19 කොටස

15K 1.5K 633
                                    

" Good morning Sri Lanka.. Welcome to KISS DRIVE TIME BESTIES , where we bring you the hottest hits and the latest news..! I'm your host, Senuka, and I've got a great lineup for you today, including the brand-new single from SG and an exclusive interview with DJ Drake.. So stay tuned and let's get this party started.!"

" Hey Hey Hey.. Bro that's rude.. Lemme introduce myself too.. Hey everyone.. It's Mike.. Welcome to your most favorite radio show KISS DRIVE TIME BESTIES.. WoHoo!!"

මම ඉස්සරහා තිබුණ මොනිටර් එක පහලට ස්ක්‍රෝල් කරගෙන ගියේ ශෝ එකට ආපු ට්වීට්ස් බලාගන්න.. මයික් ස්ක්‍රිප්ට් එකේ ඩ්‍රේක් එක්ක තියන ඉන්ටවීව් එක ආයෙම චෙක් කරනකල් පොඩි ඇඩ්වටීස්මන්ට් බ්‍රේක් එකක් දුන්නා.. ඒක තප්පර පහයි.. ආයෙම ඉස්සරහා තිබ්බ රෙඩ් ලයිට් එක ග්‍රීන් වුණාම මම ට්වීට්ස් ටික මට පේන්න හදාගෙන හෙඩ්සෙට් එක දාගත්තා.. 

" So.. today is actually a very clear sky.. the weather is hot isn't it Mike..?? please ladies if you want to go out!! Use sunscreen, use an umbrella and don't forget to drink plenty of water.."

" On a day like today, something cold like ice cream is best.."

" That's yummy.. Oh.. We just got a tweet from one of our loyal listeners, Charitha, who says they love today's playlist while studying for their finals.. Good luck with your exams, Pawan, and thanks for tuning in to kiss fm.. Big shutouts for Malki, Arthi and her beloved fiancé Lahiru Dedicated to our drive time besties.. Love you guys.."

" Up next, we have a real crowd-pleaser – it's the latest hit from ED Sheeran, called shivers.. This track has been climbing the charts and has everyone talking.. Let's take a listen and see what all the hype is about.!"

" This is KISS.. WHERE AWESOME PEOPLE HANGOUT..!!"

ආයෙම ඉස්සරහා තිබ්බ ලයිට් එක ග්‍රීන් වුණාම මම හෙඩ්සෙට් එකෙන් එකපැත්තක් කණේ මෙහාට කල්ලා හදාගත්තා.. හැමදාම වීකෙන්ඩ් එක මෙහෙම තමා ඉතින්.. පොඩි කාමරයක් තියනවා සවුන්ඩ්පෲෆ් කරපු.. ටේබල් එකට සෙට් කරපු මොනිටර්ස් තුනකුයි ෆෝන් තුනකුයි තියනවා.. මයික්‍රෆෝන් දෙකකුයි හෙඩ්සෙට් දෙකයි ඉස්සරහා දැල් ගහපු වීදුරුවෙන් එහාපැත්තෙ ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටර් එක්ක මේකෙ සවුන්ඩ්ස් කන්ට්‍රෝල් කරන අයයි ඉඳගෙන ඉන්නවා.. එයාලා එයාලගෙ වැඩ.. මයික් කියන්නෙ මාත් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරන්න ඉන්න අනිත් කොල්ලා.. අවුරුදු විසි හතරයි.. මට දාසයයි.. හෙන අවුල් වගේ වුණාට මමයි ඌයි තමා ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නෙ.. විශේශෙන්ම වීකෙන්ඩ් ප්‍රෝග්‍රෑම්ස් වල උදේ ඒවට හොඳ ඉල්ලුමක් තියනවා.. පොඩ්ඩක් ආන්ටිලා අක්කලා ෆෝම් කල්ලා ගත්තනම් ඇදගෙන යන්න පුළුවන්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now