96 කොටස

11.8K 1.2K 1.2K
                                    

" මල කරුමයක් ඕයි තමුසෙ.. කියනෝ කියනෝ මොකද..??"

මම නිදිමරගාතෙ අතගාලා ටැබ් එක අරගෙන ස්පීකර් ඕන් කල්ලා ඒක පැත්තකින් තිබ්බා.. උදේ පාන්දරම ගන්නවනෙ රෙද්ද.. අපේ අම්මවත් මෙහෙම වද දෙන්නෑ.. රෑට කතාකල්ලා පරිස්සමට ආවද ඇහුවා විතරයි.. ඒකට මේ මලයස්සනී හරියටම උදේ පාන්දර හය හමාර වදිද්දිම ගන්නවා.. ඉසිවර අයියට කියන්නෝන වයිෆ්ගෙන් හරි වදේ කියලා.. මේ අක්කා ඉස්සර අපේ  ගෙදර නැවතිලා ඉද්දිත් මෙහෙමයි 'මල්ලියෝ' ගාගෙන කාමරේට ඇවිත් මගේ ඇඳේ දපලා එක්ස්ගෙ දුක කියවනවා.. තාම මම ඒකෙන් බේරෙන්න බැරුව දුක් විඳිනවනෙ.. අම්මට කියන්නෝන දූ කුමාරිව හරියට හදලා නෑ කියලා.. 

" ආ ඒ කියන්නෙ තමුසෙටත් මාව වදයක් වෙලාද.. ආපු දෙන්කො කොළඹ.. මගේ කකුල් දෙකත් රිදෙනවා ඕයි.. මම යනවා අද නැන්දලගෙ දිහා හවස.."

" ම්ම්.."

" මල්ලි.. අහනවකො අර ඔකෙස්ට්‍රා එකට අලුතින් ආපු අයට ඔයා ලෙටර් එක දාලා නෑනෙ.. ඒක දානවකො ගෲප් එකට.."

" මම කෝ-කන්ඩක්ටර්ට කිව්වා දාන්න කියලා.. එයා දාලා නැද්ද.."

" නෑනෙ.. මේ ළමයි කිසි වගකීමක් අරගෙන වැඩ කරන අය නෙමෙයිනෙ.. ඔයා ඇවිත් පොඩ්ඩක් තදින් කියන්න මෙයාලට.."

" පෝළිමට තියලා-"

" සෙනුක..!!"

" මොකද අප්පා කෑගහන්නෙ.. මම කිව්වෙ පෝළිමට තියලා බනිනවා කියලා.."

" මේ අයුකත් ඉන්නවද හලෝ ඔතන.."

අක්කා අමුතු ආතල් එකක් ගිහින් හිකික් හිකිස් ගාලා හිනාවුණා.. මම බ්ලැන්කට් එක උස්සලා ලේනා නිදිද බැලුවා.. ඌ මගේ ඇඟ අස්සට ගැන්නිලා ගොරව ගොරව නිදි ඔලුවෙ ඉඳන් වහගෙන.. මම ආයෙම බ්ලැන්කට් එක පහළට දාලා අයුක අයියගෙ කොණ්ඩෙ අතකින් ඇවිස්සුවා..

" ඔව්.. නිදි තාම.."

" ඇවිත් මට විස්තර කියන්න හොඳේ.. අරක ලියලා දාන්න බබා මම දැන් ඉස්කෝලෙට යන්න ඕන.."

" මේ තමුසෙට හොඳ නෑ ඕයි ඔහොම මහන්සි වෙන්න.. තව මියුසික් මැඩම්ලා දෙන්නෙක්ම ඉන්නවනෙ.. ගෙදර ඉන්නවකො.."

" බෑ හලෝ.. මම ප්‍රෙග්නට් වුණා කියලා එහෙම සති ගන්න නිවාඩු අරන් වගකීම් පැහැර හැරලා නෑ.. ඒකනිසා මේක ඉවරවෙනකල්ම ඇදගෙන යනවා.. මගේ දරුවො පව්.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now