78 කොටස

11.5K 1.2K 1.3K
                                    

" පාසලේ ශිශ්‍යයන් සියලුදෙනාගෙන දක්ෂතා අපි අගය කරන්න ඕන ගරු ඇමතිතුමා.. ඔබතුමා කියන විදියට නව නිපැයුම් දිනයක් පාසලට නම් කරන්න පුළුවන්නම් අනෙකුත් දක්ශා වලටත් ඉඩක් ලබාදෙන්න දිනයක් නම් කිරීමෙ අවශ්‍යතාවය ගැනයි මම මේ පැහැදිලි කරන්නෙ..!!!"

" යෞවන කටයුතු ඇමතිතුමාගෙ යෝජනාවට මම පක්ෂයි.."

" පක්ෂයි.."

" මම විරුද්ධයි..!!"

" ඔබතුමාට පැහැදිලි හේතුවක් තියද විරුද්ධවෙන්න..??"

" භාණ්ඩාගාරයේ වෙන් කරන මුදල් වලින් වැඩි කොටසක් ගොට් ටැලන්ට් එකක් සඳහා වියදම් වෙනවා.. මම හිතන්නෙ ඔබතුමාට මම පැහැදිලි කරන දේ තේරෙනවා.. අපිට ඒ තරම් මුදලක් ආදි ශිශ්‍ය සංගමයෙන් ලබාදෙන්නෙ නැහැ.. ඒ මුදල් වලින් තව අංශ කීපයක්ම නඩත්තු වෙනවා.."

මුගෙ ආච්චිට හාල් ගරන්න.. එහෙම කොහොමද මගේ යෝජනාවක් ඉස්කෝලෙ පාර්ලිමේන්තුවෙ අහක දාන්නෙ.. හැමදාම ඉගනගන්න පුළුවන් කියලා ලේබල් කල්ලා ඉන්න අලි ඔලු කාරයොන්ට විතරයි ඉස්කෝලෙන් සල්ලි දෙන්නෙ.. වෙන දක්ෂතා තියන එකෙක්ට දිනයක් නම් කරන්න බෑ.. මට හොඳටම මළ පැනලා හිටියෙ.. විපක්ෂෙ හිටපු ඔට්ටපාළුවට මෙතන තියන පුටුව උස්සලා ගහන්න හිතුණත් එහාපැත්තෙන් ඉඳන් චමිරු අතින් අදින නිසා මම පාඩුවෙ හිටියා..

අද ඉස්කෝලෙ පාර්ලිමේන්තුව.. හුඟ කාලෙකින් අද සභාව කැඳවලා තියෙන්නෙ.. ටික ටික ඉස්කෝලෙ පුරුදු විදියට හුරුවෙන්න එපැයි.. ඒ කාලෙ ඉස්කෝලෙ ලොකු අයියලා තමයි පාර්ලිමේන්තුව කරන් ගියේ.. එයාලට අමාත්‍යංශය ගානෙ භාරදීලා තිබුණා හොයලා බලන්න.. ඒ කාලෙ මම නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරයි.. ලොකු අයියලා විවාද කරගනිද්දි එක එක යොජනා සම්මත කරගන්න ඡන්දෙ දෙන්න විතරයි අපිට අයිතිය තිබ්බෙ.. ඇත්තටම මේ පාර්ලිමේන්තු කෙරුවාව හෙන කාලෙකින් තියන නිසා හරි අමුතුයි.. අනික වටේ පිටේ දෙනෝදාහක් ඉස්සරහා මේක කරන්නෙ.. මොකට ආයෙ පටන්ගත්තද මන්දා.. මේක අභාවයට ගිහින් කියලා අපි හිතුවෙ.. ඒත් මේ ඕ බී එකට හෙන අමාරුවක්නෙ තියෙන්නෙ.. කලින් ඉස්කෝලෙ තිබ්බ හැමදේම ඊටත්වඩා හොඳින් පටන්ගන්න එකලු කොවිඩ් වලින් පස්සෙ එයාලගෙ දැක්ම.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYUnde poveștirile trăiesc. Descoperă acum