115 කොටස

10K 1.1K 1.6K
                                    

" ඕහ් නෝ..!! last year මිස්ටර් හැන්ඩ්සම්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් එනවා.. සයිඩ් ප්ලීස් සයිඩ් ප්ලීස්..!!"

මමයි ෂනෙරුවයි සිනමන් ග්‍රෑන්ඩ් එකෙන් ඩ්‍රොප් කල්ලා කියාන් අයියා යනකල් ඉඳලා අපි හොටෙල් එකේ එන්ට්‍රන්ස් එක පැත්තට ඇවිදගෙන ආවා.. එන තැනම ස්කූල් කලර්ස් වලින් ඩෙකෝස් හුඟක් කල්ලා තිබුණා මාර ලස්සනයි.. කොහෙද ඒකෙ ලස්සන බලන්නවත් වුණේ නෑ මේ ජොනතන් කියලා ක්‍රිකට් ක්ලබ් එකේ කැප්ටන් පගෙක් ඉන්නවා තැනක යන්න බෑ විලාප තියනවනෙ.. ඌ මුළු සූට් එකේම ස්ටෝන්ස් අල්ලපු හෙන ලක්සරි ලුකින් කිට් එකක් ඇඳගෙන දුවගෙන දුවගෙන ඇවිත් මගේ නමයි නම්බර් එකකුයි තියන ටැග් එක කලිසමේ එල්ලලා මාව තැලිලා පොඩිවෙලා යන්න බදාගත්තා.. 

 " Oh my god..!! You look so sexy when you laugh.."

නෆ්‍රාසුත් කළුපාටට හුරු දම් පාට කිට් එකක් ඇඳගෙන සාක්කු දෙකටත් අත් දෙක ඔබන් ජොනාට බැන බැන උගේ පස්සෙන් ඇවිදගෙන ආවා.. තැන්පත් කියලා යන්තම් පොඩ්ඩක් හරි ඉන්නෙ ඌ විතරයි බලන් යද්දි..

" මරු.. ගමම දන්නවා මේ ඉන්නෙ අයුක අයියගෙ ටිලින් ටිලින් කියලා.. Ten points for ජොනතන්.."

" ගමම බැරිනම් රටම දැනගත්තුදෙන්.. හායි සනෙරු පැටියො.. එන්න යමු ඇතුළට.." 

ෂනෙරු ජොනතන්ගෙ මල විකාර වලට හිනාවෙවී නෆ්‍රාස් එක්ක අපිට පස්සෙන් ඇවිදගෙන ආවා.. මේ සැරෙත් මිස්ටර් හැන්ඩ්සම් ක්‍රිකට් ක්ලබ් එකෙන්ම බිහිවෙන්නද කොහෙද යන්නෙ.. ගිය වතාවෙ අයුක අයියට  මිස්ටර් හැන්ඩ්සම් වුණාම හම්බුණු යශ්ටිය අපාර්ට්මන්ට් එකේ තිබිලා මම ඒකෙන් උගේ පුපට දීලා ඌට මළ පැනලා විසාල රණ්ඩුවකින් පස්සෙ ඒක හොයාගන්න බැරි ඇඳුම් තොගයක් අස්සෙ අහලා යන්තම් සමථයකට පත් වුණා.. මට මතකයි අයුක අයියා ලංකාවෙන්ම ඉන්න හොඳම ටේලර්ගෙන් වයිට්-ගෝල්ඩ් මික්ස් වෙච්ච හෙන ගාණක කිට් එකක් ඇඳලා ෆොටෝස් දාලා තිබුණා.. ඒකෙ පැත්තක ලස්සන සමනල්ලු ගොඩක් ඩිසයින් කල්ලා ඒක කොලර් එක වෙනකල්ම ගෝල්ඩ් නූල් වලින් වැඩ දාලා තිබුණෙ.. ඇත්තටම ඒක ඇන්දහම අයුක අයියා මාළිගාවක ඉන්න ප්‍රින්ස් කෙනෙක් වගේ මං දැක්කෙ.. ඒක එච්චරටම ලස්සනයි.. අයුක අයියට කොහොමත් අමුතු ඇදිලා යන ලුක් එකක නිසා මිස්ටර් හැන්ඩ්සම් වෙච්ච එකේ කිසිම වැරැද්දක් මට පේන්නෙ නෑ.. ඒ මනුස්සයා ඒකට ඕනවට වඩා සුදුසුයි.. එතකොට රනර්-අප් වුණේ කියාන් අයියා.. ඌට ඉතින් සුදුදෝණිගෙන් තොර ලෝකයක් නැති මනුස්සයනෙ.. ඒ කාලෙ කියාන් අයියා රගර් ගහන කාලෙ නිසා මාර ඇඟක් තිබුණෙ.. බ්ලෙසර් එකට ගානට පිම්බිලා ආවහම අමුතු හොට් ගතියක් තියනවා.. දැන් නම් ස්පෝර්ට්ස් කරන්නෙ අඩුවෙන් නිසා ඇඟ බස්සගෙන තියෙන්නෙ.. ඒත් කියාන් අයියා බොඩි මේන්ටේන් කරන විදිය පට්ට.. ගිය සැරේ ගැදරින් එකේදි රධ්‍ය අයියා බෙස්ට් ප'සනැලිටි වුණා.. සයෝන් අයියා මිස්ටර් ටැලන්ටඩ් වුණා.. ඔහොම ඔහොම හෙන අවෝර්ඩ්ස් ගොඩක් දෙනවා මුළු අවුරුදු පුරාවටම ඉස්කෝලෙ වෙනුවෙන්, බාහිර වැඩවලදි දක්ශතා පෙන්නන අයට.. විශේෂෙන්ම මේකෙ හය වසරෙ ඉඳන්ම ඉස්කෝලෙ හිටපු අයට තමා තැන දෙන්නෙ.. හය කොහෙද අපි මේකෙ ඉන්නෙ එක වසරෙ ඉඳලනෙ.. හරිනම් උස්සගෙන ගිහින් ඉන්ඳෙව්වත් පාඩු නෑ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYOnde histórias criam vida. Descubra agora