100 කොටස

10.2K 1.1K 1.1K
                                    

" සෙනුක..!!"

මම ලැප් එක දිහා බලාගෙනම චමිරු එක්ක කතාකළා.. මම හිටියෙ හෙන ලොකු වැඩක..

" ඇයි.."

" ආ මම වදයක්නෙ.. එල.. අපි වදයක් වෙන්නෙ නැතුව හිටියහම ප්‍රශ්ණ ඉවරයිනෙ.."

චමිරු මූණ හාල්පොතක් කරගෙන දමලා ගහලා යන්න හදපු නිසා මම ලැප් එක පැත්තකින් තියලා උගේ කලිසමෙන් ඇදලා මං ගාවින් වාඩිකරගත්තා.. යකෝ මම දාහක් වැඩ තියන මනුස්සයෙක්.. මුගේ වල්පල් අහ අහ ඉන්න බෑනෙ.. ඒකත් එන්නෙ මොකක් හරි වැඩක හොඳම හරියෙ ඉද්දි.. ඊටපස්සෙ පොඩ්ඩක් ඉඳපන් කිව්වහම යනවා ආඩපලි කිය කිය.. 

" කියපන්.."

" අපේ අයියව දැක්කද.."

" ග්‍රවුන්ඩ් එකේ ඇති.. යකෝ අයියව හම්බෙන්නනම් ඌව හොයාගෙන පලකො මෙතන ඉඳන් මක් කරනවද.."

මම චමිරුගෙ පිටට ෆයිල් එකකින් දුන්නහම ඌ මහ කුපාඩි හිනාවක් දාගෙන අපි ඉස්සරහා හිටපු කෙල්ලො ටික පෙන්නුවා.. මම පැත්තකට වෙලා මියුසික් බ්‍රේක් එකට ට්‍රැක් එකක් හද හද හිටියෙ.. මේ කෙල්ලො සම්බන්ධ ප්‍රශ්ණ කිසිදේකට මම සම්බන්ධ නෑ කියලා මට ක්ෂිතිජ අයියා නමින් දිවුරන්න පුළුවන්.. ඒත් මගේ ටයිමින් වලට හෙන ගහන්න අයුක අයියා මෙතනට කඩාවැදුණොත් 'මෙච්චර ඉඩ තියෙද්දි ඇයි වත්සල් ඔයා මෙතනම ඉන්නෙ' කියලා අහගන්න පුළුවන්.. අන්තිමට 'ඇත්ත කියන්න සුදූ ඔයා ස්ට්‍රේට් නේත යැයි යැයි' අපෝ ඔව්වා අහගන්න බෑ.. ඒත් ප්ලග් පොයින්ට් එකක් තියෙන්නෙ මෙතන විතරයිනෙ.. නැතුව මම ප්ලග් එක අරන් චමිරුගෙ පුපේ ගහන් වැඩකරන්නද.. ඌ විදුලි ආඳෙක් වගේ වුණානම් ඒක ප්‍රායෝගික වෙන්න තිබ්බා.. අවාසනාවට ඌට එහෙම හැකියාවක්වත් නෑ.. මෝඩ මූසලයෙක් අප්පා මේ මස්සිනා කියන එකානම්.. ඌ ඇතුවත් බෑ නැතුවත් බෑ..

" ආ ඔය ඉන්නෙ තරුවි.. ගිහින් කතාකරපන්.."

" බෑ.. මම තරුවි එක්ක කතාකරන්න නෙමේ ආවෙ උඹ එක්ක කතාකරන්න.."

" කොහොම වුණත් උඹේ පුප කළුයිනෙ නේද බං.. අඩෝ බ්ලීචින් ටිකක් හරි දාලා සුදු කරගනින්.."

" උඹට මොකටද මගේ පුප ගැන.. ඒක මං බලාගන්නම්.."

" නෑ ඉතින් පව් නිසා කිව්වෙ.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYOnde histórias criam vida. Descubra agora