45 කොටස

15.6K 1.5K 1K
                                    

" පුතා.. අද අක්කයි අයියයි හවස ගෙදර එනවා කිව්වා.."

" හරි අම්මා.."

" හරි අම්මා නෙමේ.. කලින් ගෙදර එන්න ඕන.. සාලිය..!! ඇහෙනවද මම කියන ඒවා තාත්තලා පුතාලට.."

මම කාමරේට වෙලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනකොට අම්මා දම් පාට හැට්ට කට්ටකුත් උස්සගෙන මගේ කාමරේට ආවා.. මේ අම්මට ලැජ්ජ නෑනෙ.. සැකේ යටකලිසමයි ශර්ට් එකයි විතරයි ඇඟේ තිබ්බෙ.. මම හනික ටවල් එක අරගෙන ඉණ වටේ ඔතාගත්තා.. උදේට ගෙදර ඔක්කොම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන නිසා හරි කලබලේ..

" අම්මෙ..!! ඔහොම එන්න එපා අනේ.."

" මගේ ගෙදර, මම, මට ඕන තැන තමා යන්නෙ.."

අම්මා බලෙන්ම හැට්ට කට්ට අතට දීලා ඔසරියෙ පොට පෙන්නුවා.. අම්මගෙත් නෙමෙයි ගෙදර.. අම්මෝ කියන බොරු විතරක්.. මේ ගෙදර ගෘහ මූලිකයා මගේ හංස තාත්තනෙ.. ගහපති.. ඉස්කෝලෙ ඉතිහාසපොතේ තිබ්බෙ.. තාත්තගෙන් පස්සෙ දේපළටික මම පවරගන්නවා.. හිතේ ඇති අම්මට මෙතන.. ඊටපස්සෙ ගේ සමතලා කල්ලා මුළු වත්තෙම කෝමාරිකා දැම්මොත්.. මොන දෙයියට කියන්නද.. අපි ජීවත් වෙච්ච ගෙදර මොකක් වුණත් මේ.. අක්කට කෝමාරිකා වවන්නද මගේ හංස තාත්තා මේවා ලස්සනට හැදුවෙ..

" මන්දාකිණි.. ඔයා කොහෙද මේස් ටික දැම්මෙ.."

" ඔය කබඩ් එකේ බලන්න අනේ.. මම දන්නවද මේස් තියන තැන්.. ගෙදර හැම වැඩේම කල්ලා ඉවරවෙලා-උදේට මම කීයක් වැඩ කරනවද!! ඕක හොයාගන්න බැරි-"

" හරි හරි හම්බුණා.."

මම අම්මගෙ සාරි හැට්ටෙයි ඔසරියෙ පොටයි අල්ලලා හැට්ට කට්ට ඇමිණුවා.. ඊටපස්සෙ අම්මා යන්නෙ නැතුව මගේ කාමරේ කණ්ණාඩියෙන් මූණ හදනවා..මම ඒක ගණන් ගන්නැතුව කලිසම ඇඳගෙන ශර්ට් එක යටකරගෙන මූණ බලලා හදාගත්තා..

පුහ්.. මේ ඉන්නෙ සෙස්සි කොල්ලෙක් වගේ.. අයුක අයියටත් ඉතින් නොකිව්වට හිත යන්නැත්තෙ මගේ සංවර කතාබහටයි, විලිසංගයක් ඇතුව හැසිරෙන එකටයි, ප්‍රියමනාප මූණටයිනෙ.. පිස්සු කොල්ලහ් මගේ.. 

" ඕකට මූණ දික් කරන් ඉන්නැතුව බෑග් එක හදාගන්න ළමයො.."

" අනේ තාත්තෙ..!! මේ ඔයාගෙ වයිෆ් වද දෙනවා අනේ කාමරේට ඇවිල්ලා.. එක්ක යන්නකෝ.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now