120 කොටස

12.2K 1.1K 1.3K
                                    

" ක්ෂිතිජ අයියා රෑට එනවා කිව්වා මාව එක්කන් යන්න.. හොඳේ අම්මෙ..!!"

" හරි හරි ළමයො.. මගේ කන ඇහෙනවා.."

මම අම්මගෙ කොණ්ඩෙත් විසිරුවගෙන ගිහින් සාලෙන් ඉඳගෙන තාත්තා එනකල් පාර දිහා බලන් හිටියා.. තව ටිකකින් අපේ තාත්තා ගෙදර එනවා කිව්වා.. අද කලින්ම එනවා අම්මත් එක්ක රෑට ඩිනර් අවුට් එකකට යන්න.. ඒ දෙන්නටත් නිදහසේ කතාබහ කරන්න, ආදරේ කරන්න, තනියම ඉන්න වෙලාවක් ඕනනෙ.. ඔව්වා නොතේරෙන්න මම අත දරුවෙක් නෙමේ.. කොහොමත් ඒ දෙන්නා ඇවිදින්න යනවා ඉස්සර ඉඳන්ම.. වෙනසකට තියෙන්නෙ ළඟකදි ඉඳන් මම ඒවට සහභාගී වෙන්නෙ නෑ.. අපේ තාත්තට හරි හැපී අම්මත් එක්ක ඇවිදින්න යන්න තියනවනම්.. අම්මත් වෙනදට වඩා හෙන ලස්සන ගවුමකුත් මැදලා, මට කියලා රෝසපාට කියුටෙක්ස් එකකුත් අතේ ගාවගෙන නාගෙන කුස්සියෙ තුනපහ වගයක් හද හද හිටියෙ.. 

අද රෑට හංස පුතා යනවා ෂැන්ග්‍රි-ලා එකේ තියන ඕ බී එකෙන් ඕගනයිස් කරන ඩිනර් එකේ පියානෝ ප්ලේ කරන්න.. ඕ බී එකෙන් ඔහොම ඉවෙන්ට්ස් නිතර ඕගනයිස් කරනවා.. එතකොට ඉස්කෝලෙන් තමයි පියානිස්ට් කෙනෙක් යන්නෙ එතන ඉවෙන්ට් එකේ ප්ලේ කරන්න.. තව සින්ග් කරන්නත් දෙන්නෙක් එනවා කියලා කිව්වා.. ඒකට සිංහවංශ සීයයි, කියාන් අයියගෙ තාත්තයි, රධ්‍ය අයියගෙ තාත්තයිත් එනවා.. ඒ ඇරෙන්න සංහිත නැති නිසා චමිරුගෙ අම්මත් ඒවි.. මම කල්පනා කළේ ඔතනට ගිහින් මට පෙරළෙන බාල්දිය කොයි වගේ හැඩයක් ගනීද කියලා.. හැමෝටම නෝට් නොවී ඉන්න බෑ මම එතන පියානිස්ට් නිසා.. ඩිනර් ඩාන්ස් එකේදි කොහොමත් මාව මීටර් වෙන්න ගන්නවා.. ඔහොම එකක් තමා වුණොත් මට වෙන්නෙ.. පාඩුවෙ ගෙදරට වෙලා ඉන්න නෑ මල පාන්දර කෝල් කල්ලා 'ඇඤේ සෙනුක අයියෙ පියානිස්ට් කෙනෙක් නෑ ඔයාට පුළුවන් නම් එන්නකො' ගානවා.. මියුසික් ක්ලබ් එකේ නමට හොඳ නැති නිසයි, අපේ අක්කත් ඉස්කෝලෙ ගියේ නැති නිසා ඒකෙ බැනුමත් අක්කගෙ එකවුට් එකට බැර වෙන නිසයි මම කැමති වුණා රෑ ඉවෙන්ට් එකට යන්න.. 

අයුක අයියට කතාකල්ලා මේක ගැන කිව්වහම අයුක අයියනම් කිව්වෙ ගියාට කමක් නෑ, බය වෙන්න එපා, ඒත් එතන කන බොන මෙලෝ දෙයක්, වතුර උගුරක්වත් බොන්න යන්න එපා කියලා.. චමිරුගෙ අම්මත් එක්කත් වෙනදා වගේ සාමාන්‍ය විදියට හිනාවෙලා ඉන්න කිව්වා, මොකුත් දන්නවා වගේ අඟවන්නෙ නැතුව ඒත් ලොකූ කතාබහක් තියාගන්න එපා කියලා කිව්වා.. සේරටම වඩා දුක කන්න එපා කිව්ව එක.. තරු හතේ හොටෙල් එකකට ගිහින්, සල්ලි නැතුව කන්න දිලත්, කන්නෙ නැතුව එන එකම එකා මම වෙන්නැති.. මේක නම් පුදුමාකාර දුකක් හංස තාත්තෙ..!! 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYOnde histórias criam vida. Descubra agora