122 කොටස

9.2K 1.1K 1.7K
                                    

" නාන නාන නා~ නා~ නා~ නා~
නුඹ නාව පාරෙ ආවා~"

" නාව පාරක් කියලා මටත් තේරිලා තියෙන්නෙ දැන්.. ඕයි සෙනුක..!! බැහැලා වාහනේ ගනින්.."

මම ඩ්‍රයිවින් සීට් එකේ බෙරිහන්දෙන නරියව නොසලකා හැරලා තව ටිකක් සද්දෙන් රේඩියෝ එක වැඩි කළා..

" ඔය රූපෙ මා වශී කළා~"

චමිරු රේඩියෝ ඕෆ් කල්ලා වැවක් ගාවින් කාර් එක නවත්තලා අත් දෙකත් බැඳගෙන මම එහාපැත්තෙ ඉඳගෙන කියන සින්දුව අහගෙන ඉන්න ගත්තා.. මම ඌ නිසා මගේ ආතල් එක නැතිකරගන්නෝනද.. පිස්සුනෙ.. මම ඔය එක පගෙක් නිසාවත් මගේ ලල් එක නැතිකරගන්නෙ නෑ.. මම චමිරුවගෙ කර වටේ අතක් දාලා මගේ පැත්තට ඇදගෙන ඌව දෙපැත්තටයි, හතරවටේටයි වනලා කම්මුලකිනුත් ඇද්දා.. 

" ඉල්මහේ කුරුල්ලෝ~ කියා ගියේ නෑ මං~ ආ නංගේ..!!! නෑ මල් තලාලා~ නෑ මල් තලාලා~"

පැත්තෙන් රෙදි බාස්කට් එකක් උස්සගෙන ලතාවට ඇවිදන් ගියපු අක්කා කාර් එක අස්සට එබිලා ඒක අස්සෙ වෙන අසැබි දර්ශනේ දැකලා බයවෙලා හනික එතනින් මාරුවුණා.. චමිරු හොඳ~ හුස්මක් අරගෙන පහළට දාලා මාව උගේ ඇඟෙන් ගලවලා එහාට කල්ලා..

" උඹ මගේ මස්සිනා නොවුණනම් කොළඹදිම මැරුම් කාළා.. ආතල් දෙන්නැතුව තොපිලගෙ මහගෙදරට යන පාර කියපන්..!!"

" ඉතින් මම දන්නවද.. මම ආවෙත් මේ පළවෙනි පාරට.. පොඩ්ඩක් ඉන්නෝ තාත්තට කෝල් කල්ලා අහන්න.. අපෝ තෝ මගේ ආතල් එක කෑවා, සක්කිලියට ඉරිසියයි මම සතුටින් ඉන්නකොට.."

" ඉරිසියා කරන්නම හරි එක.. කුණුහර්ප අහගන්නැතුව කෝල් එක ගනින්.."

" ඇයි උඹේ කුණූහර්ප මම අහලා නැති එව්වද.. ශ්හ්..!!-

නොසිතූ වෙලාවක අපේ තාත්තා ෆෝන් එක ආන්සර් කරපු නිසා මම කටට ඇඟිල්ලක් තියලා චමිරුවට කට වහගන්න කිව්වා.. මූ කෑගහනවා කෑගහනවා ඉවරයක් නෑ.. අපි වගේ හැදිච්ච එවුන් වාහනේ යනවා කියලා මතකයක් නෑනෙ.. කොහෙද ගවුමක් ලොකුවෙලා නහුතෙට කෙළවගෙන ඉන්නෙ- මුන්ට මෙහෙම මොළේ නැත්තෙ මුළු දෝදු පවුළම සුරුට්ටු බිබී හිටපු නිසා.. අර එකෙක් ඉන්නවා පේන්නැද්ද තේකක් හදාගන්නෙත් දහ අට වන්නම් ගහලා.. අම්මපා මෙව්වට තමයි මට නගින්නෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now