132 කොටස

8.4K 1.1K 1.4K
                                    

" සිනාසෙන්න බෑනේ~" 

" එහෙනම් අඬපන් පගෝ අඬපන්..!! මොන මඟුලක්ද වොශෲම් එකටවත් යන්න නෑ පස්සෙන් එනවා.. ආහහ්..!! සුදුඅයියේ..!!"

උඹේ මල්ලිව එක්කන් පලයන්කො ඕස්ට්‍රේලියාවට.. මොන කරුමයක්ද දෙයියනේ මුගේ චූන් එක වැඩිවුණා කියලා මම පලිද.. රධ්‍ය අයියා මූට ෂනෙරුව බලාගනින් කිව්ව නිසාද මන්දා මෙච්චර හැපී එකේ ඉන්නෙ.. මම මේ කොළඹ ගිහින් ඉසිවර අයියව හම්බෙන විදියක් ගැන හිතනවා.. ඊටපස්සෙ ෂනෙරුට ඉන්න ඇනෙක්ස් එකක් හොයන්න ඕන.. කලින් ක්වාටස් එක අස් කරන්න ඕන.. කීයක් තියද.. ඒ මදිවට ෂනෙරුට ඔබ්ස'වර් එකේ ඉන්ටර්වීව් එකකුත් තියේ කියලා කෝච් කතාකල්ලා කිව්වා.. ඒ කියන්නෙ වැඩි දවස් මෙහේ නිදහසේ ඉන්න වෙන්නෑ අපිට කොළඹ යන්න වෙනවා.. කමක් නෑ ආශිලා ඉන්නවනෙ.. හොඳ තැනක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.. කොහේ වුණත් හොඳ ආරක්ෂාව තියන තැනක් වෙන්න ඕන.. අයුක අයියගෙ අපාර්ට්මන්ට් එකේ ඕන්නම් ෂනෙරුට ඉන්න කියන්න පුළුවන්.. ඒ වුණාට සංහිතයා පහුවට මොන විගඩමක් නටාවිද දන්නෑ.. අපිටත් නිතර යන්න එන්න පුළුවන්, නේබර්ස්ලත් හොඳ තැනක් වෙන්න ඕන.. කියාන් අයියගෙන් කියාරාවයි රෙක්සිවයි ඉල්ලන් ගෙනැත් දාගත්තනම් ෂනෙරුට හොඳයි.. හොඳ වෙලාවට ඒ දෙන්නා කියාන් අයියලගෙ ගෙදර තියලා ගිහින් තියෙන්නෙ.. ෂනෙරුට පාලු හිතෙන එකක් නෑ..

" ඔබේ සුවඳ නෑනේ~"

" කොවිඩ් නයින්ටීන්ද..??"

" කොහෙදෝ මා දමා ඉගිලුණේ~"

මම චමිරුව ගණන් ගන්නෙ නැතුව එද්දි එහෙන් මෙහෙන් දාගත්තු ඇඳුම් ටික නමලා හිස් අල්මාරියෙ පැත්තකින් තිව්වා.. ඉක්කෙ රොමේශ් සුගතපාලට සෙම් අමාරුව හැදිලා වගේ..

" හෝ~ නිල්වන් ගැබේහී
සඳ හැංගුණා සේ
ඔබ එයිද ආයේ
දෑස පේන මානයේ
මල පරවුණා සේ
නොපිපීද ආයේ
හද රැන්දු සිහිනේ
බොඳ වේද මාගේ
හද විලම සනසන්න
දුක මගෙ නිවාලා~"

"....."

" මෙහ් සෙනුක.."

" මොකද..??"

මම හැරිලා චමිරුගෙ නරි මූණ දිහා බැලුවා.. චමිරු කුපාඩි හිනාවක් දාගෙන ඇඳෙන් ඉඳගත්තා.. අද රෑට මූ එක්ක මේ කාමරේ මම ඉන්න එපැයි.. ෂනෙරු නම් උගේ මස්සිනා එක්ක තුරුල් වෙලා දොයයිබබා වෙන්න කිව්වොත් උඩ පැනගෙන, රධ්‍ය අයියවත් විසික් කල්ලා දාලා ඇවිත් නිදාගනී.. ඒ වුණාට මගේ ප්‍රශ්ණෙ වෙනස් මහත්තයො.. මේ හඩු ගඳ නරියත් එක්ක ගෙවෙන හැම තප්පරයක් පාසාම මගේ ජීවිත කාලෙන් අවුරුද්දක් අඩුවෙනවා.. අයුක අයියගෙන් අහන්න ඕන පොඩ්ඩක් හරි ලංකාවට එන්න බැරිද කියලා.. නැත්නම් මම එහේ යනවා.. නැත්නම් ඌට මඟට එන්න කියලා මමත් මඟට ගිහින් පාළු දූපතක් හොයාගෙන ගිහින් අපි ජනාවාසයක්-ඒක හරියන්නෑ.. ජනාවාස හදන්න ඕන නෑ අපි හෙන ආතල් එකේ ජීවත් වෙනවා.. අයුක අයියට සතෙක්ගෙ හමකින් ලස්සන ඇඳුමක් මහලා අන්ඳන්න ඕන.. මමත් එකක් ඇඳගන්නවා.. ඊටපස්සෙ අපි එකට දඩයමේත් යනවා.. ෂනෙරුට ඉඳහිට ටුවර් එකක් යන ගමන් අපිව බලන්න එන්න පුළුවන්.. ආශිලාටත් එන්න කියනවා.. නැත්නම් උන්ටත් ඇවිත් ඒකෙම ජනාවාසයක් හදාගන්න කියනවා.. චාරිත්‍ර වාරිත්‍රත් අපිට අලුතින්ම හදන්න පුළුවන්.. ඊටපස්සෙ අපි හොඳින් ඉන්න ඉරිසියාවට අර නාකි ඇමතියට ඒ දූපතෙත් හොටෙල් එකක් ගහන්න ඕන වෙයිද දන්නෑ.. ඔව් ඔව් ඕකා හොටෙල් ගහනවා වැඩියි මේ දවස්වල.. දෙනවා පගයට දූපත මම.. වරෙන්කො, අර හෙල්ලක් වගේ කෝටුවක් අරගෙන සීයගෙ ඔලුවටම දෙනවා.. හරියට අරගලේ රාජිතගෙ ඔලුවට මනුස්සයෙක් උඩ පැනලා ඩෑශ්ශොට් එකක් දුන්නා වගේ.. ඌට හොටෙල් ගහන්නද අපි අමාරුවෙන් ගිහින් දූපතක් හොයාගත්තෙ.. මේ නාකි මිනිහට අපි සතුටින් ඉන්නවා පේන්න බෑ.. ඇහේ කටු අනිනවා වගේ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now