60 කොටස

23.9K 1.6K 1.9K
                                    

" කතාකරන්නෙපා තව්සෙ.. ඔය බැට් එකම බදාගෙන ඌටම කියලා වැඩ ටිකත් කරවගනින්.. මම අච්චර කිව්වා අද කැම්පේන් දවසෙ වැඩ දාගන්න එපා එපා කියලා.. හරිනෙ දැන් මුළු ක්‍රිකට් ටීම් එකම ප්‍රැක්ටිස් දමාගෙන.. ජොනතන්ලට එන්න වෙන්නෙත් නැහැල්ලු.. ඊයෙ ස්කූල් මීටිමක් ගත්තා ඒකටත් මුළු ක්‍රිකට් ටීම් එකේම මෙම්බර්ස්ලා නෑ.. ඒ මදිවට අර කියාන් අයියා උගේ රගර් ටීම් එකක් දමාගෙන ග්‍රවුන්ඩ් එක හානවා.. ඒකෙ උනුත් නෑ.. අන්තිමට ඔක්කොම චුත වෙලා මම විතරක් ගිහින් වැඩිහිටි නිවාසෙ ආච්චිලා එක්ක සී සෝ පදින්නද.. කතාකරන්නෙපා මාත් එක්ක..!! හු#ත..!!"

" වත්සල්.."

" වත්සල් නෙමේ මම වත්සල්ගෙ ආච්චි.."

මම ෆෝන් එක කට් කල්ලා ඇඳ උඩට විසික් කල්ලා අළුපාට ඩෙනිමට එක කකුලක් බස්සගත්තා.. කතාකරන්නෙ නෑ ඕකා එක්ක මම.. ආපුදෙන්කො වස්සල් හැයි හැයි ගාගෙන.. ඊයෙ ස්කූල්මීටින් එකට ඉස්කෝලෙට එනවා කියලා ආවෙත් නෑ.. ඒ මදිවට අද උදෙත් ප්‍රැක්ටිස් දමාගෙන.. ඕවට කොහෙන් ගියත් කුණු බැනුම් අහන්න ඕන මමයි චමිරුවයි අනිත් බෝඩ් එකේ ඉන්න උන් ටිකයි.. බැනුම් අහලම එපා වෙලා තියෙන්නෙ මට.. 

ආපු තරහට මම ඇඳට කකුලෙන් පාරක් ගැහුවා..

" ආව්..!!"

" මොකද ළමයො මේ උදේ පාන්දර යකෙක් වහගෙන වගේ දඟලන්නෙ.."

" එපාවෙනවා අනේ.."

මම කාමරේ ශූ රැක් එකේ තිබ්බ සැන්ඩ්ල්ස් දෙක දාගෙන බෑග් එකයි අලි තඩි ෆයිල් මිටියයි හරිද බැලුවා.. රධ්‍ය අයියා මාවත් පික් කරන්න එන්නම් කිව්වා අපේ ගෙවල් ගාවට.. ෂනෙරුවා ගමේ ඉඳන් කොළඹ ඇවිත් ආයෙම.. අම්මා ඇවිල්ලා නෑ ටික දවසක්ම ඉඳලා එනවා කියලා.. උගේ ලොකු අම්මලා ගමේ එනවලුනෙ.. මූට බය නැද්ද මන්දා තනියම ඉන්න.. එහේ අල්ලපු ගෙදර බ්‍රෙසියර් නැති ඇන්ටි මහ ඕපදූප පත්තරයක්.. එයාගෙ වසීවෙන වැලගෙඩි දෙක හොල්ල හොල්ල වැට කොනට වෙලා බෙල්ල දික් කරද්දි මට මතක් වෙන්නෙම නාකි ජිරාෆ් කෙනෙක්ව.. වසීවෙනවා මයි ඈස්.. මටයි ආශිටයි ඔය ගෑණිව පෙන්නන්න බෑ.. ශිට්.. මෙච්චර වැඩ අස්සෙ මම මේ කොහෙවත් ඉන්න ගෑණියෙක්ගෙ බ්‍රෙසියර් එකක් ගැන හිත හිත ඉන්නවා.. උඹ තමයි හොඳම බූරුවා..

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now