83 කොටස

11K 1.2K 1.1K
                                    

අද උදේ පාන්දරම ෂනෙරුයි රධ්‍ය අයියයි වලි..

මේ පගයො දෙන්නට බෑනෙ අම්මපා පොඩ්ඩක් උදේ පාන්දරවත් රණ්ඩුවෙන්නෙ නැතුව ඉන්න.. රධ්‍ය අයියගෙ ශර්ට් එකේ බොත්තමුත් ගළවලා මගේ යාළු මනුස්සයා.. මම උන් දෙන්නා නොපෙනී ගියපු නුග ගස් පේළිය දිහා දුර ඉඳන් බලගෙන ඉඳලා කියාන් අයියා දිහාවට හැරුණා.. මේ අනිකා සියඹලයක් තියාගෙන කනවා කනවා ඉවරයක් නෑ.. ඕක පොඩ්ඩක් හිමින් කාපන්කො අපි උදුරන් කන්නෙ නෑනෙ.. ඔය සේරම අස්සෙ චමිරුවා කොහේදෝ මන්දා ඉඳන් මූණත් දෙල් කරන් කණ්ඩියකින් ඉඳගත්තා.. අයුක අයියත් හිටියෙ නැති නිසා මම චමිරුවා ඉන්න පැත්තට ඇවිදගෙන ගියා.. ඌ එක්ක හරි කතාකරන්න..

අද අපේ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ස්ලට වන්නයිට් කෑම්ප් එකක් දාලා.. ඒකට ප්‍රයිමරියෙ ඉන්න ප්‍රිෆෙක්ට්ස්ලගෙ ඉඳන් ඉස්කෝලෙ සීනියර් බෝඩ් එක වෙනකල් හැමෝම එනවා.. රෑටත් නවතින්න තියනවලු.. අපේ අම්මා නම් දැන් හරියට කච කච ගානවා මේවගෙ යන්නෙ නැතුව ගෙදර ඉඳන් පාඩම් කරන්න කියලා.. අර බ්ලු නයිට් එකටත් ගියානෙ 'මේක විතරයි අම්මෙ' කියලා.. තාත්තා තාම රතු එළි නිකුත් කල්ලා නිවාස අඩස්සියෙ දැම්මෙ නෑ.. හැබැයි දැම්මොත් ඔක්කොම දමලා ගහලා නවතින්න වෙනවා.. අපේ අම්මා රතු එළි නෙමේ තොරණ වගේ නිකුත් කළත් මම එච්චර ගණන් ගන්නෙ නෑනෙ.. 

මම චමිරු ගාවට ගිහින් ඉඳගත්තා.. චමිරු ලිස්සලා මං ගාවට කිට්ටු වෙලා ආයෙ කකුල් දෙක පද්ද පද්ද බිම බලන් කතාකරන්න ගත්තා..

" මට ගෙදර යන්න ඕන බං.."

" ඒ මොකෝ.. පිස්සු නැතුව ඉඳපන් අද විතරනෙ.."

" නෑ පාඩම් කරන්නත් තියේ.. අපරාදෙ මට මේක රිජෙක්ට් කරන්න තිබ්බා.."

" එකසැරේ මොකෝ අවුල් ගියේ.."

" අවුලක් නැහ්.. එපාවෙනවා බං.."

ඌ මූඩ් ගහලා ඉන්න හේතුව මට තේරුණේ නෑ.. මම ඔහේ ග්‍රවුන්ඩ් එක හතර අතේ එක එක කණු හිටවන එව්වයි මැට් දිගාරින දිහායි බලාගෙන හිටියා.. මේ පගා මූඩ් ගහලා ඉද්දි මගෙන් ඇඟ රිදෙනවා වගේ.. මස්සිනා කියලා අහක දාන්න බෑනෙ.. අහක පියාඹපු පරවියො ගෙනැත් මගේ හංස විලේ දමාගත්තනම් දැන් ඉතින් උගේ සැප දුක අහන්න වෙනවා.. මම මේ දවස්වල කල්පනා කරන්නෙ චමිරු ඇත්තටම ආදරේ කරන්නෙ කාටද කියලා.. ඌ කොල්ලොන්ට කැමතී තමා.. ඒත් උගේ විදියට කොල්ලො හරියන්නෙ නෑ. මූට ටික කාඅයක් ගියහම ආතල් එකක් නැතිවුණහම එපා වෙනවා.. අනික ඌ කවදහරි කෙල්ලෙක් බඳින්නම එපැයි.. නැත්නම් ගෞරවලා චමිරුව ඉස්ටුවක් දාලා අපේ ගෙදරටත් බාගයක් එවයි.. මට හරක් මස් කන්න බෑ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now