57 කොටස

13.3K 1.3K 1.5K
                                    

" තම තමන්ගෙ ඩියුටීස් හරියට කරන්න ඕන වගේම අඩුපාඩු වෙන්න බෑ.. මතකනෙ.. පොඩි ළමයි නෙමෙයි ඉවෙන්ට් කීපෙකම ප්‍රසන්ටින් හිටපු අය මෙතන ඉන්නෙ.. ටැමිල්-සිංහල දෙකම අපි මීට කලින් සක්සස්ෆුලි කල්ලා තියනවා.."

මම මීඩියා ක්ලබ් එකේ නේම් ටැග් කරපු අයිඩී එක ගානෙ කට්ටියට බෙදලා දුන්නා.. ඉස්කෝලෙ අවුරුදු උත්සවේ අද.. මීඩියා එකට අද සෑහෙන්න වැඩ ගොඩක් තියනවා.. අවුරුදු උත්සවේ චාරිත්‍ර ඉවරකල්ලා හරියටම නමය වෙද්දි මම ස්ටේජ් එකේ ඉන්නත් ඕන.. ඊටකලින් යුනිෆෝම් එක ගලවලා ඉන්න එපැයි.. හැමෝම ඇඳගෙන මම විතරක් තාම යුනිෆෝම්.. ටිකිරිලියා වේට්ටිය ඇඳගත්තද දන්නෙත් නෑ.. පෞකාරයගෙ රෙද්ද හදන්නත් තියේ මට..

" හරි හරි බං මට වැඩ ඔලුවට උඩින්.. ඉක්මනට ක්ලාසස් වලට පලයන්.."

මම මීඩියා රූම් එකේ ඉඳලා මියුසික් රූම් එකට ගිහින් ගයනිකා අක්කව හෙව්වා.. අක්කා අද ලා කොළ බතික් ඔසරියක් ඇඳලා කොණ්ඩෙ ලොකු මලක් ගහලා වෙනදට වඩා දෙගුණයක් මේකප් කල්ලා.. බලන්නෙපෑ ලස්සන.. තාම බඩක් ඇවිත් කියලා පේන්නෙවත් නෑ.. මම ඉතින් හොරාටම අක්කගෙ හැඩ බලලා රූම් එකේ තිබ්බ යක්බෙරෙයි ගැටබෙර දෙකයි ස්ටෙජ් එකට යවන්න කියලා පන්තියට දුවගෙන එද්දි ෂනෙරු පැත්තක් පලපු රෙද්දක් අතේ තියාගෙන උඩ බලාගෙන ඉන්නවා.. මුගේ මොනා බලන්නද මම.. දැකලනෙ තියෙන්නෙ.. අන්න රධ්‍ය අයියට බලාගන්න පුළුවන් අද මොනා මොනා හරි.. ෂනෙරුට සරම් ඇඳගෙන ඉන්න බෑනෙ.. කෙලින්ම රෝල් වෙලා කකුල් දෙක ගාවටම වට්ට ගන්නවා.. අද පොර දෙමළ කොල්ලෙක්ට අඳින්න අර දෙපැත්ත පලපු කමිසෙයි වේට්ටියකුයි හරහට දාන්න සළුවකුයි උස්සන් ඇවිල්ලා.. මගේ වාසනාවට මම හිටියේ සිංහල කොල්ලෙක්ට අඳින්න.. 

" මේක අන්ඳවපන්කො.. මට බෑ මේ සරුවාලෙ පටලන් ඉන්න.. මම ශෝට පිටින් ඉන්නද බං.."

මම ඌ කියන එව්වත් අහගෙන සපත්තුදෙක ගලවලා බාටා දෙකක් දාගෙන ශර්ට් එක පැන්නුවා.. ක්ලාස් එකේ උන් දැන් අපේ ලොකුකම කියලා ඒ හැටියට ආස්‍රයක් නෑනෙ.. අපි ලොකු ලොකු අතු අල්ලගෙනලු ඉන්නෙ.. මේ පන්තිය පුදුම විනෝදයක් ගෙනදෙන්නෙ.. මම ඉතින් දන්න විදියට සනෙරුවගෙ වේට්ටිය පටලලා ඒක පටලන්න බැරිම තැන මැඩම් ඇවිත් ඌට අඳින විදිය කියලා දුන්නා.. මගේ සරම කළුපාටයි කහපාටයි එකක්.. ඇන්ඳහම පැත්තෙන් කහපාට ඉරි දෙකක් ගිහින් තියනවා.. ඒකට පැත්තෙන් ගැටගහන්න තියන දෙපැත්ත පළපු කමිසෙයි.. ඒකෙ පැත්තට කළුපාටින් ඉරි දෙකක් ගිහින් තියනවා.. අපේ අම්මා තමයි මේ සරුවාල උස්සගෙන එන්නෙ.. සරම් ඇඳගෙන ඉන්නත් බෑ.. ජීවිතේට සරමක් ඇන්ඳෙත් ඉස්කෝලෙ ඇවිත් අවුරුදු කුමාරයට ගියොත්, එක්කො කලා උළෙලකට ගියොත්.. නැත්නම් ස්ටූඩියෝ එකෙන් තියන අවුරුදු උත්සවේට ගියොත්.. අන්තිමට තිබ්බ අවුරුදු උත්සමේ අවුරුදු කුමාරයා වුණේ ෂනෙරු.. ඊටකලින් පොඩි කාලෙ මම ගිහින් තියනවා.. සොඳුරු අතීතය තමයි ඉතින්.. දැන්නම් ඔව්වට යන්න මට ලැජ්ජයි.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now