101 කොටස

14.8K 1.3K 1.1K
                                    

" කෝ එන්නකො එකපාරක් හරියට කියමු..
 En Kuda Pesura Photova, Unakku Nerila Kattikava
(Shall I show you in person, the photo that talks with me?)

Enakku Pidicha Ellam Inippum, Sapida Tharattuma
(Shall I give you all the sweets, that little one likes?).."

මගේ කලිසමේ එල්ලිලා හිටපු පොඩි එකා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.. තප්පර තුනක කෑල්ලට  ප්‍රයිමරියෙ පොඩි එකෙක් අරන් අපේ ඔකෙස්ට්‍රා එකම දැන් එසේ මෙසේ දුකක් නෙමෙයි විඳින්නෙ.. බැරිම තැන මම ඌව වඩාගත්තා..

" අනේ මට ලැජ්ජයි.."

" මේ අයියලා ඔයාට හිනාවෙන්නෑ.. පොඩ්ඩයිනෙ කියන්න තියෙන්නෙ.. ඔයා ටීච එක්ක කියනවද එහෙනම්.."

" බෑ මට ලැජ්ජයි.."

ඩ්‍රම්ස් ප්ලේ කරන එකාට මල පැනලා ඌ ඩ්‍රම් පැඩල් එක පාගගෙන පාගගෙන ගිහින් රයිඩ් සිම්බල් එකට සලාං ගාලා ස්ටික් දෙක අතෑරියා..

" අයියෝ හැ#නෙනවා.."

" කෑගහන්නෙපා ඕයි පොඩි එකෙක්නෙ.."

" අපිට ටිකක් ලොකු මල්ලි කෙනෙක් ගන්න බැරිවෙයිද මෑම්.. මෙයා පොඩි නිසා එදාට බය වුණොත් මාර වැඩේ වෙන්නෙ.."

අපේ අක්කා බෝලයක් වගේ සාරිපොටෙන් බඩත් වහගෙන අමාරුවෙන් නැගිටලා ස්ටේජ් එක මැද්දට ආවා..

" අනේ පුතේ කියන්නකො චුට්ටයිනෙ තියෙන්නෙ.. එයාගෙ වොයිස් එක හරිම යුනික් කියුට් ගතියක් තියනවා.. අපි කොහොමහරි කල්ලා ප්‍රැක්ටිස් කරලා ගමුකො.."

" මේක හෙන රිස්කි නැද්ද මෑම්.. රගුවරන් එයාගෙ පාට් එක කොච්චර හොඳට කළත් මේ මල්ලි ඇඬුවොත්..??"

" සෙනුකට ශේප් එකේ මයික් එක පාස් කල්ලා පොඩි එකෙක් වගේ කතාකරන්න කියමු.. හඬ නළුවනෙ බං.."

" අනේ මේ කුණුහර්ප කතාකරන්නැතුව ඉඳපන්.."

" අපි මෙයාට පොඩ්ඩක් ස්ටේජ් එකේ ඇවිදලා ඔයාලා එක්ක යළුවෙන්න ඉඩ දෙමු.. එයා බය වෙලා ඇත්තෙ.. පුතේ ඔයා මේ අයියලත් එක්ක යාළු වෙන්නකො.. මේ අයියලා ශෝයි.."

මට මහ කුපාඩි හිනාවක් ගියපු නිසා පොඩි එකාව බිමින් තියලා මූණ පිහගෙන ආයෙම බැටන්* එක අතට ගත්තා.. ශෝයි නේන්නම්.. ඒක ගැන කියලා නිම කරන්න මට වචන නෑ.. පෙරේදා පොඩ්ඩකට ලැප් එක අර පොඩි පගයට බලාගන්න දුන්නහම මුන් සේරම එකතුවෙලා ඒකෙ නොබලපු දෙයක් නෑ.. හොඳ වෙලාවට ලැප් එකේ ෆොටෝස් අරවා මේවා පෙන් එකකට දාගෙන අරන් තිව්වෙ.. ඇත්තටම ඒවගෙ තියන සමහර ෆොටෝ වීඩියෝ කොහොම මං ගාවට ආවද කියන එක මටම අභිරහසක්.. කොහොමහරි ඇවිත් තියේනෙ.. ඒකයි වැදගත්.. ඒ අස්සෙ රධ්‍ය අයියා ෂනෙරු කියලා කොට්ටයක් බදන් ඉඹින වීඩියෝ එකකුත් තිබ්බා.. අයුක අයියා බැට් එක කකුල් දෙක අස්සෙ ගහගෙන අයිස්ක්‍රීම් කන කුජීත වීඩියෝ එකකුයි.. ෂනෙරු ස්කූල් ෆ්ලැග් එක ඉනේ බැඳගෙන කරක කරක නටන එකකුයි.. ආශි ෂනෙරුලාගෙ ගෙදර ගිහින් විල්බැරැක්කයක් තල්ලු කරගෙන මාව කුණූගොඩකට හලන එකකුයි.. ආයෙ වෙලාවක් හොයන් බලන්න ඕන.. ඔච්චරනෙ ඉතුරු අන්තිමේදි..
( conductor's stick is calleda baton )

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now