12 කොටස

25.4K 2K 1K
                                    

මම ඊයෙ රෑ වෙනකල් අර ගෝත ඔලුබක්කගෙන් මැසේජ් එකක්වත් ආසාවට ඒවිද කියලා බලාගෙන ඉඳලා ආපු නැති නිසා නිදාගත්තා.. මට වැඩක් නෑනෙ ඌ මැසේජ් නොකරා තියා ෆෝන් එක අල්ලලා කෑලි කෑලි වලට කපලා කෑවත්.. ඇත්තටම මට වැඩක් නෑනෙ..!! මගේ මනුස්සකම නිසා තමයි මේ සේරම.. හිත හොඳ වැඩි වුණාමත් අපිට ඉන්න අමාරුයි කියලා අපේ තාත්තා හැමතිස්සෙම අම්මට කියන්නෙ කට කහනවට නෙමේනෙ.. අපේ තාත්තගෙ කටේ මසුරන් ඔබන්න වටිනවා වෙලාවකට.. ඒ වුණාට දැන් මසුරන් නෑ.. අවුරුද්දට ගනුදෙනු කරද්දි අම්මගෙන් හම්බෙන දාහෙ කොලවලින් එකක් හරි ඔබන්න ඕන..

අද කළා උළෙල.. සතියක් තිස්සේ ඒකට නැහිලා නැහිලා මට නම් සින්දු කියලම එපාවෙලා හිටියෙ.. එකම සිංදුව කීසැරයක් කියන්න කියලද.. මට තිබ්බෙත් ටිකක් වෙනස් එකක් නිසා ගෙදර ඇවිල්ලත් ප්‍රැක්ටිස් කරන්න වුණා.. වීකෙන්ඩ් එකේ ස්ටූඩියෝ එකට යන්නත් ඕන.. ප්‍රෝග්‍රෑම් එකටයි ඇඩ්වටීස්මන්ඩ් එකකට ඩබ් කරන්නයි.. ක්ලාස් එකේ හෝම් වර්ක් මාගලක් වගේ දීලා ඒවා කරන්නත් ඕන.. දැන් ඔක්කොමත් හරි කොහෙවත් ඉන්න මාල ගිරවෙක් වගේ ගෝත ඔලුබක්කෙක් ඔලුවට ඇවිත් මතුවෙවී යනවා.. හිතුණොත් සේරම දමලා ගහලා මම මහණ වෙන්න යනවා.. අපේ තාත්තා තරහවෙන එකක් නෑනෙ මාත් එක්ක.. 

" ලසිත්, රධ්‍ය ඔය දෙන්නා චේන්ජ් කළේ නැද්ද තාම.."

" දැන් යනවා මැඩම්.."

" ඉක්මනට යන්න දරුවනේ.. සෙනුක.. මෙහෙ එනවා.. මම කිව්වා නේද බෑන්ඩ් ප්‍රැක්ටිස් කියලා.. කෝ ගිය සතියේ නැවතිලත් නෑ.."

මේ අක්කගෙන් ඔක්කොන්ටම වඩා වදේ අප්පා..

" ගිය සතියෙ වෝටර්බැලේ තිබ්බා අනේ.. මේ සතියෙ ඉන්නම්.."

" සයිඩ් ඩ්‍රම් දාලා සතියක්වත් නෑ.. ඔහොම බෑනෙ සෙනුක.. මෙහෙ එනවකො.."

ගයනිකා අක්කා මාවත් ඇදගෙන බැක්ස්ටේජ් එකේ මුල්ලකට ගියා..

"  මම නැන්දටයි මාමටයි කියනවා තමුසෙගෙ බාහිර වැඩ වැඩියි කියලා.. ක්ලාස් ටීච හම්බෙලා මට බැන්නත් එක්ක.."

" වැඩ කියන්නෙ මේ කළා උළෙලක් නිසානෙ හලෝ.. මේක ඉවරවුණාම ආයෙනෑ.."

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now