99 කොටස

11.1K 1.2K 1K
                                    

" අම්මේ..!!!!!!!!!!! අම්මගෙ වීරයා ගෙදර ආවා..!!!!!!!!!!!!!!!!!!!!!!!!!"

මම වෑන් එකෙන් බැහැලා යන්තම් වැනි වැනි ගේට් එකට උම්මා එකක් දීලා ඒක ඇරගෙන ඇතුළට ආවා.. කෝ අනේ මේ කපල් එක රෑ වෙලා ඉස්තෝප්පුවෙ ලයිට් එකවත් දාලා නෑනෙ..

" අන්න සාලිය මිහිරාව ගෙදර ඇවිත් පදම වැඩිවෙලා පොකුණ පැත්තට යනවා.."

මම කරේ තිබ්බ බෑග් ටික බිමට දාලා පොකුණෙ මාළුවොන්ට හායි කියන්න ගියා.. සුද්දලා ටික හොඳින් සතුටින් හිටියා වෙන්නැති මේ දවස්වල.. මේ ගෙදර වසන නපුරු මන්තරකාරිය ඔයාලව හිර කරගෙන වද දීලා කන්නයි හදන්නෙ.. මන්තරකාරිගෙ හස්බන්ඩා හොඳ වුණාට එයැයි ගන්නෙම මන්තරකාරිගෙ පැත්ත.. මන්තරකාරි කව්ද.. මගේ හැඩකාර මණ්දාකිණි කෙල්ල.. මම පොකුණෙ ගැට්ටට අත් දෙක තියලා පොකුණට එබුණා..

" ආ මචංලා.. කාලා බීලද.."

" පුතා ගෙට එන්න.."

" ඉන්න තාත්තෙ.. කෝ මගේ සුරතල්ලු ටික නිදිද හලෝ.. ලලිතා..!! කාන්තී..!! මාලිනී..!! අයියො නිදිද කොහෙද.."

මම මාළුවොන්ගෙ නම් වලින්ම කතාකල්ලා බැලුවත් කිසිම රෙස්පොන්ඩ් එකක් තිබ්බෙ නෑ.. මේගොල්ලොන්ට තියෙන්නෙ සමාංශපුච්ච පෞච්ච වරල්.. ඒවා හරිම හැඩයි.. අනික ජලක්ලෝම පිධාන තියනවා.. ඇටසැකිල්ල කාටිලේජ නෙමෙයි නිසා අපිට නිගමනේකට එන්න පුළුවන් මේකෙ ඉන්න ඔක්කොම මාළුවො මිරිදියයි කියලා.. 

" තාත්තෙ කාන්තියි මාලිනියි ලලිතයි යසෝමයි සමරෙයි ඒගොල්ලොන්ගෙ ඇටසැකිල්ල හැදිලා තියෙන්නෙ කාටිලේජ වලින් නෙමෙයි නේද.. එතකොට එයාලා මිරිදියද.. ඔව් නේ.."

තාත්තා ඇවිත් මගේ අතින් ඇදගෙන ගෙට එක්කන් ගියා.. මම හොඳ පුතා වගේ තාත්තගෙ පස්සෙන් ඇදිලා ගෙට ගියා.. යද්දි අපේ අම්මා හැඩට කහ පාට සායකුයි සුදුපාට බ්ලව්ස් එකකුයි ඇඳගෙන මං දිහා බලාගෙන ඉන්නවා.. මම ගිහින් අම්මව දෝතින්ම බදාගෙන උස්සලා වටයක් කරකලා බිමින් තිබ්බා.. අම්මා මගේ පිටට තඩිබබා බෙරිහන් දුන්නා වට්ටන්න හදනවා කියලා.. වට්ටන්නෑ අප්පා මම වැටුණත්.. පිස්සු කෙල්ලහ්..

" ඔයාට පාළුහිතුණද අම්මෙ.."

" ඉක්කෙ මේ ළමයගෙ ගඳ.. ගිහින් නාගෙන එනවා මම දෙහි වීදුරුවක් හදන් එන්න.. සාලිය..!!! ඔයාගෙ බේබදු පුතාට බාතෲම් එක තියන තැන පෙන්නන්නකො.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now