34 කොටස

11.7K 1.4K 810
                                    

ජීවිතේ ගතකරන එක එක කාලච්ඡේදවලට අපි මූණ දුන්නේ එක එක විදියට.. හරියට මේ දැන් වගේ.. රට පුරාම තත්වෙ සාමාන්‍යීකරණය වේගෙන ඇවිත් අපිට ඇඩ්මිශන් දෙන දවස් ආවා.. අපිටයි ගර්ල් ස්කූල් එකටයි ඇඩ්මිශන් දුන්නෙ එකටමයි.. ඒකනිසා හුඟ කාලෙකින් අපි හම්බෙන්නෙ.. ෂනෙරුවත් ගමේ ඉඳලා කොළඹ ආවා.. උන්ගෙ ලොකු අම්මා ෂනෙරුට කට පාඩම් කරවනවා පාඩම් කරපන් කියලා.. තරුණ වෙන්න වෙන්න අපේ ජීවිතේට අනවශ්‍ය විදියට ඇඟිලි ගහද්දි ඇතිවෙන අපහසුතාවය ඌටත් සෑහෙන්න දැනුණා.. අනික ඌට බලපෑම් කරන්නෙ එච්චර හොඳ විදියට නෙමෙයි.. උගේ තාත්තා ගැන මතක් කරනවට ෂනෙරු පොඩ්ඩක්වත් කැමති නෑ.. ගෙදරින් ඌට ඒකමයි මතක් කරන්නෙ.. ෂනෙරුවා වෙලාවකට ඉවසගෙන බැරිම තැන මාත් එක්ක ඕවා කියනවා.. ඩයල් එකට වැඩිය එච්චර දුක හිතෙන්නෙ නෑ.. අඩුවෙන් තමා අවුල් යන්නෙ.. ගියත් මම වගේ ටක්ගාලා මූඩ් එක ස්විච් කරගන්නවා.. ඒ වුණාට මේ වතාවෙනම් ෂනෙරු සෑහෙන්න අවුල් වුණා..

මොකද ඌට ගෙදරින් බලෙන්ම බයෝ කරපන් කියලා මැරුවෙ නැති ටික විතරයි..

ෂනෙරු ආස වුණේ ඒකට නෙමෙයි.. ඒත් අම්මයි ලොකු අම්මයි නිසා බැරිම තැන ඌ ඒකත් කරන්න ගන්න හිත හදාගත්තා.. ෂනෙරුවගෙ මාමට කොවිඩ් පොසිටිව් වෙලා එහෙන් හොඳටම අමාරුයි.. උගේ ගෙදරත් එක ප්‍රශ්නයක් කියලා නෑ. අපි හැමෝම වගේ එක එක විදියෙ ප්‍රශ්ණ වල තමයි හිටියෙ.. රධ්‍ය අයියලගෙ ගෙදරත් අම්මයි අප්පච්චියි ගෙදර ඇවිල්ලා ඌට ඔලුව නිදහසක් නැල්ලු පාඩම් කරන්නවත්.. කියාන් අයියා තමා පොඩ්ඩක් හරි නිදහසේ හිටියෙ.. ඒත් කැම්පස් නිවාඩු නිසා අයාන් අයියා ගෙදර ඇවිත් උන් දෙන්නා රණ්ඩුවෙන එකේ සීමාවක් නෑ.. නිකම් රණ්ඩු නෙමේ ගහගන්නවත් එක්ක.. අනේ මන්දා අයාන් අයියා කියාන් අයියට ඕනවට වඩා වද දෙනවද මන්දා.. ළඟින් ගිහින් ඇඟේ හුලඟ වැදුණත් උන් දෙන්නා මරාගන්නවා.. අනික කොරෝනා නිසා පවුලෙ බිස්නස් බැහැලලු.. 

අපිට ඉස්කෝලෙට ඇවිත් ඇඩ්මිශන් අරගෙන ආපහු ගෙවල් වල යන්න කිව්වා.. ඒත් කැෆේ එක ඇරලා තිබ්බ නිසා ආශිලා එහෙට එනවා කිව්වනෙ.. අපි ඉස්කෝලෙ ඉඳලා ඇඩ්මිශනුත් අරගෙන කැෆේ එකට ආවා..

" එපාවෙනවා හු#ත යන යන තැන අත් හෝදන්න ඕන.. අප්පිරියයි.."

ෂනෙරු ඇස් දෙක කරකලා මං දිහා බලලා එහාපැත්තෙ ඉඳපු නාකි අංකල්ව පෙන්නුවා.. ෂනෙරු මාස්ක් එක දැම්මම හෙන ලස්සනයි.. උගේ ඇස් දෙක වල් පාටයිනෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now