30 කොටස

13.1K 1.4K 803
                                    

ඊයෙ රෑ ගෙදර ඇවිත් නාගෙන වැඩ කල්ලා ඇඳට වැටෙනවා විතරයි මතක.. හොඳටම නින්ද ගියා.. එකදිගට මහන්සි වෙන නිසා ඇඟට හරිම අමාරුයි.. ඇඳට වැටුණහම මැරිලා වගේ නින්ද යන්නෙ.. මහන්සි වෙලා වෙලා නිදාගන්න එකත් වෙනම ආතල් එකක් හැබැයි.. මගදි ඇහැරෙන්නෙ නෑනෙ.. අම්මා ඊයෙ රෑ ඇඳුම්, බෑග් එකට දාලා හදලා දුන්නා.. අපි කලින් නුවර එළීයෙ කෑම්පින් ගිහිල්ලම නෑ.. මේ සැරේ පළවෙනියටම යන්නෙ.. රෝවර් ස්කවුට්ලත් යන්න එනවා.. මේ සැරේ කෑම්පින් එක ලොකුවටම තියනවා වගේ.. ඔක්කොම ලිස්ට් එකෙත් හාරසීයක් විතර හිටියා.. එතකොට එක ටෙන්ට් එකකට කීයක් විතර සෙට් වෙයිද.. පැක් කල්ලා ඉන්න වෙයිද දන්නෙත් නෑ.. කූඩැල්ලො ඉඳීවිද..?? 

මම ඔව්වා හිත හිත බාතෲම් එකට ගිහින් බ්‍රශ් එක කටේ ගහගත්තා.. අම්මගෙ රත්තරං පුතා දවස් දෙකකට ගෙදර නෑනෙ.. පාළු හිතෙයිද දන්නෙ නෑ.. මම දත් මැද මැද කණ්ණාඩියට මූණ ඔබාගෙන මූණෙ පැල්ලම් තියන තැන් හොයද්දි අම්මත් දොර ඇරගෙන බාතෲම් එකට වැදිලා මගේ ඔලුවට ටවල් එක දමලා ගැහුවා.. හංස කුමාරයට හරිම වදේ..

" අනේ අම්මෙ..!!"

" සිහියකින් නෙමේ ඉන්නෙ.. ටවල් එක අරන් එන්න දන්නැද්ද.."

මම අම්මගෙ පැත්ත හැරිලා බ්‍රශ් එකත් කටේ ගහගෙන සිනහවක් පා කල්ලා යැව්වා.. කටේ සිග්නල් නිසා ලස්සනට පේන්නෙ නැතුවැති ඒක.. කට හෝදගන්නකල් හිටියෙ නෑ අම්මා ගියානෙ.. අපේ අම්මා අයුක අයියටත් එක්ක කෑම හදනවා.. මම කණ්ණාඩියෙන් බලාගෙන අයුක අයියව හම්බුණාම ගුඩ්මෝනින් කියන විදිය ප්‍රැක්ටිස් වුණා.. සාක්කු දෙකට අත් දෙක දාගෙන ඉඳලා ඌ එද්දි පිටට එකක් දෙන්නද.. ඒක වැඩී වගේ.. ජී එම් කියලා කියනවා.. නැත්නම් කොරියන් ඩ්‍රාමා වල වගේ ඔලුව නමලා.. ශික්කෙ.. ඌ හිතයි මට පිස්සු තදවෙලා කියලා.. ආවහම ගැම්මට පපුව ඉස්සරහට දාගෙන ගිහින් ගුඩ්මෝනින් භොක්ක කියලා කියනවා.. භොක්ක කියන්න යන්න හොඳ නෑ තුන් ඉරි ලේනා හිතන්න ගත්තම වැට කඩුලු කඩාගෙන යන්න හිතනවා.. හුඟක් පපුව ඉස්සරහට දාන්නත් හොඳ නෑ.. මේ ගානට ශේප්.. 

" ගුඩ් මෝනින් ගෝත තුන් ඉරි ලේන් පැටියෝ~"

කණ්නාඩියෙ ඉන්න හැන්ඩ්සම් සෙනුක කටෙ සිග්නල් පිටින් නළදත් දෙකයි ඩිම්පල් දෙකයි පේන්න ලස්සනට හිනාවුණාම මාව කලන්තෙ දාලා වැටෙන්න ආවා.. චිරාග් අයියත් දවසක් කිව්වා මම හෙන හැන්ඩ්සම් මනමාල පෙනුමයි කියලා.. අයුක අයියටත් මාව ලස්සනට පේනවද-ඌ කොහොම දැක්කත් ඉතින් වැඩක් නෑනෙ.. එක අතකින් කලාත්මක ඇහැක් තියන නිසා මාව කලාගාරයක් වගේ පේනවැති.. පුහ්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYHikayelerin yaşadığı yer. Şimdi keşfedin