36 කොටස

12.6K 1.4K 634
                                    

" තාත්තෙ බෙල්ල රිදෙනවා අනේ.."

" ඔන්න ඉතින් නාකි හුරුතලේ.."

මම අම්මට කට ඇදකරගෙන ගිහින් තාත්තගෙ ඔඩොක්කුවෙන් ඉඳගත්තා.. හංස තාත්තා පොතක් කියවනවා පාඩුවෙ ඉඳගෙන.. අපේ අම්මට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව.. 

" නාකි වුණත් ඉතින් හුරුතල්නෙ.. නේද තාත්තෙ.."

" ම්ම්.."

මම තාත්තගෙ බෙල්ල බදාගෙන උරහිසින් මූණ තියාගත්තා.. ටිකකින් දැනුණා තාත්තා මගේ බෙල්ල පිටිපස්සෙන් හිමිහිට මසාජ් කරනවා.. පුදුම සනීපයි.. හවස ක්ලාස් ගිහින් ගෙදර ආවහම මැරෙන්න තරම් මහන්සියක් දැනෙන්නෙ.. රධ්‍ය අයියලාට විභාගෙ නිසා අපිට ඉස්කෝලෙ නිවාඩු.. ලබන සතියෙ ආයෙම පටන්ගන්නෙ.. රධ්‍ය අයියලාගෙ අන්තිම පොදු පරීක්ශනේ ඊයෙ තිබ්බෙ.. අද ඒගොල්ලො ට්‍රිප් එකක් යනවයි කියලා කියාන් අයියා කිව්වා.. හිටපන්කො අපිටත් ඒ ලෙවෙල් ඉවරවුණාම ඔක්කොන්ටම ඇඬෙන්න ට්‍රිප් එකක් යනවා.. ගිහින් බොන්න ඕන.. බීලා ෂනෙරු එක්ක බාල් නටනවා.. 

ඔක්කොම හරි ටියුෂන් සර්ලා උදේ ඉඳලම පන්ති දාලා පහුගිය ඒවා කවර් කරගන්න.. බංකුවක පැය දහයක් ඉඳගෙන ගෙදර එනවා කියන්නෙ පුප ලෙප්ට් වෙලා තියෙන්නෙ.. ෂනෙරු කිව්වා ගෙදර ගිහින් ඌ තෙල් ටිකක් ගාගන්නවලු පස්සෙ.. අද ඩයල් එකට ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා කොන්දෙ කැක්කුමකුත් අල්ලලා ඔන්න කලන්තෙ මෙන්න කලන්තෙ වගේ හිටියෙ.. තෙල් ගාලා පස්ස හදාගන්න එක නම් හොඳයි.. මට හිතෙන්නෙම පස්සෙ තියන ඇටකටු ටික කලිසමත් ඉරාගෙන එළීයට ඒවි කියලා.. බැරිම තැන බෑග් එක උඩත් ඉඳගෙන හිටියා.. 

හංස කුමාරයට ක්ලාස් එකේ කෙල්ලෙක් ලයින් වේගෙන එනවනෙ..

" තාත්තෙ තාත්තෙ අද ගෑණුළමයෙක් මං දිහා බලාගෙන හිටියනෙ.."

අපේ අම්මා මගේ කමිසයක් අතේ මහ මහ හිටියෙ.. ඒක කිව්ව පාර ඉදිකට්ට අතේ ඇනගත්තා..

" ඒ සැරේ මොකක්ද.."

" මම ලස්සනයිනෙ.. බලාගෙන ඉන්න ඇති.."

" ඔව්වා නම් තියාගන්න එපා.. මම ගෙදරින් එළියට දානවා ඔය හංස කුමාරයද මොකාද.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now