47 කොටස

15K 1.4K 995
                                    

" Good job සෙනුක..!! You've got the talent.."

මගේ ඉස්සරහා තිබුණු වීදුරුවෙන් එහාපැත්තෙ ඉඳපු රෙකෝඩ් ප්‍රඩියුසර් තම්බ්ස් අප් එකක් දුන්නහම මම හෙඩ් සෙට් එක ගළවලා මයික්‍රොෆෝන් එකේ එහාපැත්තෙ ස්ටෑන්ඩ් එකෙන් එල්ලුවා..

" I think this is the voice that we wanted.."

මම ඉඳපු රූම් එකේ ඉඳලා දොර ඇරගෙන ප්‍රඩියුසර් ඉන්න රූම් එකට ගියාට පස්සෙ මේ ඩ්‍රාමා එකේ ඩබින් ඩිරෙක්ටර් ඇවිත් මට හග් එකක් දුන්නා.. එතන ඉන්න හැමෝමත් මං දිහා බැලුවෙ ඒගොල්ලො උස් මහත් කරපු ළමයෙක් දිහා බලන ගාණට.. මට ඉතින් පොඩ්ඩක් විතර ලැජ්ජත් හිතුණා..

" සෙනුක මේ ෆීල්ඩ් එකට එනකොට හරියට වචන කතාකරගන්නත් බෑ.. දැන් මෙහෙම ඉලන්දාරියෙක් දකිනකොට අපිටත් ආඩම්බරයි.."

මම නැන්දලා මාමලා ගොඩේ අර එකම පොඩි එකා වගේ ඉතින් සපත්තුවෙන් පොලොව හාර හාරකියන දේවල් අහගෙන හිටියා.. මම මුලින්ම වොයිස් ඇක්ටර් කෙනෙක් වෙන්න අඩිය තිබ්බෙ කාටූන් වල පොඩි ළමයින්ට හඬ කවලා.. එහෙම කල්ලා ඊටපස්සෙ රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් වල හිටියා.. ඊටපස්සෙ වීකෙන්ඩ් ශෝ වල.. චැනල් වල මොකක් හරි ස්පෙශල් ප්‍රොග්‍රෑම් ප්‍රසන්ටර් කෙනෙක් විදියට.. හැබැයි පළවෙනි වතාවට තමයි මෙහෙම ප්‍රධාන චරිතෙකට හඬ කවන්නෙ.. මගේ වොයිස් එක හසුරවන්න පුළුවන් ලොකු වෝකල් රේන්ජ් එකක් තියන නිසා මේ චරිතෙට තියෙන්නෙ ප්ලේෆුල් කොල්ලෙක්ගෙ  කටහඬකට හඬ කවන්න.. තීම් සෝන්ග් එකත් මමමයි සින්ග් කරන්නෙ.. අලුත් අත්දැකීම් ගොඩක්.. මෙතන ඉන්න හැමෝම මම පොඩි කාලෙ ඉඳලම දන්න මේ ෆීල්ඩ් එකේ හිටපු අය.. එයාලට හැමදාම මම ඉතින් පොඩි එකෙක් කියලා දැනෙන්නෙ.. කලාකාරයො ඇවිත් වෙනමම සුන්දර මිනිස්සු.. බහුතරය.. මිනිස්සු විවිධාකාරයි.. ඒ විවිධාකාරීත්වය ඇතුඑ වුණත් හැමදාමටම ආදරණීය මිනිස්සු හම්බෙන්න පුළුවන්..

" දැන් කොහොමද පුතා ඉස්කෝලෙ වැඩ.. යුනිෆෝම් පිටින්මයි ඇවිල්ලා තියෙන්නෙත්.."

" වරදක් නෑ ඉතින්.. කරගෙන යනවා.. මේ අවුරුද්දෙ ඒ ලෙවෙල් නෙ.."

" හොඳට වැඩ කරගන්න ඕන හොඳද.. සෙනුකගෙ තාත්තා ලියපු පොතක් මේ ළඟදිත් මම කියෙව්වා.. තාත්තා එහෙමයි පුතා ඉතින් මෙහෙමයි.. නේද.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now