110 කොටස

9.5K 1.1K 946
                                    

" උඹලා මොකද බං කරන්නෙ.."

ජොනයි, මමයි, නෆ්‍රාසුයි, ෂනෙරුයි රවුමට ඉඳගෙන මැද්දෙන් ෆෝන් එකකුත් තියාගෙන කම්මුල් වලට අත් ගහන් ඉන්නවා දැකලා කුතුහලේට චීත්ත චමිරුවා ඒකට හොට දැම්මා..

" ලොකුඅයියගෙන් කෝල් එකක් එනකල් බලන් ඉන්නවා.. පේන්නැද්ද උඹට අපි ලොකු වැඩක්.."

" යකෝ ඉස්කෝලෙ ටොප් බෝර්ඩ් එක නේද මේ මේසයක් වටේ රවුමට ඉඳගෙන රොටී කන්නෙ.. ගිහින් ගේට් එක බලපන්..!!!"

චමිරු දාඩිය දමාගෙන ශර්ට් එකේ බොත්තම් දෙකකුත් ගලෝගෙන ඇවිත් අපි වාඩිවෙලා හිටපු රවුමට එකතු වුණා.. මම නම් මේ හෙන බඩගින්නක් ඇවිත් රොටියක් කන්න කැන්ටිම ගිහින් ආපු ගමන්.. ඊටපස්සෙ ජොනාටත් රොටී කන්න ඕන වෙලා ඔක්කොම එක්ක චමිරුගෙ වොලට් එකෙන් සල්ලි උස්සලා රොටී ගෙනාවා..

" ඇයි ගලෝගෙන ගිහිල්ලලුද.."

චමිරු ජොනාට අතින් කුණුහර්පෙකුත් පෙන්නගෙන පොතක් අරගෙන පවන් ගහගන්න ගත්තා..

" කන රෙද්දක් මටත් දීලා කාපන්කො.. තනියම කන්නෙ.. උඹලනම් මහ පුදුම යාළුවො තමා.."

ෂනෙරුවා චමිරුට දෙකක් රවලා උගේ රොටියෙන් බාගයක් චමිරුට දික් කළා.. චමිරු මගේ ශර්ට් එකේ උගේ අත් දෙක පිහාගෙන ෂනෙරුගෙන් රොටිය අරගෙන කන්න ගත්තා.. මූට කෑල්ල දැක්කහම මස්සිනාකම බල්ලට යනවා.. ඔක්කොම එකයි.. පොර දන්නෑ මේ උගේ සල්ලි වලින් අපි කන්නෙ කියලා.. මේක විතරද අපි කෑවෙ නෑනෙ.. මීට කලින් කැන්ටිමේදි වටලප්පම් කෑවා.. ඊටපස්සෙ කෝක් බීලා පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් ඉක්ලෙයාස් වගේකුත් කෑවා.. ඊටපස්සෙ මම වොලට් එක පරිස්සමට ගෙනැත් උගේ බෑග් එකටම එබුවා.. ඉක්කෙ ගත්තුගමන් මුගෙ නරි මූණක් තියන අයි ඩී ෆොටෝ එක පේන්න තියෙන්නෙ.. අපි කවුරුත් අයි ඩී ෆොටෝ වල ලස්සන නෑ මහත්තයො.. මගේ අයි ඩී එකේ ෆොටෝ එක ගන්න වෙලේ මෝඩ සනෙරු පිටිපස්සෙ ඉඳන් කට ඇද කල්ලා මට ඒකට හිනායන ගමන් වැදිලා තියෙන්නෙ.. මූණ දෙපැත්තෙ අලි වලවල් දෙකක් හැදිලා දැක්කහම වහ කන්න හිතෙනවා.. මම ලැජ්ජාවට මනුස්සයෙක්ට අයි ඩී එක පෙන්නද්දි මූණට ඇඟිල්ලක් තියලා වහලා පෙන්නන්නෙ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYحيث تعيش القصص. اكتشف الآن