81 කොටස

10.8K 1.2K 1K
                                    

" They say he likes a good time
(වෙලාව බලන්නකො)
He comes alive at midnight
(පරක්කු වෙනවා)
My mama doesn't trust him
(ඇඳෙන් බහින්න වත්සල්)
He's only here for one thing
But (සුදූ..!!!)
Yeah.."

මම ඇඳ උඩ නඟගෙන අයුක අයියව පිනවන්න සිංදු කිව්වා.. මේ මනුස්සයා කියන්නෙ සම්පූර්ණෙන්ම වැරදි ලිරික්ස් නෙ.. එහෙම පුළුවන්ද.. කාර් එකේ වුණු යම් හිත් රිදීමෙ සිද්ධියෙන් පස්සෙ මම කාර් එක ඩ්‍රයිව් කරන්න ඉල්ලගෙන අයුක අයියගෙ සියලු ප්‍රශ්ණ ඔලුවෙන් අමතක කෙරෙව්වා.. මුළු ගමනෙ පැය දෙකක් පුරාවට මගේ ගෝත ලේන් පැටියා ඉස්සරහා සීට් එකට වෙලා මන්තරේ වගේ එක එක දේවල් ජප කර කර මට බැන බැන තමයි කල් ගත කළේ.. 'සුදු හිමින් පල, සුදූ ඔය රෙඩ් ලයිට්, සුදූ ඉරි දෙක කපන්න එපා, සුදූ තනි ඉර තනි ඉර, වත්සල් වාහනේ නවත්තනවා, මට වමනෙට වගේ, ඔලුව රිදෙනවා, මැරෙන්නද හදන්නෙ, කන්දක් කියලා පේන්නැද්ද, අනේ කියාන් මාව බේරගනින්' බැරිම තැන කියාන් අයියට කෝල් කල්ලත් දුක කිව්වා.. එහෙම පුළුවන්ද හත්තිලව්වෙ අපි හෙනට පරක්කු වෙලා හිටියෙ.. ජොන්නතන්ලා අපිට පැයකට විතර කලින් හොටෙල් එකට ඇවිත් වොශ් දාලා රෑට යන්න ඕන නිසා නිදිත් එක්ක.. මේ මනුස්සයා එක්ක ආවනම් තාම මඟ.. 

කොහොමහරි දෙවෙනි වතාවටත් අයුක අයියා මාව තාත්තා කෙනෙක් කළා..

අපි නැවතිලා හිටියෙ සිංහවංශ පවුලෙම හොටෙල් එකක වීවීඅයිපී ඒරියා එකේ.. මගේ බෝයිපෙන්ගෙ සීයගෙ හොටෙල් එකක්නෙ.. ජොනතන් නම් කිව්වෙ මේක හොඳ චාන්ස් එක මචං කන්න තමයි තියෙන්නෙ කියලා.. ඇත්තටම මෙහේ රූම් සර්විස් එකත් හරිම ආදරණීයයි ඉල්ලන පමාවට ඔක්කොම ගෙනැත් දෙනවා.. මම අයුක අයියගෙ නම අවභාවිතා කල්ලා සැරින් සැරේ කෑම ගෙන්නවගෙන කෑවා.. අයුක අයියා ආපු ගමන් බාතෲම් එකට වැදිලා මූණ හෝදගෙන හෝදගෙන ගිහින් මම ඇතුළට එන්නද ඇහුවහම දොර වහගත්තා.. මම හිතන්නෙ සූබරේද කොහෙද ඉඳලා තියෙන්නෙ.. ඒක සාමාන්‍ය දෙයක්නෙ අපිටත් බහිස්ස්‍රාවී පද්ධනිය ගැන උගන්නලා තියේ.. එතකොට මුත්‍රා නිපදවීමේ ක්‍රියාවලිය කියලා දෙනවා.. මම ඇතුළට ආවනම් ඒ පාඩමවත් කියලා දෙන්න තිබ්බා.. අයුක අයියා එළියට ආවෙ නැති නිසා මම ජොනතනුයි නෆ්‍රාසුයි එක්ක හොට් වෝටර් පූල් එකට පැනලා පීන පීන හිටියා.. උන් දෙන්නට ඩයිව් කරන්න බෑ.. ඒත් මට ඩයිවින් පුළුවන් නිසා මම අර අඩි ගාණක් උඩ ඉඳන් පනිනවා බලාගෙන ඉන්න බැරුව, මාව හොයාගෙන ඉඳපු අයුක අයියා පපුවත් අල්ලගෙන ආපු දිහාවටම අතුරුදහන් වුණා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now