22 කොටස

19.5K 1.9K 1K
                                    

" පුතා.. අම්මට පේරන්ට්ස් මීටින් පරක්කු වෙනවා.. මම ගෙදර ආවහම ඔයාගෙ රිපෝට් බුක් එක බලන්නම් හොඳද.. තාත්තත් ගෙදර නෑනෙ.. පරිස්සමට එන්න.. අම්මා ආදරෙයි.."

අද ඉස්කෝලෙ පේරන්ට්ස් මීටින් එක.. අපේ අම්මා ආවෙ මේන්හෝල් එකට විතරයි.. අම්මලගෙ පන්තියෙ ළමයින්ටත් පේරන්ට්ස් මීටින් නිසා අම්මා ඇවිත් මේන් හෝල් එකේ රිපෝට් බුක් දෙන මීටින් එකට ඉඳලා ක්ලාස් එකේ මැඩම්ව හම්බෙලා ආයෙම ආනන්දෙට යන්න ලෑස්ති වුණා.. අපේ අම්මා කවදත් එහෙමයි.. ඕක අලුත් දෙයක් නෙමේ.. අම්මට මට වඩා එහේ ළමයි ටිකනෙ වටින්නෙ.. දුක තමා..

" අම්මා පරිස්සමට යන්න.."

මම අම්මට වැන්ඳා.. අම්ම අමගේ මූණ අතගාලා ඔසරි පොට අත වටේ ගැටගහගෙන ආයෙම පාකින් ලොට් එක තියන පැත්තට දුවගෙන ගියා.. දැන් ක්ලාස් එකේ පේරන්ට්ස් මීටින් පටන් අරගන්න ලෑස්ති වෙනව ඇති.. ගුරුවරුන්ගෙ ළමයි වුණාමත් හරි කරදරේ.. ඇයි ජීවිතේට මීටින් එකක් ඉවරවෙනකල් ඉන්න නෑනෙ.. අපේ අම්ම හැමදාම එනවා, මම රිපෝට් එක ගත්තු ගමන් මැඩම් එක කතාකල්ලා දුවනවා.. අපේ අම්මට ඉස්කෝලෙ මැඩම්ලා එකතුයි.. සමහර වෙලාවට මෙහේ  සෙමින කරන්න අම්මා එනවනෙ.. ඕවා නිසා මහ කරදරේ මම මොකක් හරි බලු වැඩක් කල්ලා අහුවුණාම අම්මා ගැනමයි මතක් කල්ලා බනින්නෙ..

මම රිපෝට් බුක් එකත් අරගෙන අපේ ක්ලාස් තියන පැත්තට ගියා.. පේරන්ට් මීටින් දවසට ඉස්කෝලෙ කාලගෝට්ටියක් වගේ.. අම්මලයි තාත්තලයි බදාගන්නවා, ළකුණු අහගන්නවා, ළමයින්ට බනිනවා, මැඩම්ලා උඩ ඇන පැන ගින්නට පිදුරු දානවා.. අපේ ෂනෙරුවත් අද බයවෙලා ඉන්නෙ උගේ ලොකු අම්මා ඉස්කෝලෙට එනවයි කිව්ව නිසා.. පොරගෙ ළකුණු අඩු නෑ.. ඒ වුණාට ලොකු අම්මා සැරයි.. පේපරෙන් පේපරේ හොඳට හරියටම බලලා ෂනෙරුව ළඅට ගෙන්නගෙන අහනවා ඇයි මේවට ළකුණු අඩු කියලා.. ෂනෙරු අඬන්න වගේ ඉන්නෙ..දේදුණු නැන්දනම් හොඳයි.. ලොකු අවුලක් නෑ.. ෂනෙරුවා මේ දඟලන මගුල් මැඩම් ලොකු අම්මට කිව්වොත් ලොකු අම්මා මූව ගෙදර ගිහින් මකාවි..

මම ක්ලාස් එකට යද්දි මුළු ක්ලාස් එකේම ළමයි එළියට වෙලා කණු වලටයි බිත්ති වලටයි හේත්තු වෙලා කියවනවා.. ෂනෙරුවත් බිත්තියක් බදාගෙන අඬන්න වගේ ඉන්න නිසා මම ඌ ගාවට ගිහින් කරට අත දාගත්තා..

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now