125 කොටස

8K 1.1K 692
                                    

ගෙවිච්ච කාළෙ හරි ඉක්මන්.. 

අපි ගමේ ගිහින් අවුරුද්දට ඉඳලා කොළඹ ආවා.. අයුක අයියට දවස් කීපයක්ම උණ ගතිය තිබිලා යන්තම් ටිකක් හොඳ වුණා විතරයි ආයෙම පුරුදු විදියටම වැඩ කරන්න ගත්තා.. එපා කිව්වට වැඩක් නෑනෙ.. අතින් අල්ලලා යන්න එපා කියන්න තරම් දුරක නෙමෙයිනෙ අපි ජීවත් වෙන්නෙ.. අනික ඒ වැඩ ස්කිප් වෙන්න වෙන්න තව හිසරදයක් වෙනවා.. පොඩි කාලෙ ලෙඩක් හැදිල සතියක් ඉස්කෝලෙ නෑවිත් ඉන්නවා තරම් සරල කාරණාවක් නෙමෙයි ඒක.. කන්න බොන්න පවා තමන්ගෙ වියදමින් හොයාගන්නවා කියන්නෙ වෙලාවකට අසනීප පැත්තක තියලා හිතට හයිය අරන් වැඩ කරන්න වෙනවා.. හැබැයි සාරා එහේ ඉන්න නිසා මගේ හිතට මොකක්දෝ සහනයක් දැනුණා.. ඇත්තටම සාරා හරිම හොඳ ගතුගුණ තියන කෙල්ලෙක්.. චමිරු එක්ක තමයි නිතර කතාකළේ.. කොහොම හරි අපි කොළඹ ගියාම හිතපු නැති දේවක් ගොඩක් එක පෙළට සිද්ධවුණා..

මට මේ කාලෙ චමිරු ගැන දැනුණෙ ඇත්තටම පුදුම දුකක්.. මොකද ඌ ෂනෙරු දකින හැම වතාවෙම පිස්සෙක් වගේ හැසිරෙන්න ගන්නවා.. උගේ බයිපෝලර් සයිඩ් එක සෑහෙන්න අවුල් වෙලා තිබුණෙ.. අනික චමිරු උගේ අම්මගෙ සිද්ධියත් දන්නවා කියලා දවසක් බීලා ඉන්න වෙලාවක මට කිව්වා.. සමහර ප්‍රශ්න තියනවා අපිට මොකුත්ම කරගන්න බැරුව, කලකිරීමෙන් බලාගෙන ඉන්න විතරක් සිද්ධවෙන.. චමිරුගෙ අම්මගෙ සිද්ධියත් අන්න ඒ වගේ.. චමිරුට බෑ උගේ අම්මව හදන්න.. මොකෝ හිර ගෙයක් හදලා ඒකෙ හිරකරන්නද..?? එහෙම කරන්න බෑනෙ..

අවුරුදු නිවාඩුවෙ චමිරු මං ගාව ඉඳපු එක ඇත්තටම හොඳයි, ඒත් ඉස්කෝලෙදි රධ්‍ය අයියව දකිනකොට චමිරුට ඒක ඉවසුම් දෙන්නෙ නෑ.. ෂනෙරු ඌ එක්ක හොඳින් කතාකරන එකට පවා චමිරු කිව්වෙ 'ඌට බොරු බලාපොරොත්තු දෙනවා' කියලා.. ෂනෙරු ඇත්තටම එහෙම හිතකින් නෙමේ චමිරු එක්ක කතාකරන්නෙ.. ඌ කාට වුණත් එහෙමයි.. ඒත් චමිරුට ඒක තේරෙන්නෙ නෑ.. අනිත් පැත්තෙන් තරුවිගෙ ප්‍රෙශර් එකත් හුඟක් තිබුණා.. තරුවි, චමිරුට විතරක් නෙමෙයි මටත් සෑහෙන්න වදයක්.. වෙන එකෙක් එක්ක තරුවි ගැන කියන්නත් බෑ මොකක් වුණත් කෙල්ලෙක් නිසා.. එහෙම කෙල්ලො ගැන අනිත් කොල්ලො එක්ක කියවන එක හොඳ දෙයක් නෙමෙයිනෙ.. අයුක අයියට ඒ ගැන කිව්වත් අයුක අයියා මට කෑගැහුවා පැත්තකට වෙලා ඉන්න කියලා.. චමිරු කොච්චර ඩවුන් වුණත් ඒ එයා විහින් ඇතිකරගත්තු ප්‍රශ්ණ කියලා.. කොහොම නමුත් චමිරු සෑහෙන්න තරුවිගෙ කාරණාවෙදි ඉවසුවා.. ඌ ඉන්න තත්ත්වෙ එක්ක ඉවසුවා.. චමිරුට ඕන උගෙන් වෙච්ච වැරදි හදාගන්න.. ඒත් තරුවි ඌව කලින් වලටමයි ඇදලා ගන්න හදන්නෙ.. ඒ ගැන හිතද්දිත් ඔලුව විකාර වෙනවා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYOnde histórias criam vida. Descubra agora