90 කොටස

12.5K 1.2K 889
                                    

" ක්ෂිතිජ අයියේ..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!"

උදේ පාන්දර හත වෙද්දි මම ක්ෂිතිජ අයියලගෙ ගෙදරට පැනලා ටොමියවත් අතගාගෙන අංකල්ටත් හායි එකක් දීගෙන ක්ෂිතිජ අයියගෙ කාමරේට කඩාවැදුණා.. දැන් මෙහේ හෂිනි අක්කා නෑ.. බබයි හස්බනුයි එක්ක එයාලගෙ ගෙදර ගිහින් ඉන්නෙ.. ආන්ටි මට තේ බොන්න කතාකළාට උදේම හංස අම්මා රෑ බීම බීලා හෙම්බිරිස්සාව හදාගත්තු මට ඉඟුරු දාලා තේ එකක් පෙව්වනෙ.. ඊයෙ රෑ යම්කිසි පොඩි සිදුවීම් වගයක් වුණා.. එකක් මම අයුක අයියත් එක්ක ඩීජේ එකේ නටනවා අපේ අම්මා ඇස් දෙකටම දැකලත් මොකුත් කිව්වෙ නෑ.. ඊළඟට යන වෙලාවෙ අයුක අයියා වඳිනකොට හග් එකක් දීලා කලින් අසනීප ගැන අහලා පැය බාගයක් විතර, මම නැතුව සාකච්ඡාවක් තිබ්බා.. ඊටපස්සෙ ගෞරව ඇමතිතුමා සාගා එකට එන්නෙ සෙනුක ඉන්න නිසාමයි කියලා අර ප්‍රින්සිපල් ඉස්සරහා කිසි බයක් සැකක් නැතුව කිව්වා.. දැන් ප්‍රින්සිපල් හිතාගෙන ඉන්නෙ මගෙයි අයුක අයියගෙයි කොහෙන්හරි නෑකමක් තියනවා කියලා.. නම් දෙකත් එක වගේනෙ.. ඊටපස්සෙ අම්මා යන්න කිට්ටුව චමිරුත් ඇවිත් මහා ගුරු භක්තියෙන් අපේ අම්මත් එක්ක කතාකල්ලා වැඳලා පුදලා යන්න ගියා.. ඊටපස්සෙ අභිරු අයියයි, සයෝන් අයියයි, රධ්‍ය අයියයි, කියාන් අයියයි.. පෝළිමේ ඇවිත් අම්මට වැඳලා යද්දි මම හෑන්ඩ් බෑග් එකත් එල්ලගෙන මූනෙ අත ගහගෙන පැත්තකට වෙලා බලාගෙන හිටියා.. ඇයි යකො අපේ අම්මා ඔක්කොම රත්තරං පුතාලව බදාගෙනනෙ සුභපතලා සුහද සාකච්ඡාවේ යෙදෙනවනෙ.. දෙයියනේ කියලා පාදනමස්කාර ඉවරවෙලා පාකින් ලොට් එකට ගියහම රධ්‍ය අයියගෙ අම්මා එයාගෙ කාර් එක පාක් කල්ලා තියෙන්නෙ අපේ කාර් එකට එහාපැත්තෙ..!! පාකින් ලොට් එකේ එළියට වෙලා පැය බාගයක් කයිය.. මොනවා කියවනවද මට තේරෙන්නෙ නෑ.. පැළ ගැනයි.. තව ක්‍රීම් ජාති ගැනයි.. රධ්‍ය අයියගෙ අම්මා ඩර්මොට්ලොජිස්ට් කෙනෙක් වෙන්න ඉගනගන්නලු ඉන්නෙ.. ඉතින් එයා කථානායක වෙලා මූණෙ ගාන්න ඕන මේවයි, අරවයි කියලා ප්‍රෙශර් නැති අපේ අම්මට ප්‍රෙශර් වලටත් බෙහෙතුයි දේදුණු නැන්දගෙ ඇඳුම් මෝස්තරයි, එයාළගෙ ළමයින්ගෙන් කොච්චර වදේද කියන එකයි, ආධ්‍ය අයියගෙ කසාදෙ ගැනයි, ආධ්‍ය අයියා පාඩම් කරපු හැටියි, ෂනෙරුගෙ නසරාණි කමයි, රධ්‍ය අයියගෙ දුස්ටකම ගැනයි, මගේ බේබදු කමයි රස්තියාදුකාරකමයි ගැන මහා සල්ලාපයක් දෙඩෙව්වා.. එතකල් මමයි, ෂනෙරුයි, රධ්‍ය අයියයි හෑන්ඩ්බෑග් එල්ලගෙන තාප්පෙට හේත්තුවෙලා හිටියා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYDove le storie prendono vita. Scoprilo ora