39 කොටස

14.2K 1.5K 945
                                    

" පුතාට මම කෑමක් හැදුවා.."

මම හිටියෙ නාලා ටවල් එක ඔලුව වටේ ඔතාගෙන සිවිලිම අස්සෙ.. මේකෙ ඉන්න බේසික කලවැද්දා දුවලා දුවලා ලියුම් ටික එහාට රෝල් වෙලා ගිහින්නෙ.. මුගෙ ආච්චිට හාල් ගරන්ඩ.. මම ජනේලෙ ග්‍රිල් එකකට අඩිය තියලා මෙහාට ඇදලා අරගෙන ඇඳට පැන්නා විතරයි අම්මා කාමරේට ආවා.. මම හනික ලියුම් ටික කොට්ටෙ අස්සෙ ගහලා නිදි වගේ හිටියා.. අම්මා කාමරේට ඇවිත් මොනවහරි මේසෙ උඩින් තියනවා ඇහුණා..

" මෙන්න වැඩක්.. නින්ද ගිහිල්ලද.. කලිසම හදාගන්න ළමයො.. ලැජ්ජාවක් නෑ.."

මම හිමින් සැරේ අත් දෙක පහළට කල්ලා කලිසම හදාගෙන ටවල් එක අස්සෙන් අම්මා දිහා බැලුවා.. කලිසමේ පටිය ගැටගහගත්තෙ නෑනෙ ඉතින්.. අම්මගෙත් බොරු සෝබනේ තමා.. නානකොට දොර ඇරගෙන ඇතුළට එන්න හොඳනම් පොඩ්ඩක් පස්ස දැක්කහම මොනා වෙනවද.. ඒකත් ඔක්කොම නෙමේ මේ හිංචක්කිතර පොඩ්ඩක්.. මම අම්මා දිහා බලලා ලාවට හිනාවක් දැම්මමහම අම්මා ඔලුවෙ තියන ටවල් එක ඇදලා ගත්තා.. අපරාදෙ මට දැනුණේ මම ජෝදා වෙලා මංගල යහනේ ඉන්නවයි කියලනෙ ඔලුවට රෙද්දක් දාගෙන..

" අද පරක්කු මොකද..??"

තාත්තත් අත් දෙක බැඳගෙන කාමරේට ආවෙ එවෙලෙ.. අපරාදෙ ලියුම් ටික ගන්න ගියේ.. මම ඇඳේ ඉන්න මගේ වලස් පැංචව අරගෙන කොට්ටෙ උඩින් තිබ්බා.. වලස් පැංචා කියන්නෙ හංස තාත්තා දුක හිතුණහම බදාගෙන ඉන්න ගෙනැත් දීපු ටෙඩියා.. ඕක මට හම්බුණේ මගේ අටවෙනි උපන්දිනේටද මන්දා.. මට ඒක හුඟක් වටිනවා.. උගේ ඇහැකුත් නෑ දැන්.. ඒ වෙනුවට මම ෂනෙරුගෙන් බොත්තමක් ඉල්ලගෙන දෙන්නා එක්ක එකතුවෙලා මැහුවා.. මට ටෙඩියව දැක්කහම හරිම ලඟ, පණ තියන හැඟීමක් දැනෙනවා.. තාත්තා ඇවිත් ඇඳෙන් ඉඳගෙන මගේ පස්සට එකක් දුන්නා.. පස්ස එක්කමයි දෙමව්පියො ඇරියස් එක..

" ඉලන්දාරියා පරක්කුයි හොඳටම.."

" ට්‍රැෆික් අනේ.. මට අත්තටු දෙකක් දෙන්නකො තාත්තෙ.."

අම්මත් ඇඳෙන් ඉඳගත්තා.. 

" අර මොකටද.."

" පියාඹලා ගෙදර එන්න.. එතකොට අහසෙ ට්‍රැෆික් නෑනෙ.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now