94 කොටස

10.6K 1.2K 776
                                    

" පරිස්සමින් හොඳද.. ආධ්‍ය පුතත් ඉන්නවනෙ.. ඒ දරුවා සිහියෙන් ඉන්න නිසා මිසක් මට නම් ඔය ගැන්සිය සත පහකට ශුවර් නෑ.. අනික පුතා ගෑණුළමයි දෙන්නෙකුත් යන නිසා එයාලව පරිස්සමින් බලාගන්න.. ඔයාලට ඒවා මතක් කරන්න ඕන නෑනෙ.."

" I know how to behave like a gentleman අම්මා.. අනික ආශිගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නෙත් අපි එක්කමනෙ.. කියාන් අයියගෙ අම්මා දන්නවා ආශි ගැන.."

" කියාන් කිව්වේ.. ආ..!! අර රගර් ගහන ඉලන්දාරියා නේද.."

" අන්න හරි.."

මම ඇඳ උඩ තිබ්බ පවර් බෑන්ක් එකයි ටැබ් එකයි ඉයර්ෆෝන් චාජර් අරවා මේවා සේරම ගුලි කල්ලා බෑග් එකට ඔබාගත්තා.. ඉස්කෝලෙ ඉඳලා දැනුයි ගෙදර ආවෙ.. මට උදේ ප්‍රැක්ටිස් නිසා ආධ්‍ය අයියා කිව්වා හවස යමු කියලා.. කොහෙද මේ ලෝක රාජකාරි නිසා මට වෙලාවට ගමනක්වත් යන්න නෑ.. නාගෙන ඇවිල්ලත් මම තාම ටවල් එක ඉණේ බැඳගෙන බෑග් ලෑස්ති කරනවා.. අම්මා මගේ තද නිල් පාට ලැගේජ් එක වහලා ඒකෙ පැත්තක එල්ලි එල්ලි තිබුණු ටෙඩිබෙයාගෙ බඩට ඇඟිල්ලකින් ඇන්නා.. ඊටපස්සෙ ඌ පිස්සු හැදිලා වගේ ටිලින් ටිලින් ගාන්න ගන්නවා.. මටම හිතාගන්න බෑ ඇයි මම මේ වගේ ටැග් එකක් ලැගේජ් එකේ එල්ලන් ඉන්නෙ කියලා.. ඌ නැතිවුණහමත් හෙන පාළුයි වගේ..

" දේදුණු නංගිත් ගමේ ගිහිල්ලනෙ.. ෂනෙරු පුතාට තනියම ඉන්න පුළුවන්ද පුතා.."

" පුළුවන්ලු.. අනික අංකල් දේව් නාරාහේන්පිටට ට්‍රාන්සර් හදාගෙන මෙහේ එනවලු.. එතකොට ෂනෙරුට බෝඩ් වෙන්න ඕන නෑ අංකල් එක්ක ක්වාටස් ඉන්න පුළුවන්.."

" ඒක හොඳයි.. බෝඩිම් වල ඉන්න ගියහම කරදරයිනෙ ෂනෙරුට.. දේව් මල්ලි ගාවනම් පරිස්සමට ඉන්නවනෙ.."

" දේදුණු නැන්දා ගමේ ගිය එක හොඳයි අම්මා.. නැත්නම් ෂනෙරු හැමතිස්සෙම නැන්දා ගැනම හිත හිත ඉන්නවා මිසක් තනියම ඉස්සරහට යන්න ට්‍රයි කරන්නෙ නෑ.."

" ම්ම්.. ඒකත් එහෙම තමයි.. මනුස්සයෙක් තනිවෙන්න ඕන තමන්ට තමන්වම මුණ ගැහෙන්න.. එහෙම හම්බුණාම තමන්වම ආදරෙන් වැළඳගන්න ඕන.. අපි හැමෝටම ජීවිතේ එක වතාවක් හරි අපිවම මුණ ගැහෙනවා.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now