112 කොටස

8.7K 1.1K 620
                                    

" පුතා මට ඔයා එක්ක ටිකක් කතාකරන්න පුළුවන්ද.."

මම කාමරේට වෙලා පොතක් කියව කියව ඉද්දි අම්මා දොර රෙද්ද මෑත් කරගෙන කාමරේට ඇවිත් ඇඳෙන් ඉඳගත්තා..

" ඇයි අම්මෙ.."

" නෑ මේ.. මොකක්ද ඔය කියවන පොත..??"

" ප්‍රංශ පෙම්වතා කියලා එකක්.. කලින් කියෙව්වා, දැන් ආයෙ කියවලා බලනවා.. අම්මට මොකද හිතෙන්නෙ මේ පොත ගැන.."

අම්මා පොත අතට අරගෙන ලාවට කට කොනෙන් හිනාවක් දාලා පෙරළලා බැලුවා.. පොත අස්සෙ තිබ්බෙ දැන් හුඟ කාලෙකට කලින් අයුක අයියා ඇදලා දීපු බුක් මාර්ක් එකක්.. ඒක තාම හුඟක් අලුත් වගේ තියනවා.. අම්මා දන්නවා ඒක දුන්නෙ අයුක අයියමයි කියලා.. 

" මං හිතන්නෙ දෙදාස් දාසයේ ආපු හොඳම නවකතාව මේක.. පාඩුවේ ජීවත් වෙන එක ප්‍රහේලිකාවක් කියලා මට මේක කියවද්දි නිකමට හිතුණා.. කේ ජයතිලක වගේ අඩු ඉඩක් ඇතුළෙ ලොකු කතාවක් කියන්න උත්සාහ කල්ලා තියනවා.. ඒත්, ආඛ්‍යාන රටාවේ තියන පාඨකයගෙ කියවීමේ වේගය අඩාල කරන පෙළඹුම, ශමෙල්ගෙ පොත් වල නෑ.. කේ ජයතිලකගෙ පොත් වල කියවීමට සාපේක්ෂව ශමෙල්ගෙ පොත් කියවීම පහසුයි.. ඒත් රාහුබද්ධ, රාජකරුණා තරම්ම පහසුත් නෑ.. මම හිතන්නෙ ශමෙල් කැටි කල්ලා ලියන කෙනෙක්.. ඒක එයාගෙ අනන්‍යතාවය කියලා කියන්නත් පුළුවන්.. සම්පූර්ණ සාරාංශෙකට එන්න තරම් මම ශමෙල්ගෙ පොත් තෝරලා විශ්ලේශණය කල්ලා කියවලා නෑ.. ඒත් කියවද්දි එහෙම හිතුණා.. මම වැරදි වෙන්නත් පුළුවන්.."

" නෑ මම හිතන්නෙ ඒක හරි.. මේ පිටුව බලද්දි තේරෙනවා, පිටු දෙකක් පුරාවට කියන්න තියන දේවල් පොඩි ඡේදෙකින් කියලා ඉවර කල්ලා.. අනික චරිත ඉදිරිපත්කල්ලා තියන විදියට මම කැමතියි.. හරිම අව්‍යාජයි, සංකීර්ණයි, ස්ත්‍රීත්වය ගැන අදහසක් ගන්න පුළුවන්.."

අම්මා තොලක් හපගෙන තනියම ආයෙ පොතත් එක්කත් හිනාවුණා.. අද හිනාවෙනවා වැඩියි වගේ මට නම් පේන්නෙ.. ඇයි දන්නෑ..

" මොකද ස්ත්‍රීත්වය ගැන අදහස් ගන්නෙ.. කෙල්ලෙක්වත් හිතේ ඉන්නවලුද.."

මම හිනාවෙලා පොත පැත්තකින් තිව්වා.. ස්ත්‍රීත්වය ගැන හොයලා මට වැඩක් නෑනෙ.. නෑ හොයන එකෙත් වරදක් නෑ.. ඒත් මාලක වගේ ස්ටුඩන්ට් වීසා වලින් පැරීසියට නැතුව, මෙල්බර්න් ගියපු ලේනෙක් නම් ඉන්නවා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now