80 කොටස

11.2K 1.2K 1K
                                    

" පරිස්සමින් හරිද.. වැව් වල පීනන්න යන්නෙ නෑ.. සීතලනම් ජැකට් එක ඇඳගන්න තේරුණාද.. අසනීප වෙන්නෑ..!! මම මේ ඔක්කොන්ටම කියන්නෙ.."

" Hey, mama, don't stress your mind
We ain't coming home tonight
Hey, mama, we gonna be alright
Dry those eyes
We'll be back in the morning when the sun starts to rise
So mama, don't stress your mind
So mama, don't stress your mind~"

අම්මා මහා සුළි කුණාටුවක් වගේ කාමරේට ඇදිලා මගේ පශ්චාත්භාගයට අඩිරූලෙන් ගැහුවා.. ඕකනෙ ගමනක් යන්න ගත්තහම මෙතන සියලුම වාරණ පනවනවනෙ.. මම දැන් ලොකු ළමයෙක් අම්මෙ.. මේ ඇඩම්ස් ඇපල් එකත් පේනවා.. අම්මට වඩා සෙන්ටිමීටරයක් උසයිත් එක්ක.. මම විසිල් කර කර කොණ්ඩෙ උඩට කල්ලා හදාගෙන ප'ෆියුම් එකෙන් ටිකක් ඇඟට හලාගෙන චමිරුවා මගේ බර්ත්ඩේ එකට ගිෆ්ට් කරපි ප'ෆියුම් ඔයිල් සෙට් එකෙන් ජැස්මින් එක අරන් අත් දෙකේ අතුල්ලගෙන හුඩී එක අස්සෙන් ඇඟෙත් අතුල්ලගත්තා.. ඒක මාර සුවඳයි.. සුවඳ ලස්සනයි කියලා ආශි මෙහේ ආපු වෙලාවක රෝස සුවඳ එක ඒකිගෙ ගෙදර උස්සන් ගියා..

" ඇහුණද මම කියපු එක..??!!"

" Mama, mama, mama, hey
We ain't coming home tonight
Mama, mama, mama, hey
We ain't coming home tonight~"

" සාලිය..!! මෙහෙ එන්න.. මේ ඔයාගෙ පුතණ්ඩියට මම කියන ඒවා දැන් ඇහෙන්නෙත් නෑ.. මෙච්චර කියනවා මේ ළමයට ගාණක් නෑනෙ.. ඔව් ඉතින් දැන් කරදඬු උස් මහත් වෙලා.. මම කව්ද..??"

මම සිංදුවක් විසිල් කරගෙනම මෙලෝ සිහියක් නැතුව කියවන අපේ අම්මව කරකලා අත උඩට වට්ටගත්තා.. අම්මව රතු වුණා.. තාත්තත් දොර රෙද්ද මෙහාට කරගෙන මූණ දාලා තත්ත්වය සාමකාමී නිසා උදේ පත්තරේ බලන්න අවධානෙ දුන්නා..

" මේ මොන කෝලමක්ද.."

" ඇහෙනවා අනේ.. මම නිරුපද්‍රිතව ගිහින් නිරුපද්‍රිතව එනවා.. බයවෙන්නෙපා ලස්සන අම්මෙ.."

" මගේ කොන්ද කඩන්නද හදන්නෙ.. එහාට..!"

මම අම්මව කෙළින් කල්ලා බැක්පැක් එක කරේ දාගෙන සපත්තු දෙකත් දාගෙන ගිහින් තාත්තට වැන්දා.. අපේ තාත්තා මගේ සුවඳින් මත් වුණාද කොහෙද.. හරි හරි අද ඉඳන් මගේ ප'ෆියුම් ඔයිල් එක හම්බෙන්නෙ තාත්තලාගෙ කාමරේ කණ්ණාඩිමේසෙ උඩින්.. මේ තාත්තා මගේ ආලේපන හොරා ගන්නවා ඉස්සර ඉඳන්.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now