92 කොටස

11.1K 1.2K 1K
                                    

" අරුන් දෙන්නා තාම නෑ ඕයි.. බලපන්කො ගිහින් දැන් හෙන වෙලාවක්නෙ.."

මහීෂා අතේ තිබ්බ ඔරොලෝසුවෙන් වෙලාව බලාගෙන ආශිගෙ දිගට තියන කොණ්ඩ කෑල්ලක් අරන් හීනියට ගොතන්න ගත්තා.. මම අයුක අයියගෙ අතකට හේත්තුවක් දාගෙන ජොනා එක්ක අරවින්දලගෙ ගෙදර යනවද නැද්ද කියලා කතාකර කර හිටියෙ.. සගා එක පැටවුණානෙ ඔක්කොටම කලින් ඔලුව උඩට.. දැන් දිගටම නිදහසක් නෑ ඒකෙ ප්‍රැක්ටිස් වලට මහ රෑ වෙනකල්ම ඉස්කෝලෙ ඉන්න වෙයි..

" මිදුලෙ වෙච්ච දේවල් කන්ටිනිව් කරනවද දන්නෑ ඒයි.. හයියෝ අපි නම් හෙන නරකයි ඒ දෙන්නට නිදහසේ ඉන්නවත් දෙන්නෙ නෑනෙ.."

" අනේ මේ උඹ දන්න රෙද්ද තමා.. අපි මෙහෙම කරන එකේ කිසි වැරැද්දක් නෑ.. ඔය රධ්‍ය අයියට ෂනෙරුවා ස්ට්‍රේට්ට නැද්ද කියලා හොයාගන්න මමයි මූටයි බ්ලූ ෆිල්ම් එකක් පෙන්නන්න වුණා.. එතකොට කියාන් අයියා කීයක් බලු කතා අහගත්තද ෂනෙරුගෙන්.. පොඩි කාළෙ ඉඳන් ඔත්තු බලන්නයි, පොඩි පගයට ගාඩ් එක දාන්නයි, චොක්ලට් පාස් කරන්නයි, රධ්‍ය අයියට මෝටිවේසන් එක දෙන්නයි, බාහිර අසමතුලිතබල යොදන්නයි, මේක හොඳ වැඩියි මම නම් කියන්නෙ.."

" ඒකතමා මම අච්චර කිව්වෙ රතිඤ්ඤයක් දාමුයි කියලා.. කොහෙද අපිට රැවුල නෑනෙ.."

මහීෂා ආයෙම පුරුදු විදියට ඒකිගෙ ප්‍රචන්ඩකාරී මිනීමරු අදහස් පතුරවන්න පටන් ගත්තා.. වතුර පොඩ්ඩක් ඉහලා අච්චර බය වුණානම් රතිඤ්ඤා දාලා එකෙක් මළොත්.. මලහු#තක් වෙන්නෙ.. ඊටපස්සෙ නිව්ස් හෙඩ්ලයින් වලත් යාවි 'අගමැති පුතු අයුක, මාධ්‍යවේදි සෙනුක, ප්‍රසිද්ධ ව්‍යාපාරික පුතු කියාන්, ප්‍රසිද්ධ ව්‍යාපාරික දියණිය සුපුනි සහ වරලත් ගණකාධිකාරීවරයකුගේ දියණිය මහීශා ඔවුන්ගේ මිතුරු කැළ සමඟ කොට්ටාව ආසන්නයේ පෞද්ගලික නිවසකට කඩාවැදී ඇති කළ කලබලයෙන් බ්‍රිගේඩියර් අධිකාරිගේ පොඩි පුතු රතිඤ්ඤා ශබ්දයකට බිය වී හදිසි හර්ද්‍යාබාධයකින් ජීවිතක්ෂයට, මෙසේ සිදුවී ඇත්තෙ පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායක ෂනෙරු හා ඔහු ප්‍රේමසම්බන්ධයක් පටන් ගෙන එහි සැමරීමක් හේතුකොටගෙනයි' කියලා.. ඒකෙ විශේෂණ පද වැඩියි තමයි ඒත් පොඩ්ඩක් ගැම්මට කියන්න එපැයි.. හිරේ යන එක වුණත්.. ඊටපස්සෙ අපි ඔක්කොම පෝළිමට මාංචු දම්මලා හිර කාරයොන්ගෙ ඇඳුම් අන්දලා හිරේට යවයි.. අර කව්බෝයි එකේ සිමයියයි මොටයියයි සෙට් එක වගේ.. මට ගල් කඩන්නත් වේවි.. අයුක අයියගෙ අත් තුවාලවෙලා කරගැට ඒවි.. ආශිගෙ නෑයො හූ කියලා බල්ලො චූ කරාවි.. මහීෂා ඇතුළෙ ඉන්න එකෙක් මරලා ජීවිතාන්තය දක්වාම බන්ධනාගාරාත කරාවි.. ඔය සේරම දරාගතනොහැකි වූ කළ ෂනෙරු මෝදර දේවාලෙට ගිහින් අපි තැරිගැහිලා හැඳිගෑවිලා යන්න මිරිස් ඇඹරුවොත් කාටද කියන්නෙ.. මගේ හන්තාන සිහිනය සිහිනයක්ම වෙලා ඇඳ උඩ හාවො ගණින්නත් බැරිවෙයි.. හැබැයි අයුක අයියගෙ සීයා ඩයල් එකනෙ.. එයා අපිව එළියට ගනීවිද දන්නෙ නෑ.. එහෙම වුණොත් හොඳයි.. ඔය නාකි මනුස්සයගෙන් රටට වැඩක් නැත්නම් මේ මට හරි වැඩක් තියෙන්න ඕන කියන මතේ තමයි මං ඉන්නෙ.. පොඩ්ඩක් බැන්නට සීයා ඉන්නෙ හදවතේ නෙමෙයි හක්කෙ දතේ.. ඕනවුණොත් ගළවලා අයින් කරගන්න හරි පුළුවන්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now