63 කොටස

16.8K 1.4K 1.2K
                                    

මොන ප#යද කන ගාව තියන් බටනළා පිඹින්නෙ.. ඒකත් මේ උදේ පාන්දර..??

" අර මඟුල ආන්සර් කරපන් මම පොළොවෙ ගහන්න ඉස්සෙල්ලා.. නිදාගන්නත් නෑ අප්පා.."

" අද බෑ අනේ.."

මම මර නිදිමතේ නැගිටලා පැයක විතර ඉඳන් අඬන අයුක අයියගෙ ෆෝන් එක ආන්සර් කල්ලා කනේ තියාගත්තා.. මේ මනුස්සයගෙ අඬු සේරම මගේ ඇඟේ ඒ මදිවට ඉන්නෙත් ඇඳේ හරහට.. මොන මඟුලක් කරනවද මන්දා..

" අයුක අයියේ.. නිදිද අනේ ඔයා.. සොරි හලෝ උදේම කතාකළාට.. අපි ඉතින් උදේම නැගිටලා පාඩම් කරනවනෙ.. අනික දැන් හයහමාරත් වෙලා.."

මම හනික ෆෝන් එක කනෙන් එහාට කල්ලා බැලුවා.. කව්ද යකෝ උදේ පාන්දර බෙරිහන් දෙන්නෙ.. මේ කටහඬ හොඳට අහලත් පුරුදුයි හැබැයි..

" ආශි..!!!??"

තප්පරයක් දෙකක් විතර එහාපැත්තෙන් මොකුත් ඇහුණෙ නෑ..

" සෙනුක..??"

" සෙනුක තමා.. යකෝ!! කනත් ඇහෙන්නැතුව ගියාද කොහෙද.. මොකද බං වද දෙන්නෙ පාන්දර.. අනික තෝ මොකද මේ ෆෝන් එකට කෝල් කරන්නෙ..??"

" අනේ මේ තව්සෙ එක්ක නෙමේ කතකරන්න ගත්තෙ.. කෝ මගේ පොඩි මස්සිනාට ෆෝන් එක දෙන්න.. ඔයා මේ එයාගෙ මිනිහා වුණා කියලා හැම මඟුලම කියන්න ඕනද.. මේක හරි වැඩක් වුණානෙ.."

මම අයුක අයියට කකුලෙන් ඇන්නා..

" නිදාගන්න සුදූ..!"

" මේ කෝල් එකක්..!!"

අයුක අයියා ඇස් දෙකත් පියාගෙන හතරවටේ අතගාලා ෆෝන් එක අරන් කනෙන් තියාගෙන ආයෙම නිදි..

" එන්නම්.. ම්ම්.. හරි හරි.. ඕ.. හා.. බායි.."

එන්නම්..?? මුන් දෙන්නා කොහේ යන්නද හදන්නෙ..?? අද ආශි ක්ලාස් එන්නෙ නැද්ද එතකොට.. දොළහට බයෝ ක්ලාස් නෙ..

" කොහෙද ඔයාලා යන්නෙ..?? අයියෙ නැගිටිනවකො.. මේ කොහෙද යන්නෙ.."

" ගමනක් ගමනක්.."

" ගමන කොහෙද.. මම දන්නෙ නෑනෙ ඔය ගමන ගැන.."

" ම්ම්.. නෑ.."

අනේ මේ මිනිහා නිදිමතේ මරු කියවනවා.. මම නැගිටලා ශර්ට් එකත් දාගෙන මූණ සෝදන් කාමරෙන් එළියට ආවා.. ගෝත පූසා මම සාලෙට ආපු ගමන් කවදාවත් නැති ආදරෙන් දුවගෙන ඇවිත් ඇඟේ දැවටෙන්න ගත්තා.. මම ඌවත් කකුලෙන් එහාට කරගෙන ෆ්‍රිජ් එකෙන් අයිස් කැටයක් අරන් මූණෙ තියාගත්තා.. අම්මට කෝල් එකක් දීලා අහන්න ඕන මෙහෙට එද්දි කීය විතර වෙනවද කියලා.. දෙමාපියො මාව හංස විලේ තනි කල්ලා ආපු නිසානෙ මට මේ ලේන් කූඩුවෙ හිරවෙලා ඉන්න වුණේ.. අහෝ අහෝ අම්මටයි තාත්තටයි මාව අමතක වෙලාද දන්නෑ.. මම හනික අයුක අයියගෙ ෆෝන් එක උස්සන් ඇවිත් අම්මට කෝල් එකක් ගත්තා.. පළවෙනිපාර ආන්සර් කළේ නැති නිසා තාත්තට ගත්තා.. තාත්තනම් දෙපාරක් රින්ග් වෙන්න කලින් ආන්සර් කරනවා.. ඒකනෙ මම මෙච්චර ආදරේ ඉතින්..

BROKEN MIRRORS | ONGOINGTempat cerita menjadi hidup. Temukan sekarang