127 කොටස

7.7K 1.1K 1.3K
                                    

" මේ රුවිත්ගෙම ගෙදරක්ද..??"

" මගේ නම රුවිත් නෙමෙයි අයියෙ.. රුත්වි.."

" සොරි රු-ත්-වි.."

" දැට්ස් ටෝටලි ෆයින්.. මොකක්ද කලින් ඇහුවෙ-ආ.. මේ ගෙදර මගේ තමයි.. ඒත් වැඩිය රැඳෙන්නෙ නෑ.. මම ඉන්නෙ වෙනම ගෙදරක.."

ක්ෂිතිජ අයියා හෙන ගොං හිනාවක් දැම්මහම රුත්විත් ඊට සෙකන්ඩ් නොවෙන ගොංපහේ හිනාවක් දාලා ඇඟිලි ටික එකට පටලගෙන බිම බලාගත්තා.. 

" ඒ කියන්නෙ මේ  ගෙදර ඇරෙන්න තව ගෙවල් තියද.."

මට ක්ෂිතිජ අයියව අර දුන්නක් උස්සන් මුවෙක් පස්සෙන් පන්නපු රජා වගේ පේන්න ගත්තා.. මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද, මේ අඹ ගසුයි ඒ අඹ ගසුයි හැර තව අඹ ගස් තියේද.. නෑ ඇටේ තමයි තියෙන්නෙ.. යැයි යැයි මොනවද යකෝ මේ දේපළ වෙළඳාම් කරන එකෙක් වගේ රුත්විගෙ ගෙදර ගැනම අහන්නෙ.. සැහ් හැබැයි මමත් හෙන ගොනා වගේ හිටියෙ අයුක අයියලගෙ ගෙදර ගියපු දවසෙ.. අයියා මෝඩයි කියලා මරන්නද.. එහෙම කරන්න බෑනෙ.. 

මම ක්ෂිතිජ අයියව මරදානෙ ඉඳන් රුත්විලගෙ ගෙදර එක්කන් ආවා.. මූ මරදානෙ ගිහින් අලි තඩි පොත් බෑග් එකක්ම උස්සගෙන ඇවිල්ලා කියවන්න.. අපේ අම්මත් ක්ෂිතිජ අයියගෙන් සමහර පොත් ඉල්ලනවා කියවලා දෙන්න.. ඊටපස්සෙ කාලයක් ගියහම එයා ඒවා ලයිබ්‍රි එකට ඩොනේට් කරනවා ගේ අස්සෙ තිබිලා වේයො කන්න ගන්නවා, අපරාදෙ වෙනවා කියලා.. පොර දරුණුවටම හිත් බිඳීමකට ලක් වුණ නිසා දැන් ආයෙම පොත් කියවන්න පටන් අරගෙන.. නදුනි ඉන්න කාලෙ නම් මෙලෝ සිහියකින් නෙමේ හිටියෙ.. ඒ තේඋඩිච්චි මතක් වෙද්දි මට හරි කේන්තියි.. අපේ අයියට බූට් එක තියලා ගියානෙ මෙතන ළමයි හදන්න.. හොඳ වෙලාවට අපේ එකා අහුවුණේ නෑ.. නැත්නම් මට අයියෙකුත් නැතිවෙනවා.. අයියෙක් නැතිවුණාම කවුරු පාවා දීලද මම ලේනා එක්ක මල් කඩන්නෙ.. පිස්සු හැදෙයි ක්ෂිතිජ අයියා දෙන්න විදියක් නෑ.. එයැයි මගේ..

මම වෛශ්ණාවිව උකුළෙ තියාගෙන මහ එවුන් දෙන්නගෙ කතාව අහගෙන හිටියා.. අපි කැපෙනවනෙ ඉතින් නාකි මිනිස්සු එක්ක ඉද්දි.. ඒ අස්සෙ රුත්විගෙ අපි නොදන්න ලෝකෙන් හංගපු දරුවා ගැනත් අයුක අයියට කියලා යැව්වා.. මේ වෙලාවට ලේනා කැෆේ එකේ වැඩ.. එතකොට ෆෝන් එක සයිලන්ට් දාලා තියෙන්නෙ.. බ්‍රේක් එකක් හම්බුණාම තමයි මට ටෙක්ස්ට් කරන්නෙ.. මේ දවස්වල අයුක අයියා සෑහෙන්න රධ්‍ය අයියයි කියාන් අයියයි එක්ක කෝල් වල ඉන්නෙ.. ඔය මනුස්සයා මමත් නොදන්න මොනවහරි දන්නවා.. ඒ වුණාට ඒ ගැන කියන්නෙ නෑ.. හුඟක් වෙලාවට අයුක අයියා කියන්නෙ නෑ සම්පූර්ණ ප්‍රශ්ණෙ මේකයි කියලා, මට කියන්නෙ ප්‍රශ්නෙ ස්වභාවයයි, මම කොහොමද වැඩ කරන්න ඕන කියන එකයි විතරයි.. ඊටපස්සෙ ෆයිනල් අවුට්පුට් එක සප්‍රයිස් එකක් විදියට දීලා අපිව බාගෙට මරනවා.. මූ නම් බහුරූපී ලේනෙක්ම තමා.. බහුරූපී ලේන් පගයා මැසේජ් එක දැකලා මේ සැරේ සප්‍රයිස් වෙයි.. ඕ යෑස් සෙනුක උඹ ධවල අයියණ්ඩිට කලින් රුත්විගෙ බබා ගැන දැනගත්තා..!!

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now