" හෑයියා අනේ.. සනෙරුගෙ යටකලිසමක්..!! බ්වෑක් බ්වෑක් බ්වෑක්..!! මට බෑ අප්පා අල්මාරිය අස් කරන්න.. සෙනුක ඔයා අල්මාරිය අස් කරන්න අනේ මම මේ පොත් ටික පිළිවෙළට හදන්නම්.. මේ ඕගොල්ලො හැදෙන විදිය අන්තිම නරකයි හරිද.. ඔයාලට නිසා මම කියන්නෙ, මෙහ් සනෙරු..!! මතකද හලෝ අර දවසක් කතාකළේ මම ඔයාට.. ඔයාට කියන්න සෙනුක අපේ මිනිහගෙ අල්මාරියෙ අර අනිත් මනුස්සයොන්ගෙත් යටකලිසම් තිබුණා.. ඊයා නැහැදිච්ච පිරිමි ළමයි.. මම නම් කවදහරි හදන්නෙ ගෑණුළමයි විතරයි.. අනේ දෙයියනේ කොල්ලො නම් එපා.. පරම්පරාව ගෙනියන්නවත් එකෙක් ඕන්නෑ.. දැන් බලන්න මේ ඔක්කොම පවුල් සමාජ වලට ඉන්න එකම කෙල්ල කව්ද.. මම..!! මට කොණ්ඩයක්වත් පීරන්න ගෑණු යළුවෙක් නෑ.."
ආශි අත් දෙකට ග්ලවුස් දෙකකුත් දාගෙන ෂනෙරුගෙ ක්වාටස් එකේ විසාල පොත් කන්දක් පිහිද පිහිද පෙට්ටි වලට අහුරන්න ගත්තා.. ගමේ ඉන්න දවස්වලම චමිරුවා ෂනෙරුට ඇනෙක්ස් එකක් බැලුවා.. ඊටපස්සෙ ආශිට කිව්වහම එයා කියාන් අයියත් එක්ක ගිහින් ගේ බලලා හොඳයි කියලා කිව්වා.. ෂනෙරුත් එතනට කැමති වුණා.. අනික ෂනෙරු ගාව වෙලාවට කී මනිත් තිබුණා ඇනෙක්ස් එකකට යන්න.. ගමේ ඉද්දි හුඟක් දේවල් වුණා.. හුඟක් දේවල් දැනගන්නත් පුළුවන් වුණා. හැබැයි මට නෙමෙයි චමිරුට.. රධ්‍ය අයියා යන්න කලින් ෂනෙරුගෙ ආච්චිට කතාකල්ලා එයාලගෙ එෆෙයා එක ගැන කියලා.. ෂනෙරු ඔය හේතුකාරණා නිසා, හුඟක්ම ෂනෙරුගෙ ආච්චිඅම්මා නිසා එයාගෙ හිත හදාගන්න උත්සහ කළා.. රිසාල්ට්ස් ආපු එකත් ඒකට ලොකු හේතුවක්.. ෂනෙරුගෙ ජීවිතේ කඩාවැටෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ රිසාල්ට් එක ඌට අලුත් බලාපොරොත්තු ගොඩක් දුන්නා.. රධ්‍ය අයියා ඌට පෙන්නපු පාරෙ තව දුර යන්න ඕන කියල ෂනෙරුට දැනෙන්න ඇති.. මෙච්චර දේවල් වෙලත් ඌ මේ තත්ත්වෙ ඉන්න එක ගැන මට අවංකවම සතුටක් තිබුණා..
අනිත් හේතුව අපේ ගැන්ග් එකටම ඒ තුන ගානෙ ආපු එක.. ආශි කොළඹින් හැට හතර, මහීශා කොළඹින් පනස් එක.. කියාන් අයියා ආශිට හිනාවෙවී හිටියා මොකක් නැතත් ඒකිට හැට හතර නළලෙම කොටලා තියනවා කියලා.. ඒ අස්සෙ සුභපැතුම් ගොඩයි.. නොදන්න නෑයොත් කතාකල්ලා 'අපේ පුතා' ලු.. අහපල්ලකො ඒක.. උන්නද මළාද දන්නෑ.. එනවා මෙතන අපේ පුත්තු ගාගෙන.. අපේ දේවල් නෑ මම ඇවිල්ලා මගේ තාත්තගෙයි.. අම්මගෙයි.. අර ලේනගෙයි.. තව පොඩ්ඩකගෙයි විතරයි.. හරි කරදරේ.. ඒ වුණාට අපේ තාත්තා හරි ආඩම්බරෙන් පිම්බිලා ඉන්නෙ එයාගෙ වෙන්ඩ දොස්තර, රත්තරං පුතා ගැන.. උදේ මම ගෙදර එද්දි අත් දෙකත් පිටිපස්සට කරගෙන පපුවත් පුම්බන් ඉස්තෝප්පුවට වෙලා හිටිය විදිය, හරියට මේ ලෝකෙ ඉන්න ආඩම්බරකාරම තාත්තා අපේ තාත්තා කියලා හිතාගෙන.. මම දුවගෙන දුවගෙන ගිහින් තාත්තගෙ ඇඟට පැන්නහම තාත්තා මගේ ඔලුවට ලොකු හාද්දක් දීලා එයා මං ගැන ආඩම්බර වෙනවා කිව්වා.. මොනවද ඕන කියලත් ඇහුවා.. කියලා නිම කරන්න බෑ මට මගේ සතුටටත් වඩා එයාලගෙ සතුට දකිද්දි.. මට එයාලගෙ මහන්සිය වෙනුවෙන් දෙන්න පුළුවන් දේවල් තමයි මේ.. ජොනාටත් ඒ තුනක් කිව්වා. නෆ්‍රාස්ට ඒ දෙකයි බී එකයි.. අපේ අරවින්ද පොඩි පගයා ආට් ස්ට්‍රීම් එකෙන් මෙහෙන් අනූ ගණන් වලට ඇවිල්ලා.. ඉස්සෙල්ලම කතාකල්ලා කිව්වෙ මටලු.. මට නම් ලෝකයක් ලැබුණා වගේ දැනෙන්නෙ.. ඒ සතුටට මගේ මුළු හදවතම පිරිලා ඉතිරිලා යනවා.. මට ඒක අවංකවම දැනුණා.. හරියට මගේ මුළු ලෝකෙම එකසැරේ සතුටු හිතෙන කහ පාට තීන්ත බාල්දියකින් නාවලා වගේ.. අම්මත් ඉන්නෙ හුඟක් සතුටින්..
YOU ARE READING
BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
Romance" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්‍ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක්...