66 කොටස

11.2K 1.2K 1.1K
                                    

" කෝ මල්ලි වරද්..?? තාම නෑනෙ.."

" ටික වෙලාවක් යනවනෙ පොඩී එන්න.. එකතැනකට වෙලා ඉන්නකො.."

" කියලා වැඩක් නෑ අයියෙ.. මූට දැන් ලව් එක තමා සේරටම වඩා ලොකු.."

වට මේස සාකච්ඡාවක් වගේ හැදිලා බැල්කනි එකේ කියව කියව ඉඳපු ළීඳ ළඟ සංගමේ දැකලා මම ඒ පැත්තට ඇවිදගෙන ගියා.. ජොනතන්ලා හිටියෙ වෙනම.. මම මෙච්චර වෙලාම නෆ්‍රාස් එක්ක කෙල්ලෙක් ටෝක් කර කර ඉඳලා එද්දි චුට්ටක් පරක්කු වුණානෙ.. මට නෙමෙයි ටෝක් කළේ ජොනතන්ට.. ඌට ලස්සන කෑල්ලක් දැකලා ඇඟේ පැත්තක් හිටිවැටිලා ගියාලු.. නෆ්‍රාස්නම් කිව්වෙ උගෙ ආච්චිට එහෙම වෙලා පැරලයිස් වුණාය කියලා.. දෙයියනේ ජොනා පැරලයිස් වුණොත් ඊළඟට ක්‍රිකට් ටීම් එකේ කැපා වෙන්නෙ කව්ද.. මේවා ලේසියට ගන්න හොඳ දේවල් නෙමෙයි අපෙ හාමුදුරුවනෙ.. අපි තාම ඒ ලෙවෙල් ලිව්වෙත් නෑ..

" මොකක්ද හලෝ ලොකු.. "

මහපගයොන්ගෙ කතාව මැද්දට පැනපු මං දිහා උන් සෙට් එක බැලුවෙ පිටසක්වලයෙක් දිහා බලනවා වගේ.. 

" රධ්‍ය අයියගෙ ඔලුවද..?? ඔව් ඔව් ඒක ඒ කාලෙ ඉඳන් ලොකුවට තිබ්බ නිසා තමයි අච්චර ලෙසියෙන් ටෝක් කරගන්න හිටපු ෂනෙරුවව ඉස්කෝලෙ ඉවරවුණාම හෙන කට්ටක් කාලා ටෝක් කළේ.. ඊයා අයියෙ.."

" අනේ මේ සෙනුක.. පලයන්.."

" උඹත් ගෑණිගෙන් හෙනට බැනුම් අහනවා නේ.. ඉක්කෙ ඉක්කෙ කියාන් අයියා ගෑණිට බයයි.."

" මුගෙ කට-"

මම ගිහින් රෝස සුවඳ ආධ්‍ය අයියා ගාවින් ඉඳගත්තා.. මේ අනිත් ඒකපාර්ශවික ආදරවන්තයා.. කොල්ලා දාලා ගියා කියලා ජීවිත කාලෙම පති වෘතය රැකගෙන තනිකඩවලු ඉන්න හදන්නෙ.. දැන් ඔය මේ අයියව දාලා ගියපු එකා ආයෙම ඇවිත් ආධ්‍ය අයියගෙ පතිවත බලන්න ගිනි ගොඩකට පනින්න කියයිද.. මට ආධ්‍ය අයියා ගිනි ගොඩකට පනිනවා මැවිලා පෙනුන නිසා දුක හිතුණා..

" දැන් අයියෙ ඔයා දාලා ගිය එක්කෙනා ආයෙ ආවොත් බාරගන්නවද..??"

" කොයි..?? ආ.. බලන්න ඕන ඉතින්.. මල්ලි මොකද කියන්නෙ.."

" ළමයෙක් එක්ක ආවොත් නම් එපා අයියෙ.. ඔයාට බෑනෙ අනුනෙ ළමයින්ට උප්පැන්න සහතික දෙන්න.. අනික අයියා හැඩ නිසා කොල්ලො හෝ කෙල්ලො හෝ කවුරු හෝ හොඳ කෙනෙක් සෙට් කරගන්නත් පුළුවන්.. සෙකන්ඩ් හෑන්ඩ් ඒවා එපා ඒකනිසා.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now