" මන්දාකිණී පුතා කොහේද.. පුතා..!!!"
මම ඇඳෙන් පැනලා අතේ තිබ්බ කොළේ අරගෙන මෙට්ටෙ අස්සෙ ගැහුවා.. ඇඳෙන් පැන්න පාර කොන්දත් ඇද වුණාද කොහෙද.. මම කොන්ද අල්ලගෙන ආයෙම ඇඳට පැනලා පොතක් දිග ඇරගත්තා.. අපේ තාත්තා රොද රෙද්ද මෑත් කරගෙන කාමරේට ඇවිත් මෙලෝ හේතුවක් නැතුව අත් දෙකත් පිටිපස්සට බැඳගෙන කණ්නාඩිමේසෙ උඩයි, පොත් මේසෙ උඩයි බලලා ඇඳ ගාවට ආවා.. පපුවත් ගැහෙනවා ඒ අස්සෙ.. මම පොතටම මූණ ඔබාගෙන හිටියා.. මේ හදිසියෙ තාත්තට සෙලෝටේප් එක උවමනා වෙලා මෙට්ටෙ උස්සලා බලයිද.. නෑ නෑ.. එහෙම හිතන්න එපා සෙනුක පුතේ..
" ලැප්ටොප් එක අපේ කාමරේ තියන්න ඕන.."
මම හොඳ එකා වගේ පොතෙන් මූණ අරගෙන තාත්තට මල් මල් හිනාවක් පා කළා..
" හරි තාත්තෙ.. උවමනාවක් වුණොත් මම කාමරේට ඇවිත් ගන්නම්.."
" ම්ම්.. පාඩම් කරන්න දැන් විභහගෙ ළඟනෙ.."
තාත්තා යන ගමන් කම්පියුටර් ටේබල් එක උඩ තිබ්බ ලැප් එකයි, ඩොංගල් එකයි, පෙන් හැටහුට හමාරයි, ඉයර්ෆෝන් දෙකයි, හෙඩ්සෙට් එකයි, ලැප් එකේ චාජරෙයි උස්සගෙන ගියා.. විභාගෙ දවස්වලට මට මොකුත් අල්ලන්න දෙන්නෙ නෑ.. ඕවා අපේ තාත්තගෙ වැඩ තමා.. අම්මනම් හොයන්නෙ නෑ.. හොඳ වෙලාවට ලැප් එකේ හැම මගුලටම ලොක් දාලා තියෙන්නෙ.. ඒවගෙ පාස්වර්ඩ් ලියලා තියෙන්නෙ ෂනෙරුවගෙ ඩයරියෙ.. ඕකා ඩයරිය නැතිකරගත්තොත් උගෙයි මගෙයි ලැප් දෙක උස්සන් මහීශා ගාවට උස්සන් යන්න වෙනවා හදවගන්න.. ඒකි දවසෙම ඉන්නෙ කම්පියුටර් දෙකතුනක් හරස් කරගත්තු කළුවර කාමරේකට වෙලා පීඑස්ෆයිව් එකක් අතේ තියාගෙන ගේම් ගහ ගහ.. කම්පියුටර් වල අවුලක් ගියාම හදවගන්න කඩේ අයියා ගාවට යනවට වඩා පොකට් එකට සහනයක් අපේ එකා ගාවට යන එක.. ඒක නිසා එහේට තමයි ලැප් එක ලෙඩ වුණාම උස්සන් යන්නෙ.. ඕකි ගාව නැති මගුලක් නෑ..
හොඳම වැඩේ.. අපේ මහීශා ලොකු දැරිවියෙක් උණානෙ අපි අටේදි.. ඒකි විතරක් නෙමේ අනිකත් උණේ අටේදි.. අපි දන්නෙත් නෑ ඒ කාලෙ ලොකු ළමයෙක් වෙනවා කියන්නෙ මොකක්ද කියලා.. ඔන්න දවසක් අපි ක්ලාස් එකේ හිටියෙ.. එකසැරේ මහීශා මිසින් වුණා.. ටිකකින් උන්ගෙ අම්මා ඇවිත් මහීශව උස්සගෙන ගෙදර ගියා.. ආශිනම් දැනගෙන හිටියෙ.. මටයි ෂනෙරුටයි ඕක හෙන අවුල්.. නැන්දා කොහොමද එහෙම මහීශව එක්කන් යන්නෙ කියලා අපි දෙන්නම මූණු එල්ලගෙන හෙන අවුලෙන් ක්ලාස් ඉවර වෙලා ගෙදර ගියේ.. අපේ සුමිතුරු සමාජෙ විශේශත්වෙ සේරගෙම ගෙවල්වල හිටියෙ එකා යකා වගේ දරුවො විතරයි.. සහෝදර සහෝදරියො නෑ.. අපිට මහීශා ගිය එක රෑ වෙනකලුත් අවුල.. අම්මගෙන් ඇහුවට කියන්නෙත් නෑ.. මමයි ෂනෙරුවයි ගෙදර ගිහින් මහීශව බලන්න එක්කන් යන්න ඕනමයි කියලා ඇඬුවත් එක්ක.. ආශිට විතරක් ගියාට කමක් නෑ කිව්වා.. මටයි ෂනෙරුවටයි වෙනස්කම.. පස්සෙ අපි දෙන්නා මහීශට ස්කයිප් කෝල් එකක් අරගෙන කතාකරා.. මහීශා කිව්වා ඌව බලන්න හොඳ නැල්ලු අපලයි කියලා කෝල් එක වෙන පැත්තකට හරවගෙන අපි හතරදෙනා මහා රෑ වෙනකල්ම කෝල් වල.. රඟපානවයි.. සින්දු කියනවයි.. ගෙවල් වලිනුත් මොකුත් කිව්වෙ නෑ.. ඔහොම සතියක් විතර ගිහින් දවසක් අපේ අම්මලා හෙන තෑගි ගොඩක් උස්සගෙන අපිවත් එක්කගෙන මහීශා බලන්න එක්කන් ගියා.. එතකොට මටනම් අපේ අම්මා විස්තරේ කියලා තිබ්බෙ..
YOU ARE READING
BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
Romance" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක්...