මට දෙන්නත් අමතක වුණා.. පහළට ගියෝතින් රධ්‍ය අයියට ටයි එක දෙන්න ඕන.. මම අරුන්ට හෙන ගහපන් කියලා සින්දුවක් මුමුණ මුමුණ ආවා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now