70 කොටස

9.5K 1.2K 1K
                                    

**සලාං**

" මේ දොර අරින්නකො අයුක අයියෙ..!!!"

අයුක අයියා වහලා ගියපු දොර ඇරගන්න මම නොකරපු දෙයක් නෑ.. අන්තිමට පුටුවකුත් අස්සටා දොරල දමලා ගහලා මම ඒකට අත මිටමොළවලා ගහගෙන ගහගෙන ගියා.. එළියෙ හොඳටම රණ්ඩු වෙන සද්දයක් ඇහෙනවා.. වීදුරු කුඩුවෙනවා ඇහෙනවා.. ඒ අස්සෙ පිරිමි ගොඩක් ඇවිත් ඉන්නවා කියලත් තේරෙනවා.. මට මෙතනින් එළියට යාගන්න ඕන.. ඒත්-ඒත් කොහොමද මම යන්නෙ.. ශිට්!!! මට අයුක අයියා යන්න කලින් දොර ඇරගන්න තිබුණා.. කකුල් දෙකත් හොඳටම රිදෙනවා.. තුවාල ඉද්දිලා කකුල් වල බැන්ඩේජ් රතුපාට වෙලා..අනේ ඉසිවර අයියා එනවා කිව්වනෙ.. එයත් තාම ඇවිත් නෑ.. එතකොට කියාන් අයියා.. මම-මම මොකද කරන්නෙ..??

" Open the fucking door..!! Is there anyone.?? මේ දොර අරිනවා..!!!"

එළියෙ ඉන්න කාටවත්ම මාව ඇහුණෙ නෑ.. ඒත් මේ කාමරේ සවුන්ඩ්පෲෆ් නෙමෙයි කියලා මම දන්නවා.. දොර හුඟක් ඝනකම් නිසා මම කියන දේවල් එළීයට හරිම පොඩියට ඇහෙනවා ඇත්තෙ.. දැනටමත් ගේ ඇතුළෙ ලොකු කලබලයක් කියලා මට තේරුණා..

" මම මොකක්ද කරන්නෙ..?? කියාන් අයියා එන්න හුඟක් වෙලා යයිද.. Oh dear God help me..!!"

එවෙලෙයි මම දැක්කෙ අයුක අයියා කියාන් අයියත් එක්ක කෝල් එකක ඉඳල ෆෝන් එක ජනෙල් පඩිය උඩ තියලා ගිහින් තියනවා.. ඇයි මම මේක කලින් දැක්කෙ නැත්තෙ.. මම ගිහින් මොන් නම්බර් එකක්ද බැලුවෙ නෑ කෝල් ලොග්ස් වල උඩම තියන නම්බර් එක ඩයල් කළා.. මේ ෆෝන් එකේ අපි ළඟින්ම අඳුරන අය ඇරෙන්න අනිත් අයගෙ නම්බර්ස් නෑ.. කවුරු වුණත් මට ඕන වුණේ උදව් ඉල්ලන්න විතරයි.. ඒ මොහොතෙ-ඒ කාමරේ ඇතුලෙ දැනුණු පීඩනය මහ මෙරක් වගේ.. මගේ ඇඟිලි තුඩු වෙවුළනවා.. මම හුඟක් බය වෙලා හිටියෙ.. අයුක අයියා කරදරයක් කරගෙනද, මොකක්ද වෙන්නෙ කියලා මම දන්නෙ නෑ.. ඒත් මට එයා වෙනුවෙන් ඉන්න ඕන..

" කියන්න.."

" ක්-කව්ද මේ.. ප්ලීස් මට උදව් කරන්න.."

මම වෙවුළන ඇඟිලි දත් වලින් හපාගත්තෙ මගේ හිත කලබල වෙලා තියන එක නවත්තගන්න.. ඒ එක්කම සාලෙන් කවුරුහරි පිරිමි කෙනෙක් හයියෙන් කෑගහන සද්දෙ ඇහුණා.. තව පුටු වගයක් පෙරළෙන සද්දෙකුත්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now