116 කොටස

12.4K 1.2K 1.7K
                                    

" මම හොටෙල් එකට ඇවිත් ඉන්නෙ.. රූම් නම්බර් එක හරියටම කියන්නකො.."

" මුලින්ම වැඩි කලබලයක් නැතුව ඇතුළට යන්න.. ඉයර්පීස් එක ගළවන්න එපා.. ඔයා කෙළින්ම රූම් එකට ගිහින් දොර වහගන්න.. ටූ සීරෝ ඩබල් වන්"

" කේ.."

මම ඉයර්පීස් එක හරියට සෙට් කරගෙන ක්ෂිතිජ අයියගෙ බයික් එක පාකින් එකේ දාලා බැක්පැක් එකත් අරගෙන අයුක අයියා කියපු හොටෙල් එකට ඇවිත් වැඩි වෙනසක් නැතුව ඉස්සරහා හිටපු කෙල්ලට බොරු අංක ටිකක් දාපු මගේ අයි ඩී එක පෙන්නලා කී එක ගත්තා.. කෙල්ල මට පඩිපෙළ පෙන්නලා ආයෙම පුටුවෙන් වාඩිවෙලා එහාපැත්තෙ කෙල්ල එක්ක කතාවකට වැටුණා.. ස්ටාෆ් එක අඩු නිසා ඒකෙන් මේකෙන් මට ලේසියි ආපු ගමනට.. මම මගේ හොර අයිඩී එක සාක්කුවෙ දාගෙන හෙල්මට් එකත් එක අතකින් එල්ලන් දාගෙන හිටපු ස්පෙක්ස් දෙක උඩට කරගෙන අයුක අයියා කියපු රූම් එක හොයාගෙන උඩට ගියා.. මේක ත්‍රීස්ටාර් හොටෙල් එකක්.. වැල්ලවත්ත පැත්තෙ ඉඳන් ටිකක් ඉස්සරහට එද්දි හම්බෙන්නෙ.. මට නම් මේ සයිඩ් එක එච්චර මීටර් නෑ මේ ආවට.. කොලඹ හිටියා කියලා අපි හැම අස්සක් මුල්ලක්ම දන්නෙත් නෑනෙ.. 

" ස්පෙක්ස් දෙක මූව් කරන්න එපා වත්සල්.. මට හරියට පේන්නෙ නෑ.."

" කටවහගෙන හිටපන්කො පොඩ්ඩක්.. මේ රෙද්ද ඇරෙන්නෙත් නෑ.."

මම දොරට පයින් පාරක් ගහලා, සද්දෙ වැඩි වෙච්ච නිසා ඉක්මනට කාමරේට පැනගෙන බැක් පැක් එක ඇඳට විසික් කල්ලා ඒසී එක ඕන් කරගත්තා.. මදෑ අම්මගෙ රත්තරන් පුතා රූම් ආවා.. ඒකත් තනියම.. 

" හරිද.. දොර ලොක් කල්ලද තියෙන්නෙ.."

" ඔව්.. ඒත් එහා කාමරේට යන්න විදියක් නෑ හෝල් එකේ දිගටම රූම් වල කට්ටිය ඉන්නවද කොහෙද.."

" දැන්ම නෙමෙයි.. රූම්බෝයි කෙනෙක් ඇතුළට යනකල් ඉඳලා ශේප් එකේ පැනගන්න ඕන.."

" තව්සෙ කොහොමද ඕයි මේවා දන්නෙ.. දැන් හරියටම ශුවර්ද සීසීටීවී එකේ තිබුණ බයික් එකේ නම්බර් එකේ අයිතිකාරයා මේකට එනවමයි කියලා.."

" ඔව්.. තව හරියටම පැයකින් එන්න ඕන.."

" හැබැයි මම ඉන්න හතරමායිමක වෙන එකෙක් ඉන්න බෑ.. විශේෂෙන්ම අර ඇමතියගෙ පුතා රුත්වි කියන හුකාරිස්.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now