26 කොටස

12.2K 1.4K 644
                                    

" ෆ්‍රී පීරියඩ් හම්බුණාම කෑගහන්නෙපා ඕයි.. ගිහින් ප්‍රැක්ටිකල් කරපන්..!!! "

ජොනතන් තඩි කොලේකුත් උස්සගෙන කෑගහෙන පන්තියට එද්දි මමයි ෂනෙරුවයි හිටියෙ ශර්ට් එකට සෙලෝටේප් අලව අලව.. ඉන්ටවල් එකේ සුලු වැරැද්දක් වෙලා මගේ ශර්ට් එකේ උරහිස ගාවින් සරාස් ගාලා පලාතක්ම කම්බියට ගියා.. මම අර අසරණ මහල්ලා වගේ උරහිසකුත් එල්ලගෙන පීරියඩ් දෙකක්ම හිටියා මැඩම් උගන්නන නිසා මේකට මොකුත් කරගන්න බැරුව.. හම්බුණ විවේකය අපි දෙන්නා සෙලෝටේප් එකක් හොයාගෙන ශර්ට් එකට යටින් ඒක තියලා අලවලා පොඩි ශේප්මන්ට් එකක් දාගත්තා.. මහන්න දන්නවැයි මොකෝ.. අපිට නෑනෙ සනෙරුට වගේ කතිර මැස්මෙ ඉඳලා මහන්න දන්න බෝයිපෙන්ලා.. රධ්‍ය අයියා හිතේ උපන් ආලයෙන් මූට දවසක් කතිර මැස්මකුත් මහලා දුන්නා.. අපිට තමා මොකෙක්වත් නැත්තෙ.. මහීශා එක්ක ඉඳලා තනිකඩ අඳෝනාව මටත් බෝවෙලාද කොහෙද.. ඉක්මනට හම්බෙන්නෙ නැතැයි.. ඉඳපන් මහගන්නවා කතිර මැස්මෙ ඉඳලා රේන්ද මැස්ම වෙනකල්.. පුළුවන් වුණොත් ගාමන්ට් එකක් දම්මගන්නවා..

" සෙනුක ගැටබෙරේ ගහලා දීපන්කො.. මේ හු#තො එකෙක්ට එන්න බැහැල්ලුනෙ.."

මම සෙලෝටේප් එක හරියට වැදිලද කියලා බලලා එළියට පැනගන්න අවස්තාවක් හොය හොය හිටියෙ.. වාසනාවට නැටුම් කරන උන්ට වන්නමට බෙරේ ගහගන්න එකෙක් නැතුව අපිට කියලා බෙරේ ගහගන්න පිටිපස්සෙම පෝළිමට ආවා.. බෙරද මල්ලි අපි ගැහුවෙ..

" ගහන්නම්.."

සනෙරුවා ඒ එක්කම මහ බලු හිනාවක් දාගෙන පුටුව උඩට නැග්ගා.. 

" ඉක්කෙ සෙනුක කාටද ගහලා.. මොනවද හලෝ සෙනුක.. කාටද ගැහුවෙ.. අතේ-අම්මට.. ඕයි ඕයි ප-"

" නැවතියන් බල්ලා..!! ඔහොම හිටපන්.."

ෂනෙරු ඉස්සරහා ඉන්න එකාගෙ ඩෙස්ක් එකට පැනලා යද්දි මම දෝත බදලා උගෙ කකුලෙන් අල්ලගත්තා.. සපත්තුව මගේ අතේ.. දැන් හිටපන් සපත්තු නැතුව.. 

" සෙනුක ගහලා..?? සිරාවට..??"

විනාඩියයි තප්පර ගානක් ගියේ නෑ සෙනුක කියලා බෝඩ් එකේ එකෙක් ලියලා අතක් ඇඳලා ඊට එහායින් ගහක් ඇඳලා 'ලා' කියලා ලියලා..(සෙනුක>🖐🌳ලා)  මේ පන්තියෙනම් ඉන්නෙ පුදුම අසහනකාරයො ටිකක්.. මුළු පන්තියම හූ තිය තිය බෙරිහන් දෙනවා.. මම ඒක මකන්න ඉස්සරහට ගියා විතරයි මල පැනලා රධ්‍ය අයියා පන්තියෙ දොරෙන් ඇතුළට කඩා වැදුණා.. මහසොහොනා.. මේ එකොළහේ පන්ති නායකයොන්ගෙනුත් අපිට පුදුම වදයක් තියෙන්නෙ.. මම පාඩුවෙ බෝඩ් එක මකන්න යද්දි රධ්‍ය අයියා ඇතුළට කඩා වැදුණු නිසා, ඌ සර් කෙනෙක් කියලා අපේ පන්තියෙ උන් එක පුටුවෙ දෙන්නා දෙන්නා වාඩි වෙලා බයට.. රධ්‍ය අයියා දිග අඩිරූලක් දික් කල්ලා පන්තිය වටේ සර්ච් පාරක් දැම්මා.. ඒ විනාඩියට අර බල්ලට නින්දත් ගිහින්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now